
විවේකය සහ ආගම යනු ඉතා මානුෂීය සහ සංවේදී මාතෘකාවේ.
එමෙන්ම බොහෝ විදේශීය ශ්‍රමිකයින්, මේ පිළිබඳ අවශ්‍යතා ඇතත්, තම සේවායෝජකයා ඉදිරියේ නිහඬ වේ.
ඒ පිළිබඳව කතා කිරීමෙන් සේවායෝජකයා, තමන් පිළිබඳව වැරදි වටහා ගැනීමක් ඇතිකර ගනී යන බියත්, රැකියාව අවධානමකට ලක් කිරීමට ඇති බියත් නිසාය.
නමුත් විවේකය විශේෂ වරප්‍රසාදයක් නොවේ.
නිවාඩු යනු විශේෂ ඉල්ලීමක් මත ලබන දෙයක්ද නොවේ.
ඒ දෙකම අයිතිවාසිකම්ය.
ඔබ ඒවා පිළිබඳ නිවැරදිව තේරුම් ගත්විට, ඒවා ලබා ගැනීමටත් අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමටත් හැකිවනු ඇත.
සතිපතා විවේකය
ඊශ්‍රායලයේ සෑම සේවකයෙකුටම සතිපතා අවම වශයෙන් අඛණ්ඩව පැය 25ක විවේකයක් හිමිවේ.
අඛණ්ඩ පැය විසි පහක් යනු එක දිගට ලැබිය යුතු පැය 25කි.
විවේක දිනයක් ලබන නමුත්, ඒ අතරමගදී හදිසියකට රැකියාවේ නිරත වීමකට සිදුවීමත්, සේවායෝජකයාගේ ගෙන් ලැබෙන ඇමතුම් සහ පණිවිඩ වලට ක්ෂණික ප්‍රතිචාර ලබාදිය යුතු වීමත්, රැකියාව සම්බන්ධයෙන් යම්කිසි වගකීමක නියැලීමට සිදුවීමත් යන මේ අවස්ථා, සතියකට වරක් ඔබ ලබන අඛණ්ඩ පැය විසිපහේ විවේකය, අහිමි කරවයි.
දිගින් දිගටම මෙය සිදුවන්නේ නම්, ඒ පිළිබඳව ඔබ සටහන් කරගත යුතුය.
සේවායෝජකයාගෙන් ඒ පිළිබඳව විමසිය යුතුය.
ඒ සේවායෝජකයා සමඟ ගැටුමක්ම ඇති කර ගැනීමට නොවේ.
ගිවිසුම් කඩදාසියකට පමණක් අයත් සති නිවාඩුවකින් ඔබට ප්‍රයෝජනයක් නැති හෙයිනි.
යුදෙව් නොවන කම්කරුවන් සඳහා නිවාඩු අයිතිවාසිකම්
2026 විදේශ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් අත්පොතට අනුව,
වසරකට ආගමික නිවාඩු දින 9 ක් දක්වා ගෙවීම් කරන නිවාඩු ලැබීමට විදේශ සේවකයින්ට හිමිකම් ඇත.
එම දින, තමන්ගේ ආගමික දිනවීම හෝ, යුදෙව් රජයේ නිවාඩු දින විය හැකිය.
ඔබට සතියේ විවේකය ලබන දිනයටම ආගමික නිවාඩු දිනයද වැටුණහොත් මිස, අනෙකුත් තෝරාගත් ඕනෑම දිනෙකට වැටෙන ආගමික නිවාඩුවක් සඳහා ඔබට ගෙවීම් ලැබිය හැක.
පුර පසළොස්වක පොහොය දින පෙරදැරි කරගත් ආගමික වතාවත් වලින් හෙබි ශ්‍රී ලාංකික බෞද්ධ ශ්‍රමිකයන්ට මෙය සෘජුවම වැදගත් වේ.
නමුත් ඊශ්‍රායලයේ පොහොය දිනය, පොදු නිවාඩු දිනයක් නොවේ.
මේ නිසා ඔබට වඩා වැදගත් වන, වෙසක් පොහොය, පොසොන් පොහොය, සිංහල දෙමළ අලුත් අවුරුදු දිනය යන දින ඇතුළුව ඔබට ගත හැකි දින මොනවාදැයි සොයා දැනගත යුතුය.
ඊශ්‍රායල නීතිය යටතේ ඔබේ තත්වයට අදාළ වන නිශ්චිත නිවාඩු මොනවාදැයි ඔබට පැහැදිලි අවබෝධයක් නැත්නම් පිළිබඳව උපකල්පනය කරනවාට වඩා විශේෂඥයෙකුගෙන් විමසීම වැදගත් වෙයි.
ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික බෞද්ධ සේවකයෙකු ලෙස, ඔබට අදාළ වන නිවාඩු මොනවාදැයි ගැටලුවක් පවතීද?
නිශ්චිත තත්ත්වය සඳහා පැහැදිලි පිළිතුරක් ලබා ගැනීමට LankaConnect වෙබ් අඩවිය භාවිතා කරන්න.
වැටුප සහිත නිවාඩු සහ වාර්ෂික එකිනෙකට වෙනස්ය
ඔබගේ සේවා කාලසටහන තුළ සුදුසුකම් ලත් නිවාඩුවක් වැටෙන්නේ නම්,
එය සාමාන්‍ය දිනක වැටුපක් ලෙස ගෙවිය යුතුය.
එය ඔබගේ වාර්ෂික නිවාඩුවෙන් අඩුවන්නේ නැත.
නිවාඩු පිළිබඳ වන පහත අක්‍රමිකතාව නැත්නම් පටලැවිල්ල බොහෝ අවස්ථාවල සිදුවේ.
නියමිත නිවාඩු දිනයකට පසු ලැබෙන වැටුප්පතෙහි එම නිවාඩු දිනය ඔබට අයත් නිවාඩු වලින් අඩුකොට තිබීය හැක.
නැතිනම් ඔබේ වැටුපෙන් අඩු කිරීමක් කොට තිබීය හැක.
ඇතැම් විට එය අත්වැරදීමක් විය හැක.
නැත්නම් සිතා මතාම කරන ඔබගේ අයිතිවාසිකම් කප්පාදුවක් විය හැක.
පැහැදිලි කිරීමකින් තොරව, ලැබිය යුතු පොදු නිවාඩුවක් ඔබගේ නිවාඩු වලින් කපා ඇත්නම් එය ප්‍රශ්න කිරීම වටී.
මෙවන් අක්‍රමිකතාවයක් වරෙක විවේක දිනයක් සඳහා සිදුවිය හැක.
තවත් වරෙක ආගමික දිනයක් සඳහා සිදුවිය හැක.
සේවා යෝජකයාගෙන් විමසීමට ඇති අකමැත්ත නිසා ඔබ නිහඬ වෙනවා විය හැක.
මෙම අක්‍රමිකතාවය දිගින් දිගටම සිදුවන විට අවසානයේ එය සාමාන්‍ය දෙයක් බවට පත්වෙයි.
ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගත් ඔබ ඉබේම එයට ගොදුරු වෙයි.
සේවායෝජකයාගෙන් අනවශ්‍ය ගෞරවය බලාපොරොත්තු නොවී ඔබගේ අවශ්‍යතාවය කෙලින්ම ප්‍රකාශ කරන්න.
උදාහරණ
“මගේ සතිපතා විවේක දිනය සිකුරාදා විය යුතුයි එම වැඩපිළිවෙළ මට ලිඛිතව තහවුරු කරන්න.”
“මගේ වෙසක් නිවාඩු දිනය මට අයත් නිවාඩු නමයෙන් එකක් ලෙස ගැනීමට කැමති යි”
ලෙස දක්වා ඒ බව ලිඛිතව තහවුරු කිරීමට ඉල්ලීමක් කළ හැක.
මෙම ක්‍රමවේදය ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වය වර්ධනය වීමට ඇති ඉඩ ඉවත් කරයි.
සත්කාරක සේවයේදී නම්, විශේෂයෙන් එවන් හදිසි අවස්ථා මතුවිය හැක.
එය සාධාරණය ඉල්ලීමක් විය හැක.
ඔබ එසේ නිවාඩු දිනයකදී ද සේවය කළේ නම්, දිනය වෙලාව එසේ කිරීමට ඔබට දැනුම් දුන්නේ කවුද පිළිබඳ සටහන් තබාගන්න.
ඉන්පසු ලැබෙන ආසන්නම වැටුපතෙහි, එම දිනයට සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කර ඇත්දැයි සොයා බලන්න.
එසේ නොවේ නම් සේවායෝජකයාගෙන් විමසන්න.
සැබෑ ජීවිතයේ උදාහරණ
1)
සේවකයෙකු සෑම රජයේ නිවාඩුවක්ම ස්වයංක්‍රීයව අදාළ වේ යැයි උපකල්පනය කරයි.
පසුව සොයාගන්නේ දින කිහිපයක් වාර්ෂික නිවාඩුවෙන් කපා හැර ඇති බවයි.
(භාවිතා කරන්නේ කුමන නිවාඩු දින දර්ශනයද? පිළිබඳව විමසිලිමත් විය යුතුය)
2)
සේවකයෙකු ඇමතුම්වලට පිළිතුරු දීමට එකඟ වන අතර සෑම විවේක දිනකම ටික වෙලාවකට හෝ ආපසු පැමිණීමට එකඟ වේ.
මේ හේතුව නිසා මාස කිහිපයක්ම කිසි දිනක සැබෑ බාධාවකින් තොරව, සතිපතා විවේකයක් නොලැබූ බව වැටහුණි.
එහෙත් ඒ පිළිබඳව ලිඛිත සටහනක් නොමැති වූ කල සේවායෝජකයාගෙන් ඇසීම අසීරුය.
3)
සේවකයෙකු වෙසක් දිනය, නිවාඩුවක් ලෙස ගත කිරීමට දින දෙකකට පෙර ඉල්ලා සිටී.
එය ඉතා කෙටි දැනුම් දීමක් නිසා, එසේ නොහැකි බවත් සති තුනකටවත් පෙර ඉල්ලා සිටියේ නම් දිය හැකිව තිබුණ බවත් කිව හැක.
පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න
• ඔබේ සතිපතා විවේක දිනය කුමක්දැයි දැනගෙන, හැකිනම් එය ලිඛිතව තහවුරු කරන්න.
• ඔබ භාවිතා කිරීමට බලාපොරොත්තු වන නිවාඩු දින 9 හඳුනාගෙන, ඒවා කල් වෙලා ඇතුව සේවා යෝජකයාට දැනුම්දෙන්න.
• විවේක දින බාධා කිරීම්, සාමාන්‍ය දෙයක් වීමට ඉඩ නොදෙන්න. දිගින් දිගටම එසේ වන්නේ නම්, ලේඛනගත කරන්න. සේවායෝජකයාගෙන් විමසන්න.
• ඔබේ වැටුප් සහිත නිවාඩු, එලෙසම සලකනවාද, නැතහොත් වාර්ෂික නිවාඩු ලෙස සලකනවාද යන්න ලැබෙන ආසන්නතම වැටුපතෙන් දැනගන්න. විෂමතාවයක් ඇතොත් සේවායෝජකයාගෙන් විමසන්න.
• විවේක දිනවල හෝ නිවාඩු දිනවල සිදු කරන ඕනෑම, රැකියාවට සම්බන්ධ වීමක් පිළිබඳ ලිඛිත දත්තයන් තබාගන්න.
• සේවා යෝජකයාගෙන් විමසීමේදී, ඔබ තබාගත් ලිඛිත සටහන්ද සමඟ ඉදිරිපත් කරන්න.
මේ සඳහා උපදෙස් ලබා ගත හැකි ආයතන ලෙස
• ඔම්බුඩ්ස්මන් නිලධාරියා
කම්කරු අමාත්‍යාංශය
(වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට භාෂා කිහිපයකින්ම උපදෙස් ගත හැක.)
• Shlomo (Selma) ආයතනය
53 පාර, ටෙල් අවිවි
gov.il Foreign Worker Rights
(search: foreign worker rights)
• PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.
• ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද,
ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.
1 Ben Gorion Street, Bnei Brak
03-527-7635
• LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න.

Comments