විදේශ ශ්‍රමිකයන් බොහෝ විට ඊශ්‍රායලයට රැකියා සඳහා පැමිණි දිනයේම සේවා ගිවිසුම අත්සන් කරයි. කලබලකාරී එවන් තීරණ, පසුකාලීනව ඔබට අවාසි සහගත විය හැක.
ගිවිසුම හොඳින් කියවීමටත් අධ්‍යයනය කිරීමටත් ඔබට පැය විසිහතරක කාලයක් නීතියෙන් අවසර තිබේ.
ඊශ්‍රායලයේ ගිවිසුම් බොහෝවිට ඇත්තේ හීබෘ භාෂාවෙනි. එහි පරිවර්තනයක් ඉල්ලා සිටින්න.
ගිවිසුමේ ඡායාරූපයක් Google පරිවර්තනය හරහා පරිවර්තනය කොට අවම වශයෙන් දළ අදහසක්වත් ලබා ගන්න.
හීබෘ භාෂාව ඔබට පැහැදිලි කර දිය හැකි ඔබගේ මිතුරෙකුගෙන් හෝ WhatsApp සමූහයකින් පැහැදිලි කරගන්න.
HaKeren
Hotline: 1-222-3450 / *3450
විදේශීය ශ්‍රමිකයන්ට නීති උපදෙස් ලබාදෙන ආයතනයෙන් ගිවිසුමේ ඇති ඔබට අපැහැදිලි තැන් පිළිබඳ දැනුවත් වන්න.
ගිවිසුම අත්සන් කිරීමට පෙර පහත සඳහන් කරුණු විමසා බලන්න
සම්පූර්ණ මාසික අවම වැටුප
6,443 NIS
(අගයක් ලෙස ගිවිසුමේ සඳහන් විය යුතුය)
එය වසරකට වරක් වැඩි විය යුතුයි.
gov.il වෙබ් අඩවියෙන් විස්තර දැන ගන්න.
සේවා කාලය සහ අතිකාල
නීතියට අනුව සතියකට පැය 42ක උපරිමයකින් සේවය කළ හැක.
දවස් පහක සතියක් සඳහා දිනකට පැය 8.5 කි.
මීට වඩා වැඩිවන පැය සඳහා අතිකාල ගෙවිය යුතුය.
• අතිකාල පළවන පැය දෙකට පැයකට 125%
• ඉන්පසු එකතුවන පැයක් සඳහා පැයකට 150%
සතියකට සේවය කළ යුතු කාලය, දිනකට සේවය කළ යුතු කාලය, අතිකාල දීමනා යන දේ පිළිබඳව ගිවිසුම පැහැදිලි කළ යුතුය.
සති නිවාඩු සහ වාර්ෂික නිවාඩු
සතියට දිනක් බැගින් නිවාඩු හිමිය.
ජුදා වැසියන්ට නම් එය සිකුරාදා හෝ සෙනසුරාදා දිනයකි.
විදේශීය ඔබට දිනය වෙනස් විය හැක.
සතියකට දින පහක් සේවය කරන සේවකයන් සඳහා අවම වාර්ෂික නිවාඩු දාහතරක් ඇත.
සාමාන්‍ය සතියකට සේවය කරන දින ගණන මත ඔබ ලබන නිවාඩු දින ගණන වැඩිවෙයි.
වාර්ෂික නිවාඩු, සතියේ නිවාඩු දිනය ගිවිසුමේ ලිඛිතව තිබිය යුතුය.
වාචිකව පවසන දේ නීත්‍යානුකූල නොවේ.
නිවාස සහ ආහාර
සත්කාරක සේවයේ නියුතු ඔබ ජීවත් වන්නේ රැකබලා ගන්නාගේ නිවසෙහිම නම්, ඔබගේ ආහාර හෝ නිවාස සඳහා කිසියම් මුදලක් අඩු කරගත හැක.
නමුත් එය ඔබේ වැටුපෙන් 25% උපරිමයක යටත්ව පමණි.
ගිවිසුමේ මෙය සඳහන් ආකාරය පිළිබඳ විමසිලිමත් වන්න.
ඔබෙන් අඩුකරගන්නා මුදල දැනගන්න.
ඔබට සපයන ලද නිවාසය:
• පෞද්ගලික කාමරයක්ද
• බෙදා ගන්නා කාමරයක්ද
• මහල් නිවාසයක්ද
යන්න ගිවිසුම්ගත වීමට පෙර නිරීක්ෂණයෙන් තහවුරු කරගන්න.
සෞඛ්‍ය රක්ෂණය
විදේශික ශ්‍රමිකයන් සඳහා සෞඛ්‍ය රක්ෂණයක් අනිවාර්යයෙන් හිමිය.
එය ඊශ්‍රායලය තුළ පදිංචි වී ඇති සෞඛ්‍ය රක්ෂණ සමාගමකට අයත් එකක් විය යුතුය.
එම සමාගම පිළිබඳව ඔබගේ ගිවිසුමෙහි සඳහන් දැයි පරීක්ෂා කරන්න.
එයට වාරික ගෙවන්නේ කව්දැයි පරීක්ෂා කරන්න.
ඔබෙන් යම්කිසි කොටසක් ලබා ගන්නේ නම් එය නීතියට එකඟ පරිදි විය යුතුය.
රැකියාව නතර කිරීමේදී
වසරක සේවා කාලයකින් පසු මෙම සේවාව නතර කිරීමේ අවශ්‍යතාවයක් ඇතිවුවහොත්, දෙපාර්ශවයෙන්ම මාසයක දැනුම් දීමේ කාලයක් ලබා දිය යුතුය.
එම කාලය අඩු වන තරමට සේවාදායකයාට හානිදායක වෙයි.
ගිවිසුමේ ඇති එවන් කරුණු සූක්ෂමව දැන ගන්න.
බඳවා ගැනීමේ ගාස්තු
ඊශ්‍රායලීය නීතිය අනුව බඳවා ගැනීමේ ගාස්තු සේවා දායකයාගෙන් අය නොකර ගත යුතුය.
ඒජන්තවරයකු සම්බන්ධ වුවහොත් ඔහු හරහා සේවායෝජකයාට හෝ වෙනත් පාර්ශවයකට මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් පැවසිය හැක.
එවන් එකඟතා සඳහා අත්සන් නොකරන්න.
ඔබ රැවටීමට ඉඩ ඇත.
ගිවිසුමේ පහත කරුණු ඇත්නම් නීති විරෝධීය
• සේවායෝජකයාට ඔබේ ගමන් බලපත රඳවා තබා ගැනීමට ඉඩ
• ඔබගේ වැටුප තැන්පතුවක් ලෙස තබා ගැනීම
• ඔබේ සේවක අයිතිවාසිකම් උල්ලංඝනය වන අවස්ථාවකදී පවා ඔබ නීතියේ පිළිසරණ නොපැතීම
• ගෙවීමකින් තොර අතිකාල සේවය කිරීමට එකඟවීම
• දැනුම් දීමකින් තොරව ගිවිසුම වෙනස් කිරීමට හැකියාව
ගිවිසුමේ පිටපත් 3 ක් තබාගන්න
- ආරක්ෂිත ස්ථානයක තමා භාරයේ
- ඩිජිටල් පිටපතක් / ඡායාරූපයක් Google Drive සහ Gmail හි
- පිටපතක් ලංකාවේ විශ්වාසවන්තයෙකු ළඟ
තවදුරටත් ගැටලුවක් නම්
Ministry of Labor enforcement unit
054-478-4551
සේවක අයිතිවාසිකම් දෙපාර්තමේන්තුවෙන් විමසීමෙන්ම ඔබ සුරක්ෂිත වෙයි.
විශේෂඥ නිලධාරියෙකු සඳහා
Go to: LankaConnect.com/ask-the-expert

Comments