තම භූමිය හැර දමා ඊශ්‍රායලයට පැමිණෙන ඔබට කායික මෙන්ම මානසික ආතතියක් දැනීම සාමාන්‍යය. එහෙත් හොඳින් සංවිධානය වී පැමිණීම, ඊශ්‍රායලයට ලඟාවූ පළමු පැය 48 තුල කළ යුතු දේ පැහැදිලිව කිරීම තුළින් ගැටලු අවම කරගත හැක.

ගුවන් ගමනේ දී අතේ ගෙනයා හැකි බෑගයේ රඳවා තයුතු දේ

• ඔබ ඊශ්‍රායලයේ ජීවත් වීමට බලා‍පොරොත්තු වන කාලයටත් වඩා තවත් මාස හයක වලංගුතාවයකින් යුතු ගුවන් ගමන් බලපත්‍රය

• B/1 work visa – ගුවන් ගමන් බලපත්‍රයට අනුයුක්ත කළ වීසා බලපත්‍රය

• වැඩ බලපත්‍රය (මෙය ඔබගේ ඒජසිකරුවා හෝ බදවාගන්නා විසින් දිය යුතුය)

• අත්සන් කළ රැකියා ගිවිසුමේ පිටපතක්

• සෞඛ්‍ය රක්ෂණය හෝ ස්ථිර කිරීමේ ලිපියක්

• ඔබගේ සේවායෝජකයාගේ විස්තර — නම, ලිපිනය සහ දුරකථන අංක

• ඒජන්සියේ නම, ලිපිනය සහ ඔවුන්ගේ ඊශ්‍රායෙල් දුරකථන අංකය

• ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලිපිනය සහ දුරකථන අංකය

1 Ben Gorion Street, Bnei Brak
03-527-7635

• විදේශීය ශ්‍රමිකයන්ගේ අංකය — 1-800-354-554

• ඔබ ඊශ්‍රායල් ගුවන්තොටුපොලේ දී සම්බන්ධ කරගන්නා පුද්ගලයාගේ විස්තර

• එදින නවාතැන් පිළිබඳ විස්තර

• හදිසි අවස්ථාවක ඇමතීමේ ඊශ්‍රායල් අංක

මේ සියල්ලේ ඡායාරූප ඔබේ දුරකථනයේ ද තබාගන්න.

• 200-300 USD පමණ මුදලක් ද තබාගන්න. (හෝ ඒ සමාන NIS ප්‍රමාණයක්)

Ben Gurion ගුවන්තොටුපොළින් මුදල් මාරු කර ගත හැකි වුවත්, එහි පවතින කලබලකාරීත්වයත්, ඇතැම් විට මුදල් මාරු කිරීමේ අගයන් පහළවීමත් බලපෑ හැක.

පළවෙනි දින කිහිපයේදී ඔබට සුළු වියදම් දැරීමට සිදුවුවහොත් (වැටුප් පිළියෙල වනතුරු) සුළු මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වෙයි.

ඊශ්‍රායලයට පැමිණීමට පෙර සේවායෝජකයාගෙන් ලිඛිතව WhatsApp / Email / SMS හරහා දැනගත යුතු දේ

• ඔබව භාර ගැනීමට Ben Gurion ගුවන් තොටුපලට පැමිණෙන්නාගේ නම සහ දුරකථන අංකය

• ඊශ්‍රායලයට පැමිණි පළමු දින ගත කරන ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය

• සේවායෝජකයාගේ නම සහ ලිපිනය

• ඔබගේ රැකියාව සහ අයත් ක්ෂේත්‍රය කුමක්ද යන වග

• ඔබගේ වැඩ බලපත්‍රය PIBA අනුමැතිය සහිත ද යන බව තහවුරු කරගන්න

• එහි ඡායාරූපයක් තබාගන්න

• ඔබ සේවය ආරම්භ කරන දිනය

• කිසියම් හදිසි අවශ්‍යතාවයකදී සම්බන්ධ කර ගත හැකි පුද්ගලයා

• ඔබගේ සෞඛ්‍ය රක්ෂණය ක්‍රියාත්මක වන දිනය

ඉහත තොරතුරු නොමැතිව ඊශ්‍රායලයට පැමිණීම ගැටලුකාරී විය හැක.

එම නිසා තොරතුරු ලිඛිතව තබා ගන්න.

ඔබගේ ලියකියවිලි ඩිජිටල් ලෙස ආරක්ෂා කරගන්න

ඔබේ සියළුම ලියකියවිලි ඡායාරූපගත කොට:

• දුරකථනයේත්

• Google Drive තුලත්

• Gmail හරහාත්

තබාගන්න.

ඔබගේ විශ්වාසවන්තයෙකු සමගද එම ඩිජිටල් ඡායාරූප තබාගන්න.

හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනවත් වනු ඇත.

ඊශ්‍රායල් SIM පතක් ලබාගන්න

හැකි ඉක්මනින් ඊශ්‍රායල් SIM පතක් මිලදී ගන්න.

ඊශ්‍රායල් ගුවන් තොටුපොළින් ඔබට කතා කිරීමේ සහ data සහිත SIM පතක් 50-80 NIS වැනි මුදලකට මිලදී ගත හැක.

එය ඔබේ සේවායෝජකයා සහ ඒජන්සිය හා සම්බන්ධ වීමට පහසුවකි.

මූලික හීබෘ වචන දැනගැනීම

ඔබට ඊශ්‍රායලයේ සේවය කිරීමට හීබෘ භාෂාව දැනගැනීම අවශ්‍ය නොවුණත්, අත්‍යවශ්‍ය වාක්‍ය කිහිපයක් හෝ වචන කිහිපයක් දැනගෙන සිටීම පහසුවකි.

LankaConnect වෙබ් අඩවිය හරහා අත්‍යවශ්‍ය වාක්‍ය කිහිපයක් ඔබට සොයා ගැනීමට හැක.

Ben Gurion ගුවන් තොටුපළේ ආගමන විගමන පරීක්ෂාව

Ben Gurion ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් ඔබගේ ගමන් බලපත්‍රය සහ වීසා පරීක්ෂා කරනු ඇත.

ඔවුන් පහත කරුණු පිළිබඳ විමසිය හැක:

• ඔබ ඊශ්‍රායලයට පැමිණෙන්නේ කුමක් සඳහාද

• සේවායෝජකයා කවුද

• ඔබ ජීවත් වන්නේ කොහේද

• කොපමණ කාලයක් මෙහි සිටීමට බලාපොරොත්තු වෙනවාද

අවංකව සහ සන්සුන්ව පිළිතුරු දෙන්න.

ඔබගේ වැඩ බලපත්‍රය පෙන්වීමට අවශ්‍ය වුවහොත් එසේ සිදු කරන්න.

ඔබ රැකියාවක් සඳහා එන විට සංචාරක සඳහා යැයි නොකියන්න.

ගුවන්තොටුපොළේදී ගැටලුවක් ඇතිවුවහොත්

ගුවන්තොටුපොළේදී ඔබව හමුවන පුද්ගලයා, ඔහු ලබාදෙන ලිපිනය, සේවායෝජකයාගේ විස්තර ඔබගේ සේවා බලපත්‍රය සමඟින් සැසඳෙන්නේ නැතිනම්:

• විදේශ ශ්‍රමිකයන්ගේ කාර්යාලය — 1-800-354-554

• ශ්‍රී ලංකා තානාපති කාර්යාලය — 03-527-7635

සමඟ සම්බන්ධව අදාළ තොරතුරු පවසන්න.

ගුවන්තොටුපොළේ පැමිණීමේ අංගනය තුලදීම ගැටලු විසඳා ගැනීම වඩා පහසුය.

ඔබව වැඩිදුර ප්‍රශ්න කිරීමක් සඳහා යොමු කළහොත්

සන්සුන්වට මුහුණ දෙන්න.

භාෂා පරිවර්තකයකුගේ උදව් ලබාගන්න.

යම්කිසි ගැටලුකාරී අවස්ථාවක් වේ නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ වන්න.

ඔබට තවදුරටත් ගැටළුවක් වේ නම්, මේ සම්බන්ධ විශේෂ දැනුම ඇති පුද්ගලයෙකුගෙන් තොරතුරු පරික්ෂා කරවා ගන්න.

පහත වෙබ් අඩවිය හරහා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමේ හැකියාව ද ඇත:

Go to: LankaConnect.com/ask-the-expert

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.