සේවා ස්ථානය තුළදී ඔබට අත්විඳින්නට සිදුවන සිදුවීම් අතර, කාලයක් තිස්සේ කිසියම් අසාධාරණ හෝ අපයෝජන තත්ත්වයන් දැනී තිබෙනවා විය හැක.

නමුත් යමෙකු ඔබෙන් පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටින විට, තත්වය විස්තර කිරීමට සාධක නොමැත.

දින අවිනිශ්චිත ය.

ඔබ ආරක්ෂා කළ පණිවිඩය සහිත දුරකථනය නැතිවී තිබිය හැක.

මෙවැනි ලියකියවිලි තබා ගැනීමට, නීතිමය දැනුම නොව අවශ්‍ය වන්නේ පුරුද්දයි.

සිදුවීම සිදුවූ විගස වාර්තා කිරීම තුළින් බොහෝ කාලයකට පසුව වුවත් එය අර්ථවත්ව භාවිතා කළ හැක.

මෙම ලිපියේ අරමුණ වන්නේ ඔබට ඒ පිළිබඳව පැහැදිලි කිරීමයි.

ප්‍රබල සාක්ෂි සරලය.

දිනයක් සහිතය.

ඒ තුළ අඩංගු වන දේ ප්‍රශ්න වලට පිළිතුරු සපයයි.

සම්බන්ධ වූයේ කවුද?

සිදු වූයේ කුමක්ද?

ස්ථානය කුමක්ද?

යන ප්‍රශ්නවලට පිළිතුරු ඇතුළත්ය.

• සම්පූර්ණ වැටුප් පත්‍රිකාවක්
• දිනය සහිතව ගත් බැංකු වාර්තාවක ඡායාරූපයක්
• සංස්ලේෂණය නොකරන ලද සම්පූර්ණ WhatsApp පණිවිඩ දාමයක්

වැනි සාක්ෂි පවා ඉතා ප්‍රබලය.

කපා කොටා ඇති, දත්තයන් අඩු, දිනයන් නැති, විසිරුණු, මතකයෙන් පමණක්ම දැක්විය හැකි සාක්ෂි දුර්වලය.

මේ සඳහා ඔබට විශේෂ මෙවලම් අවශ්‍ය නොවේ.

ඔබේ දුරකථනයම එයට සෑහේ.

එහි එක් ස්ථානයක ඔබේ සියලූම සාක්ෂි ගබඩා කරන්න.

ගබඩා කිරීමේදී ඒවා තුළ තිබිය යුතු වැදගත් අංග, විශේෂයෙන් දින, ඡායාරූපයක් ගන්නේ නම් සම්පූර්ණ කොටස ආවරණය වන ලෙස ගත්, සිදුවීමක් සිදුවූ ස්ථානය සහ ඊට සම්බන්ධ වූ පුද්ගලයන් වැනි සියලුම දේ සමඟ එහි දත්ත සටහන් කරන්න.

කාණ්ඩ ලෙස

  1. වැටුප්
    වැටුප් පත්‍රිකා, වැටුප් බැංකු අතර හුවමාරු පිළිබඳ බැංකු වාර්තා, මාසය සහ දිනය සමඟ
  2. පණිවිඩ
    සේවායෝජකයා සහ ඔබ අතර ඇති වූ වැදගත් පණිවිඩවල ඡායාරූප (screenshots)
  3. සිද්ධි
    ඔබ දුෂ්කර සිදුවීම් වලින් පසුව ඒ පිළිබඳව ලියන සටහන්
  4. කාලසටහන
    ඔබේ වැඩ කාල සටහන සහ ඒවා වෙනස් කළ ආකාරයේ දත්ත
  5. වෛද්‍ය
    අසනීප නිවාඩු සහ ඒවාට අදාළ වෛද්‍ය වාර්තා
  6. නිවාස
    ඔබගේ නවාතැන් සම්බන්ධ ඡායාරූප සහ ඊට අදාළ ගිවිසුම්

විස්තර ගොනු ලෙස විස්තර කරන්න

“2026-04-වැටුප්-අතිකාල-අතුරුදහන්”

සාක්ෂි ලෙස පසු කලෙක මේ අයුරින් සටහන් කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ.

ඔබේ මෙම සාක්ෂි ෆෝල්ඩරය විද්‍යුත් තැපෑලට email, google drive හිද තැන්පත් කරන්න.

තවත් විශ්වාසවන්ත පුද්ගලයකුගේ දුරකථනයකට යවා, එය සුරක්ෂිත කරගන්න යැයි ඉල්ලීමක් කරන්න.

(ඔබේ දුරකථනය නැතිවූ අවස්ථාවේදීත්, අක්‍රිය වූ අවස්ථාවේදීත් ප්‍රයෝජනවත් වෙයි)

ඔබේ වැටුප ප්‍රමාද වී නම්

• ගෙවීම් පත්‍රිකාව
• අපේක්ෂිත ගෙවීමේ දිනය
(උදාහරණ: සාමාන්‍ය රීතියක් ලෙස ඊළඟ මාසයේ 9 වැනි දින)
• මුදල් ඇත්ත වශයෙන්ම ඔබේ බැංකු ගිණුමට පැමිණි දිනය
• ප්‍රමාදය ගැන විමසමින් ඔබ යැවූ පණිවිඩ
• ඔබට ලැබු පිළිතුරු

ගබඩා කරගන්න.

ප්‍රමාද වී වැටුප් ගෙවූ මාසයක සම්පූර්ණ වාර්තාවක් මෙසේ දැක්විය හැක

• වැටුප් ලැබිය යුතු දිනය — අප්‍රේල් 9
• අප්‍රේල් 10 — පණිවිඩයක් යැවුවා ගෙවීම එන්නේ කවදාද කියලා අහලා
• අප්‍රේල් 12 — පිළිතුරු දුන්නා තාක්ෂණික දෝෂයක් තියෙනවා කියලා
• වැටුප පැමිණියේ — අප්‍රේල් 15

මෙවන් පණිවිඩ සටහන් කිරීමෙන්, මාස කීයක එවන් සිදුවීම් සිදුවී ඇත්ද?

එය රටාවක් ලෙස සිදුවෙනවාද යැයි සොයා ගත හැක.

සැක සහිත වැටුප් අඩු කිරීමක් සඳහා

එක්මසක වැටුපෙන් අඩුවීම තාක්ෂණික දෝෂය විය හැක.

එහෙත් දිගින් දිගටම එවන් අඩුවීම සිදු වෙනවාදැයි අවධානයෙන් සිට, ඔබට නොතේරෙන අඩු කිරීමක් දුටු විට වැටුප්පත් පිළිවෙලින් තබාගන්න.

එවිට එය අතපසුවීමක් යැයි කිව නොහැක.

වාචික අපයෝජනය, තර්ජන හෝ අවමානය සඳහා

වහාම සටහනක් ලියන්න.

ඔබ සටහන් ලියන විට විධිමත් නීතිමය භාෂාවක් අවශ්‍ය නොවේ.

එදිනම කෙටි සත්‍ය සටහනක් ඔබේ වචනයෙන්ම ලියන්න.

උදාහරණ

“මැයි 12, රාත්‍රී 7:30 ට පමණ, මුළුතැන්ගෙයෙහි, [කියවූ තැනැත්තාගේ නම] ඔවුන්ගේ හඬ අවදි කර, වැටුප් පිළිබඳ ප්‍රශ්න ඇසීම නිසා වීසා ගැටලු ඇතිවිය හැකි බව කීවේය.

තවත් සේවකයන් දෙදෙනෙක් පැමිණ සිටියහ.”

ඒ සටහන සති තුනකට පසුව ලියන ලද දීර්ඝ හැඟීම්බර සටහනකට වඩා ප්‍රයෝජනවත්ය.

එයට දිනයක්, ස්ථානයක් ඇත.

උපුටා දැක්වීමක් සහ සාක්ෂිකරුවන් ඇත.

සිදුවීම සැලකිය යුතු තරම් තර්ජනයක් නම්, එදිනම විශ්වාසවන්ත පුද්ගලයෙකුට කියන්න.

කෙටි පණිවිඩයක් පවා ප්‍රමාණවත්ය.

“අද යමක් සිදු වූ අතර මම එය ලියා තැබුවෙමි”

මෙවැනි දැනුම් දීමක් දෙවන වාර්තාවක් නිර්මාණය කරයි.

එය වඩා යහපත්ය.

ඔබට දෙනු ලබන නිවාසෙහි සම්පූර්ණයෙන්ම වීඩියෝ ගත කිරීමක් කරන්න.

සිදුවී ඇති හානි පමණක් ගැනීම ප්‍රමාණවත් නොවේ.

සමීප ඡායාරූප පමණක් නොවෙයි, සම්පූර්ණ මුළු කාමරේම ඡායාරූප ගන්න.

කාමරයට පිවිසුම් දොරටුව අසල සිට මුළු කාමරයම ඡායාරූප කරන්න.

තවත් සාක්ෂි අවශ්‍ය දැයි ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් LankaConnect හරහා විමසන්න.

වාර්තා කිරීමේදී ඇති වන පොදු ලේඛන වැරදි

• ඔබ ලබා ගන්නා ඡායාරූප කපා කොටා සකස් කිරීමට යාමෙන් දිනය, යවන්නාගේ නම, සංවාදයේ වටිනා කොටස් නැති විය හැක.

• ගැටලුව සිදුවූ අවස්ථාවේදී තබාගන්නා කෙටි වටිනා සටහන්, පසුව ලියන දිග සංවේදී සටහන්වලට වඩා නීතිමය කරුණු අතින් වටිනාකමක් ඇත.

• ඔබ ඉක්මනින්ම නිවසෙන් පිටව ගියහොත් ඔබ ඔබේ වැටුප් පත්‍රිකා සහ අනෙකුත් ලේඛන තැන්පත් කර තැබූ තැනින් ඒවා ලබා ගැනීමට ලිඛිතව ඔබේ සේවායෝජකයාගෙන් ඉල්ලා සිටින්න. නැතහොත් ඔහුගේ පිටපත් ඉල්ලා සිටින්න.

• ඒවා ලබා දීමට ඔහුට නීත්‍යානුකූලව සිදුවේ. ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ නම්, ඔම්බුඩ්ස්මන්වරයා හරහා ඒ සඳහා බලපෑමක් කළ හැක.

• ජාතික රක්ෂණ ආයතනය (Bituach Leumi) ද වාර්තා කරන ලද වැටුප් පිළිබඳ වාර්තා දරයි.

විධිමත් පැමිණිල්ලක නැතිවූ වැටුප් පත්‍රිකා සඳහා ආදේශකයක් ලෙස ඒවා භාවිතා කළ හැක.

ඔබ සතු එකම සාක්ෂි පිටපත නිවස තුළ පමණක් ගබඩා නොකරන්න.

නිවසෙන් බාහිරවද, ඩිජිටල් ක්‍රමයටද ඒවා තැන්පත් කිරීම වඩා යෝග්‍ය වෙයි.

පහත සඳහන් කරුණු පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න

• පැහැදිලි කාණ්ඩ සහිත “වැඩ වාර්තා” ෆෝල්ඩරයක් අවම වශයෙන් ඔබේ ජංගම දුරකථනය තුළ සාදන්න.

• ඔබ ලිපිගොනු නම් කිරීමේ දී, ජංගම දුරකථනය විසින් දෙනු ලබන නම වෙනුවට, දිනය සහ දත්ත අනුව ලේඛනය නම් කරන්න.

• සෑම මසකම සම්පූර්ණ ගෙවීම් පත්‍රිකා (වැටුප්පත්) බැංකු වාර්තා සුරකින්න.

• ඕනෑම බරපතල සිදුවීමකින් පසු කෙටි සත්‍ය සටහනක් එදිනම ලියන්න.

• WhatsApp සංවාදවල ඡායාරූප ගැනීමේ දී, කොටස් නොව සම්පූර්ණයෙන් සංවාදයම ගන්න.

• ඔබගේ දුරකථනයෙන් පිටත වෙනත් ස්ථානයක ඔබගේ ලේඛන ස්ථානගත කරන්න. විශ්වාසවන්ත පුද්ගලයෙකුගේ දුරකථනයේ හෝ Gmail, Google Drive වැනි තැනක.

මේ සඳහා උපදෙස් ලබා ගත හැකි ආයතන ලෙස

• ඔම්බුඩ්ස්මන් නිලධාරියා
කම්කරු අමාත්‍යාංශය
(වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට භාෂා කිහිපයකින්ම උපදෙස් ගත හැක.)

• Shlomo (Selma) ආයතනය
53 පාර, ටෙල් අවිවි

gov.il Foreign Worker Rights
(search: foreign worker rights)

• PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.

piba.gov.il

• ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද,
ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.

1 Ben Gorion Street, Bnei Brak
03-527-7635

• LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න.

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.