සෑම දුෂ්කර රැකියාවක්ම සූරාකෑමක් සිදු නොකරයි.

එය අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් විය හැක.

ඔබ ඒ අවස්ථාවේ සිටින තත්ත්වය ද, ඔබ ඊට දක්වන ප්‍රතිචාර ද මෙය පැහැදිලි කර ගැනීමට වැදගත්වෙයි.

ඕනෑම රැකියාවක දුෂ්කර තත්ත්වයන්, නරක දින, වරදවා වටහා ගැනීම තිබිය හැක.

සූරාකෑමේ තත්වය ඊට වෙනස් ය.

සේවකයාට විරුද්ධ විය නොහැකි බව හෝ විරුද්ධ නොවන බව සේවායෝජකයා දැන, ඔහු විසින් පවත්වාගෙන යනු ලබන පාලන රටාවක් ඇතිකර ගැනීම ශ්‍රම සූරා කෑමක් වෙයි.

සේවා ස්ථානයක සූරාකෑම ආරම්භ වන්නේ එක්විටම නොවේ.

එය සෙමින් වර්ධනය වන සුළු අවස්ථාවන්ගේ එකතුවකි.

උදාහරණයක් ලෙස එක්මසක වැටුප ප්‍රමාද වීම පිළිගන්නා ඔබට, නැවත නැවතත් එම අවස්ථාවට මුහුණ දීමට සිදුවන්නේ නම්, ඒ ඔබේ සේවායෝජකයා ඔබව සියුම් ලෙස සූරාකන අවස්ථාවකි.

එක් සතියකදී විවේක දිනය තුළ සේවය කිරීමට සිදු වනු ඇත.

පසුව එය සෙමින් පුරුද්දක් බවට පත්වෙයි.

ඔබ ඒ පිළිබඳව ප්‍රශ්නයක් ඇසුවහොත්,

“කරදර ඇති නොකරන්න,”

“මෙය ඔබගේ වීසා බලපත්‍රයට බලපෑ හැකිය,”

“වෙනත් කිසිවෙකු මෙසේ පැමිණිලි නොකරයි.”

ලෙස සේවා යෝජකයා ලබාදෙන ප්‍රතිචාර නිසා ඔබ අධෛර්යයට පත්වනවා ඇත.

ඔහු ඔබේ රැකියාවේ වීසා බලපත්‍ර, ගමන් බලපත්‍ර, නිවාස සම්බන්ධ ලේඛනවල මුල් පිටපත් හෝ පසු පිටපත් තබා ගනිමින් ඒවා මතින් ඔබව පාලනය කිරීමට සූදානම් වනවා විය හැක.

මෙම රටා එකට දිගට නැවත නැවත සිදු වන විට, ඒවා තවදුරටත් සාමාන්‍ය නොවේ.

සේවකයාට විරුද්ධ වීමට හැකියාව නොමැති බව තේරුම් ගන්නා සේවා යෝජකයා, සියුම් ලෙස ඔබව සූරා කෑමට පත්කරන තත්ත්වයකි.

සූරාකෑම සහ වැරදි අවබෝධයෙන් ඇතිවන ප්‍රශ්න පිළිබඳව නිවැරදිව තේරුම් ගනිමු

ප්‍රතිචාර දැක්විය යුතු ආකාරය තීරණය කිරීමට පෙර, මෙම ප්‍රශ්න ඔබෙන්ම අසන්න.

• මෙය එක් වරකට වඩා සිදු වී තිබේද?
(වරක් සිදු වූ දුෂ්කර සිදුවීමක් බොහෝ විට වැරදීමක් හෝ වරදවා වටහා ගැනීමක් විය හැක.)
එයම නැවත නැවතත් සිදුවන්නේ නම්, එය සූරා කෑමක් විය හැක.

• ඔබ ඒ පිළිබඳව විමසන විට සේවායෝජකයා ප්‍රතිචාර දක්වයිද?
(සාධාරණ සේවා යෝජකයින් වැරදි නිවැරදි කර ගැනීමට උත්සාහ දරයි.
එහෙත් ඔබ සාධාරණ ප්‍රශ්නයක් සාමකාමී ලෙස අසන විට පවා ගැටලුව මග හරින, තර්ජනය කරන, ඔබව සේවයෙන් ඉවත් කිරීමට උත්සාහ දරන සේවායෝජකයෙක් නම් ඔහු ඔබව ශ්‍රම සූරා කෑමකට ලක් කරයි.

එක් ගැටළුවක් අහම්බයක් විය හැක.

එහෙත් වැටුප් ප්‍රමාද වීම, විවේකය නොලැබීම, ලේඛන ඔහු යටතේ තබා ගැනීම, වීසා බලපත්‍ර පිළිබඳ තර්ජනය මේ සියල්ලම එකට සිදුවන්නේ නම් එය අනිවාර්යයෙන්ම ශ්‍රම සූරා කෑමකි.)

විදේශීය ශ්‍රමිකයින් විශේෂයෙන් අවදානමට ලක් වන්නේ ඇයි?

ඔබේ නිවාස, ඔබේ සෞඛ්‍ය රක්ෂණය, ඔබේ වීසා බලපත්‍රය සහ ඔබේ එදිනෙදා කතා බහ යන සියල්ල සිදුවන්නේ සේවායෝජකයා හරහාය.

යහපත් සාධාරණ සේවායෝජකයෙක් එම තත්ත්වයට ගරු කර, ඔබව ආරක්ෂා කරන අතර, අයහපත් සේවායෝජකයා එයම යොදාගෙන ඔබව සූරා කෑමට ලක්කරයි.

අසාධාරණ සේවායෝජකයින් ඇතැම් විට වැටුප් පිළිබඳ විමසුවහොත් වීසා අවලංගු කරන බව පවසමින් ඔබව බියවද්දනවා විය හැක.

සැබෑව එය නොවේ.

මේ ඔබව බියගන්වන ක්‍රමයයි.

එමෙන්ම පිටස්තර පුද්ගලයින්, ප්‍රජානායකයන්, පරිවර්තකයන්, නිල ආයතනය වල උපදෙස් නොපතන ලෙස අනතුරු අඟවයි නම්, එයම ඔහු ඔබව සූරා කෑමකට ලක් කරන බවට සාධකයකි.

ඔහු ඔබව මානසිකව සිරකිරීමටත්, තොරතුරු සැඟවීමටත් උත්සාහ දරයි.

ආරක්ෂිතව ප්‍රතිචාර දක්වන ආකාරය

සූරාකෑමට එරෙහිව ඇති ආරක්ෂිතම ප්‍රතිචාරය නිහඬව, ප්‍රවේශමෙන් ලේඛනගත කිරීමකි.

ඔබට උදව් ලබා ගැනීමට හැකි පුද්ගලයෙකු හෝ නිලධාරියකු සමග එක්ව, මෙම ගැටලුවට විසඳුම් සෙවීම වඩා යෝග්‍ය වේ.

ඔබ යම් පියවරක් ගැනීමට පෙර ඔබේ සාක්ෂි ගොඩනඟන්න.

වැටුප් පත්, පණිවිඩ, කොන්දේසි වල ඡායාරූප වැනි දෑ සුරක්ෂිතව තබාගන්න.

ගැටලු සහගත සිදුවීම් සිදුවන ආකාරය පිළිබඳ කෙටි දින සටහන් ලියන්න.

(23 වැනි වගන්තිය මෙය විස්තර කරයි)

රැකියාව අවසන් වුවහොත්ම සිදු වන්නේ කුමක්ද?

රැකියා අවසානයේ පාරිතෝෂිකයට ඔබට හිමිකම් කිව හැකිද?

රැකියා අවසානය පිළිබඳ ඔබ දැනුම් දිය යුත්තේ කෙසේද?

සේවායෝජකයා ඔබට “නිර්මාපිත සේවයෙන් ඉවත් කිරීමක්” කළහොත් අයිතිවාසිකම් ලබාගත හැකිද?

(19 සහ 20 වගන්ති මේවා විස්තර කරයි)

සිදු වන දේ, සේවා ස්ථානයෙන් පිටත එක් විශ්වාසවන්ත පුද්ගලයෙකුට කියන්න.

ඔබට සහය අවශ්‍යම මොහොතක මේ පිළිබඳ දන්නා තව එක් පුද්ගලයකු හෝ සිටිය යුතු නිසාය.

ඔබේ තත්වයට අදාළව උදව් ගත හැකි ආයතනය කුමක්දැයි සොයා ගන්න.

කම්කරු අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් සඳහා

ඔම්බුඩ්ස්මන් නිලධාරියා

කම්කරු අමාත්‍යාංශය වෙනුවෙන්, කම්කරු අයිතිවාසිකම් පැමිණිලි භාර ගන්නා අතර, භාෂා කිහිපයකින් ක්‍රියාත්මක වේ.

නීතිඥයෙක් වෙනුවට ක්‍රියාත්මක වේ.

PIBA ආයතනය වීසා සහ නීතිමය තත්ත්වයන් සම්බන්ධ ගැටළු හසුරුවයි.

HaKeren යනු ඊශ්‍රායලයේ විදේශ ශ්‍රමිකයන්ට සහාය වන ස්වාධීන සංවිධානයකි.

හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන්න.

ඊශ්‍රායලයේ වැටුප් සහ කම්කරු අයිතිවාසිකම් හිමිකම් වසර හතක් දක්වා ක්‍රියාත්මක කළ හැක.

නමුත් සමහර අයිතිවාසිකම් ඉක්මනින් කල් ඉකුත් වේ.

ඔබ සූරා කෑම පිළිබඳව දත්ත ලේඛනගත කරන්නේ නම් ඒවා ඉදිරිපත් කිරීමට හැකි වන්නේත්, සාධාරණය ලබාගැනීමට හැකි වන්නේත් ඉක්මනින් ක්‍රියාත්මක වූ තරමටය.

ඔබ මුහුණ දෙන තත්වය ශාරීරික හානියක් හෝ සේවා ස්ථානයේ තුවාලයක් සම්බන්ධව නම්, ඒ සඳහා සහාය ලබාගත හැකි පද්ධති දෙකක් ඇත.

ඒවා නම්

• කම්කරු නීතිය
• ජාතික රක්ෂණ ආයතනය (Bituach Leumi)

ඔබට සිදුවන ශාරීරික හිංසනය මෙම ආයතනයන්ට වාර්තා කරන්න.

වාර්තා කිරීමම පසුවට ඔබ ගන්නා නීතිමය ආරක්ෂණයට උපකාරයකි.

දුෂ්කර සේවා තත්ත්වයකට වඩා අපහසුතාවයක් ඔබ විඳිනවාද?

ඒ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග දැනගැනීමට LankaConnect හරහා විශේෂඥයෙකුගේ සහාය ලබා ගන්න.

ඔබට අවශ්‍ය පිළිතුරු නොලැබුණත් ඔබ ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යන්න සොයා ගත හැක.

ආරක්ෂාව පළමු කොට සිතන්න

ඔබේ ශාරීරික ආරක්ෂාවට ක්ෂණික අවදානමක් තිබේ නම්, වහාම උපකාර ලබා ගන්න.

හදිසි සේවා

• පොලිසිය: 100
• ගිලන් රථය: 101
• ප්‍රජා සහාය අමතන්න

ඉන්පසුව ඔම්බුඩ්ස්මන් නිලධාරියා හරහා පැමිණිලි කළ හැක.

ඔහු කම්කරු පැමිණිලි හසුරුවනු ඇත.

(මෙය ක්ෂණිකව සිදු නොවන නිසා, ඉහත දැක්වූ ලෙස ඔබගේ ආරක්ෂාව සලසා ගැනීමෙන් පසු නීතිමය ක්‍රියාමාර්ග වලට පිවිසෙන්න.)

පහත අවස්ථා පිළිබඳව විමසිලිමත් වන්න

• ඔබ එක් දුෂ්කර සිදුවීමකට පමණක් නොව දුෂ්කර සිදුවීම් බොහෝමයකට මුහුණ දෙනවාදැයි හඳුනා ගන්න.

• ඔබ මීට පෙර ගැටලුවක් මතු කළ විට සේවායෝජකයා සාධාරණ ලෙස ප්‍රතිචාර දක්වා තිබේද? නැද්ද? ඔබම එය සාධාරණව සොයාගන්න.

• දිනයන් සමග ගැටලු පිළිබඳ කෙටි සටහන් ලේඛනගත කරන්න.

• සිදු වන දේ සේවා ස්ථානයෙන් පිටත, එක් විශ්වාසවන්ත පුද්ගලයෙකුට දන්වන්න.

• අර්බුදකාරී අවස්ථාවකට පැමිණීමට පෙර ඔම්බුඩ්ස්මන් නිලධාරියා හෝ PIBA ආයතනය අමතන්න.

• ආරක්ෂාව ක්ෂණිකව අවදානමට ලක්ව තිබේ නම්, පළමුව අවශ්‍ය උපකාර ගෙන ඔබේ ආරක්ෂාව සලසා ගන්න.

මේ සඳහා උපදෙස් ලබා ගත හැකි ආයතන ලෙස

  1. ඔම්බුඩ්ස්මන් නිලධාරියා
    කම්කරු අමාත්‍යාංශය
    (වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට භාෂා කිහිපයකින්ම උපදෙස් ගත හැක.)
  2. Shlomo (Selma) ආයතනය
    53 පාර, ටෙල් අවිවි

gov.il Foreign Worker Rights
(search: foreign worker rights)

  1. PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
    ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.

piba.gov.il

  1. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද,
    ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.

1 Ben Gorion Street, Bnei Brak
03-527-7635

  1. LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.