ඊශ්‍රායලයේ රැකියා වීසා ලබා දීමේදී විශේෂ ක්‍රමවේදයක් වෙයි. එනම් එම වීසා යටතේ ඔබට වැඩ කළ හැක්කේ අවසර ලබාදෙන අදාළ ක්ෂේත්‍රයේ, අදාල රැකියා සේවායෝජකයා යටතේ සිදු කරනු ලබන අදාළ රැකියාවයි.

අදාළ රැකියාවට අමතරව සිදුකරන කෙටි තාවකාලික රැකියා ඊශ්‍රායලය තුළ නීත්‍යානුකූල නොවේ.

රැකියා ක්ෂේත්‍රය වෙනස් කිරීම, රැකියාව වෙනස් කිරීම, සේවායෝජකයා වෙනස් කිරීම අදාළ ක්‍රමවේදයන්ට පටහැනිව සිදුවුවහොත් — ඔබ කොතරම් කල් සේවය කළත්, ඔබේ සේවය පිළිබඳ වාර්තා කොතරම් යහපත් වුවත් — නීතිමය මෙන්ම වෙනත් බොහෝ ගැටලුවලට මුහුණපෑමට සිදුවිය හැක.

ලාංකික ශ්‍රමිකයන් බොහෝ සේ නියුතු රැකියා ක්ෂේත්‍රයන්

සත්කාරක උපස්ථායක — Care Giver (Siyud)

වැඩිහිටි පුද්ගලයන් සහ ආබාධිත පුද්ගලයන්ට රැකවරණය සැපයීම, ඔවුන්ට සාත්තු සේවයෙහි යෙදීම මෙහි රැකියා ක්ෂේත්‍රයයි.

බොහෝ විට සේවා ලාභියාගේ නිවසෙහිම රැඳී හිඳිමින් සේවාව සපයයි.

එය වඩාත් පහසුදායක වනවා මෙන්ම වඩාත් සංකීර්ණ වීමේ හැකියාවක් ද ඇත.

සත්කාරක සේවයේ ඔබට අදාළ නීති

• සතියකට එක් නිවාඩු දිනයක් ඔබට හිමිවෙයි.

• මෙම දිනය පිළිබඳ ඔබගේ ගිවිසුමෙහි සඳහන් කළ යුතුය.

• ඔබට එම නිවසේ ජීවත් වනවාට සහ ආහාර සඳහා යම් සාධාරණ මුදලක් පමණක්ම ඔබේ සේවායෝජකයා විසින් වැටුපෙන් කපා ගැනීමට හැක.

• ශ්‍රමිකයෙක්ට අයත් නිවාඩු මෙන්ම සේවය කරන පැය ගණන ද අනෙකුත් බොහෝ අයිතිවාසිකම්ද සත්කාරක සේවකයන්ට උරුම වෙයි.

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය (Haklaut)

අස්වැන්න නෙලීම්, වගා කිරීම් සහ ඇසුරුම් කිරීම් වැනි රැකියා ඇත.

බොහෝ විට ශ්‍රමිකයන් ගොවිපළ ආශ්‍රිතවම ජීවත්වෙයි.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයට ආශ්‍රිත ඔබට

• ඉතාමත් ආසන්නයේ ඇති වෙනත් ගොවිපලකට පවා සේවයේ මාරුවීමක් සිදු කරන්නේනම් අදාළ නීතිමය අනුමැතිය ඇති මාරුවක් විය යුතුය.

• ඔබට ජීවත්වීමට ලබා දෙන නිවාසය භාවිතාවට ගැනීමට පෙර ඒ පිළිබඳව විමසා බැලීමට සැලකිලිමත් වන්න.

ගෘහ නිර්මාණ ක්ෂේත්‍රය (Biniya)

අත්තිවාරම් දැමීම, මූලික සැකිල්ල නිර්මාණය කිරීම, උස ගොඩනැගිලි ඉදිකිරීමට සඳහා අවශ්‍ය තාවකාලික ව්‍යුහය සෑදීම (scaffolding) වැනි රැකියා මෙයට අයත් වේ.

මෙම ක්ෂේත්‍රයේ ආරක්ෂිත විධිවිධාන බොහෝ වෙයි.

රැකියාව සඳහා සහතිකයක් තිබීම අවශ්‍යය.

තමා අනුයුක්ත රාජකාරිය මිස වෙනත් රාජකාරිවල නොයෙදිය යුතුය.

හෝටල් ක්ෂේත්‍රය (Malonaut)

හෝටල් පිරිසිදු හා පිළිවෙලකිරීම්, මුළුතැන්ගෙයින් රැකියා, ඇඳුම් පිරිසිදු කිරීමේ රැකියා, හෝටල් ඉදිරිපස අමුත්තන් පිළිගැනීමේ රැකියා යනාදිය මෙයට අයත් වේ.

ලාංකිකයන් සේවය කරන Red Sea ආශ්‍රිත Eilat ප්‍රදේශය උදාහරණයක් ලෙස දැක්විය හැක.

වැඩ මුර ආකාරයෙන් සේවය ක්‍රියාත්මක වන අතර, සවසත්, රාත්‍රියේත්, සති අන්තයේත්, නිවාඩු දිනවලත් රැකියාවෙහි යෙදීමට විය හැක.

හෝටල් සහ ඒ ආශ්‍රිත රැකියාහි යෙදෙන ඔබ

ඊශ්‍රායලයේ බොහෝ හෝටල් දින හතම අවුරුද්ද පුරාම අමුත්තන් වෙනුවෙන් කැපවෙයි.

ඒ නිසාම දවස පුරා වැඩමුර කිහිපයක් තිබිය හැක.

සති අන්තයද සාමාන්‍ය වැඩ කරන දිනයක් මෙනි.

Housekeeping සහ මුළුතැන්ගේ ආශ්‍රිත රැකියා බහුලය.

ඔබගේ වැඩ බලපත්‍රය හෝටලයක් වෙත බැඳී ඇති නිසා, එම හෝටල් දාමයේම ඇති වෙනත් හෝටලයකට වුවත් සංක්‍රමණය වීමට PIBA හරහා අනුමැතිය ලබා ගත යුතුය.

කර්මාන්ත ආශ්‍රිතව (Ta’asiya)

නිෂ්පාදන ක්‍රියාවලියෙහි, ඇසුරුම් කිරීම්, ගබඩා කිරීම් බහුලය.

විශේෂයෙන් පුහුණු වූ කර්මාන්ත ශාලාවකට රැකියා අනුමත කිරීම, වෙනත් කර්මාන්ත ශාලාවකට මාරු කිරීමට නම් PIBA අනුමැතිය ලබා ගත යුතුය.

රෑ වැඩ මුරයක්ද බොහෝ විට ඇත.

කාර්මික හා නිෂ්පාදන අංශයන්හි වැඩ කරන ඔබ

මෙම ක්ෂේත්‍රයට වැඩ බලපත්‍රය එක් එක් කර්මාන්ත ශාලාවටම විශේෂිත වෙයි.

සිදුවන නිෂ්පාදනය හෝ ක්‍රියාව බොහෝ සෙයින් සමානකම් පෙනුණද ඒවා වෙනස්ය.

බොහෝ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි රෑ වැඩමුරය සාමාන්‍ය තත්ත්වයකි.

ඔබ රැකියාව සඳහා ඒමට පෙරම සේවා මුර පිළිබඳව තහවුරුවක් ලබා ගන්න.

රාත්‍රී වැඩ මුර සඳහා විශේෂ ගෙවීමක් කළ යුතුය. ඒ බව ඔබගේ ගිවිසුමෙහි සඳහන් දැයි පරීක්ෂාකාරී වන්න.

භෝජනාගාර සහ ආහාර (Mis’adot)

භෝජනාගාරයක වැඩ කිරීම අභියෝගාත්මකය.

සිකුරාදා හවස් මුරය බොහෝ විට කලබලකාරීය.

පොදු නිවාඩු දිනයන්හි කාර්යබහුලය.

මුළුතැන්ගේ ආශ්‍රිත රැකියා, පිඟන් සහ අනෙකුත් උපකරණ සේදීම්, ආහාර පිළියෙළ කිරීම්, ආහාර අමුත්තන්ට පිළිගැන්වීම්, භෝජනාගාර පිරිසිදු කිරීම මෙයට අයත් වේ.

ඔබේ සේවා බලපත්‍රය එක් භෝජනාගාරයකට පමණි.

ඔබ අනුයුක්ත නොවන භෝජනාගාරයක කෙටි වෙලාවක් හෝ වැඩ කිරීම, යහළුවෙකුට උදව්වක් ලෙස වැඩ කිරීම පවා නීතියට පටහැනිය.

භෝජනාගාරයක වැඩ භාර ගැනීමට පෙර සේවා කාල පිළිබඳව හොඳින් අවබෝධ කරගන්න.

ඔබගේ විවේක දින පිළිබඳවද, අමුත්තන් විසින් ඔබට දෙනු ලබන සතුටු දීමනා වැටුපේම කොටසක් වනවාද නැද්ද යන්නද පැහැදිලිව දැනගන්න.

පොදුවේ ඕනෑම සේවයකදී සේවා ගිවිසුමේ සඳහන් විය යුතු දේ පිළිබඳව පරීක්ෂාකාරී වන්න.

ශ්‍රමික ඔබගේ වැඩ බලපත්‍රය ක්‍රියාත්මක වන අයුරු

ඇත්තෙන්ම ඔබේ වැඩ බලපත්‍රය නිකුත් කොට ඇත්තේ ඔබගේ සේවායෝජකයාටය.

එයින් ඔබේ සේවායෝජකයාට විදේශීය ශ්‍රමිකයෙකු අදාළ රැකියා ක්ෂේත්‍රයේ අදාල රැකියාව සඳහා ලබා ගැනීමට බලය පැවරෙයි.

ඒ සමඟම ඔබගේ තොරතුරු සහ ඔබගේ ගමන් බලපත්‍රයේ තොරතුරු ඔහුට ලබාදෙයි.

කරුණු මෙසේ හෙයින් ඔබගේ සේවා යෝජකයා ඔබගේ වැඩ බලපත්‍රය අලුත් නොකළහොත් හෝ නීතිමය ක්‍රමවේදයකින් තොරව ඔබ සේවායෝජකයා වෙනස් කළහොත් — ඔබේ පෞද්ගලික වරදක් නොමැතිවම ඔබට ඊශ්‍රායලය තුළ සේවය කිරීමේ නීතිමය අයිතිය අහෝසි වෙයි.

ඔබේ මෙම සේවය කිරීමේ අයිතියක් යතුරු වර්ග දෙකකින් විවෘත කළ යුතු දොරකට සමානය. (ද්විත්ව අගුළු)

ඔබ මෙන්ම ඔබේ සේවායෝජකයාගේ එකඟතාවය සහ යහපැවැත්ම මත එය පවතී.

වැඩ බලපත්‍රයක් නොමැතිව හෝ බලපත්‍රයෙන් අනුමත නොවන සේවයක හෝ ක්ෂේත්‍රයක යෙදීමෙන්

නොදැනුවත්කමින් හෝ හදිසි අවස්ථාවකදී පහත කරුණු සිදු විය හැක.

• සත්කාරක සේවයෙහි නියුතු ශ්‍රමිකයෙකු විසින් සේවායෝජිතයාගේ නිවස හෝ ගෙදර පිරිසිදු කිරීම.

• ගොවිපළක වැඩ කරන කම්කරුවකු ලවා වැඩ බිමක සේවයක් කර ගැනීම.

• ශ්‍රමිකයකු විසින්ම තමන්ගේ සේවා යෝජකයා වෙනස් කිරීමට PIBA අයදුම් කර එය ලැබෙන තුරු සේවායෝජකයා සමග සේවය කිරීම.

• සේවා දායකයාගේ වීසා බලපත්‍රය අවලංගු වී ඇතත්, සේවා යෝජකයා විසින් එය සිදුවන බව පවසා සේවයෙහි තබා ගැනීම.

වලංගු බලපත්‍රයක් නොමැතිව එක්වරක් හෝ සුළු වශයෙන් හෝ සේවයේ යෙදීම නීති විරෝධී වේ.

ඔබේ සංක්‍රමණික වාර්තාවන් සඳහාද එය අයහපත් බලපෑමක් ඇති කළ හැක.

අනාගත වීසා බලපත්‍ර නිකුත් කිරීමේදී එය බාධාවක් විය හැක.

වඩා දැඩි අවස්ථාවකදී සේවය අත්හිටුවීමක්, රටින් පිට කිරීමක් සිදුවිය හැකියි.

ඔබ සේවා යෝජකයාගේ වචනය භාරගෙන සිටීම හෝ ඔබ නොදන්නවා යැයි පැවසීම ඔබ සතු වගකීමෙන් මිදීමට හේතු නොවෙයි.

ඔබගේ බලපත්‍රය වලංගු දැයි දැනගැනීමේ විධික්‍රම

• ඔබගේ සේවායෝජකයා හෝ ඒජන්සිකරුවාගෙන් මුද්‍රිත පිටපතක් ඉල්ලා සිටින්න.

• ඔබගේ නම, ගමන් බලපත් අංකය, සේවය කළ යුතු ක්ෂේත්‍රය, අවලංගු වන දිනය සඳහන් වී තිබිය යුතුය.

• PIBA කාර්යාලයට ගොස් ඔබේ ගමන් බලපත්‍ර අංකය පවසා ඔබේ ලිපි ගොනුව පිරික්සා බැලීමට හැකියාව ඇත.

• PIBA ආයතනයට දුරකථන ඇමතුමකින් ඔබගේ සහතිකයේ තත්ත්වය විමසිය හැක.

PIBA Hotline: 1-800-354-554

අවසාන සැලකිල්ල

ඔබේ ගමන් බලපත්‍රය, වීසා බලපත්‍රය සහ වැඩ බලපත්‍රය යන මේවා අවලංගු වීමට දින හැටකටවත් පෙර අලුත් කරවා ගැනීමට සැලසුම් කරන්න.

ඒ සඳහා ඔබට මතක් කිරීමක් දුරකථනයේ තබාගන්න.

ඔබට අයත් ක්ෂේත්‍රයේ පමණක් වැඩ කරන්න.

සේවා යෝජකයාගේ ඉල්ලීමකට හෝ මිත්‍රයෙක්ට උදව්වක් වශයෙන් හෝ කෙටිකාලීන සේවයක් ලෙස හෝ අනවසර තත්ව යටතේ වැඩ නොකරන්න.

ඔබගේ බලපත්‍රවල යාවත්කාලීන කරගත යුතු දින එකිනෙකට වෙනස් වන හෙයින් අවධානයෙන් සිටින්න.

ඔබට සැකයක් ඇතිවන කල විශේෂ දැනුමක් ඇති නිලධාරියෙකුගෙන් විමසන්න.

PIBA සමග බලපත්‍ර පරීක්ෂා කරගන්න.

පහත දැක්වෙන වෙබ් අඩවියෙන්ද අවශ්‍ය දැනුම ලබාගැනීමට හැක:

LankaConnect.com/ask-the-expert

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.