
ඊශ්‍රායලයේ විදේශ ශ්‍රමිකයෙක් ලෙස ජීවත් වන ඔබට, ඔබගේ සේවායෝජකයා හා නොගැළපීම්, අනවබෝධයන්, ගැටීම් ඇතිවීම ස්වභාවිකය.
ඔහුට යමක් කීමට ඔබට ඇතත්, ඔබ ඊට පැකිලෙන්නේ බොහෝ හේතු කාරණා නිසා විය හැක.
ඒ පිළිබඳව ඔබට බියක් දැනෙනවා ඇත.
ඔහු කෝපවේ යැයි ඔබ කරදර වෙනවා විය හැක.
ඔබ සේවයෙන් පහ කිරීමට ඔහුට හැකියාවක් ඇති බව සිතනවා විය හැක.
එක් ප්‍රශ්නයක් මතු කිරීමෙන් තවත් ප්‍රශ්න වලට එය හේතුවක් විය හැකි යැයි සිතනවා විය හැක.
මේ නිශ්ශබ්දතාවය මාසයක්, මාස දෙකක් මාස හයක් ලෙස ගැටලුව වර්ධනය වනතුරු පවතිනවා විය හැක.
ගැටලුව උත්සන්න වීමෙන් එයට පිළිතුරු සෙවීම අපහසු වනවාක් මෙන්ම, ඔබට අවාසිදායක තත්ත්වයක් ගෙන දෙයි.
මෙම ලිපිය නිර්භීත වීම ගැන නොවේ.
එය උපායශීලී වීම ගැන ය.
බුද්ධිමත්ව ගත යුතු තීරණ ගැනීමටත්, සමාදානයෙන් අවශ්‍ය තැන්හිදී සේවායෝජකයාගෙන් විමසීමටත්, ඔහු සමග විසඳා ගත නොහැකි ගැටලුවක් අදාළා නිල රාජ්‍ය නීතිමය සේවයක් වෙතින් විසඳා ගැනීමටත්, අවශ්‍ය දැනුම සඳහා මඟ පෙන්වීම මෙම ලිපියේ අරමුණයි.
සේවායෝජකයා සමඟ කෙලින්ම කතා කළ යුත්තේ කුමන අවස්ථාවේදීද
• බොහෝ වැටුප් දෝෂ, නිවාඩු වැරදි ගණනය කිරීම්, වැටුප් පත් පිළිබඳ මෙවැනි ගැටලු මුලින්ම සේවායෝජකයා සමඟ සෘජුවම සාකච්ඡා කළ හැක.
• සාධාරණ සේවා යෝජකයෙකු එය ආචාරශීලීව සහ සැබෑ ලෙස පෙන්වා දෙන විට, වැරැද්දක් සිදු වී ඇත්නම් එය නිවැරදි කරනු ඇත.
• සේවායෝජකයා එය වහාම නිවැරදි නොකරන්නේ නම්, ඔබේ ලිඛිත ප්‍රශ්නය ගැටලුවේ කොටසක් බවට පත්වේ.
• එනිසාම තත්ත්වය වඩාත් සංකීර්ණ වෙයි.
• සේවායෝජකයා වෙත කෙලින්ම යාම, නිවැරදි පළමු පියවර නොවන අවස්ථා තිබේ.
• සේවායෝජකයා දැනටමත් ඔබගේ වීසා බලපත්‍රය, ඔබේ නිවාස, හෝ තර්ජන ගැටලු ඇති කොට තිබේ නම්, ඔහු සමග සංවාදයකට යාම, දිගටම රැකියාව කරගෙන යාමට ගැටළුවක් විය හැක.
• ඔබට පවතින ගැටළුව ඔබේ භෞතික ආරක්ෂාවට, ඔබේ යහපැවැත්මට ක්ෂණික අවදානමක් හෝ භයානක තත්ත්වයක් යැයි හැඟෙන ඕනෑම දෙයක්, සාකච්ඡා කිරීමට උත්සාහ නොකරන්න.
• පළමුව ඔම්බුඩ්ස්මන් නිලධාරියා, PIBA ආයතනය හෝ හදිසි සේවා අමතන්න.
• ඔබ 22 වැනි වගන්තියේ විස්තර කර ඇති පරිදි සූරාකෑමේ රටාවකට මුහුණ දෙන්නේ නම්, බොහෝ අයිතිවාසිකම් උල්ලංඝනය වේනම් කළ යුත්තේ,
• ඔබට සිදුවන අසාධාරණකම් සහ ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව අවශ්‍ය අදාල සාක්ෂි ලේඛනගත කිරීමයි.
• ඒ අතරතුර විශ්වාසවන්ත බාහිර පුද්ගලයෙකුට පවසා, ඔබ වෙනුවෙන් පෙනී සිටින නිල ආයතනයක් වෙත සියල්ල දැනුම් දීමයි.
ගත යුතු පියවර පිළිබඳ ඔබට තවමත් අවබෝධයක් නැත්නම්
LankaConnect හරහා විශේෂඥ උපදෙස් ලබා ගන්න.
සේවායෝජකයා සමග ගැටලුව සාකච්ඡා කළ හැකි මට්ටමක වේ නම්, පියවර හතරකින් යුතු පහත ක්‍රමය අනුගමනය කරන්න
1. සිදු වූ දේ
මෙහිදී ඔබට හැඟෙන සියලු වැරදීන් නොව, එක් නිශ්චිත ගැටළුවක් පිළිබඳව විමසන්න.
2. එය සිදු වූ අවස්ථාව
නිශ්චිත දිනයක් හෝ පැහැදිලි දින පරාසයක් විමසීමේදී ඉදිරිපත් කරන්න.
3. ගැටලුවට සහාය වන ලේඛන
වැටුප් ගෙවීම් පත්‍රිකාව, පැමිණීමේ වාර්තාව, කොන්ත්‍රාත් වගන්තිය, හෝ ඩිජිටල් ඡායාරූපයක්
4. ඔබ ඉල්ලා සිටින්නේ කුමක්ද යන්න
නිවැරදි කිරීමක්, පැහැදිලි කිරීමක් හෝ තහවුරු කිරීමක් ද යන්න.
මෙම කොටස් හතර වෙන වෙනම, පැහැදිලිව අසන විට, ඔබට පිළිතුරු දීම ඉවත දැමිය නොහැකි තැනකට සේවා යෝජකයා පත්වේ.
අයිතිවාසිකම් සහ හිමිකම් ගැටළු සඳහා කථන සංවාදවලට වඩා ලිඛිත පණිවිඩ හොඳින් ක්‍රියා කරයි
කථන සංවාදයක් කිසිදු වාර්තාවක් ඉතිරි නොකරයි.
එය ඒ මොහොතේ පවතින හැඟීම්වලට, වචනවල තේරුම වෙනස් කිරීමට ද ඉඩ සලසයි.
ලිඛිත පණිවිඩයක් WhatsApp, ඊමේල්, ඔබ සේවායෝජකයා සමඟ භාවිතා කරන වෙනත් ඕනෑම ලිඛිත ක්‍රමවේදයක්, පහත ප්‍රයෝජනවලින් යුතුය.
• එය සේවායෝජකායට යවන වේලාව පිළිබඳ ව ස්ථිර අදහසක් ලබා දෙයි.
• එය ඔබ අදහස් කළ ආකාරයටම ගැටලුව ප්‍රකාශ කරයි.
• සේවායෝජකයාට ක්ෂණික පීඩනයකින් තොරව ප්‍රතිචාර දැක්වීමට අවස්ථාවක් ලබා දෙන අතර
• ගැටලුවක් ඇති වුවහොත් එය සාක්ෂියක් බවටද පත් වේ.
• ඕනෑම අවස්ථාවක සහ කාලයකදී සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
ඔබ සේවායෝජකයා සමඟ සංවාදයේ යෙදෙන භාෂාව බාධාවක් වන අවස්වථාවලදී, වාචික පණිවිඩයකට වඩා ලිඛිත පණිවිඩය වඩා හොඳ පරිවර්තනයකට ඉඩකඩ ලබාදෙයි.
ප්‍රවේශමෙන් කරන ලද ඉංග්‍රීසි ලියවිල්ලක් වාචික ප්‍රකාශනයකට වඩා පැහැදිලිය.
බොහෝ කම්කරුවන්ට ඇති ප්‍රායෝගික ප්‍රශ්නයක් වන්නේ භාවිතා කළ යුතු කුමන භාෂාවද යන්නයි
ඔබේ සේවායෝජකයා ඉංග්‍රීසි තේරුම් ගන්නේ නම්, එය භාවිතා කරන්න.
එය පරිවර්තනය කිරීමට පහසුය.
සේවායෝජකයා හීබෘ භාෂාවෙන් පමණක් සන්නිවේදනය කරන්නේ නම්, ඔබේ පණිවිඩය ඉංග්‍රීසියෙන් ලියන්න.
එමෙන්ම “අවශ්‍ය නම් හීබෘ භාෂාවෙන් ප්‍රතිචාර දක්වන්න. මම පරිවර්තනය කරගන්නම්” ලෙස ඔහුට පහසුව සලසන්න.
එවිට ඔබත් සේවායෝජකයාත් අතර භාෂා පරතරය නිසා ලිඛිත ප්‍රශ්න ඇසීමෙන් ඔබව වළක්වන ගැටළුව පැන නොනගිනු ඇත.
ඕනෑම වැදගත් සංවාදයකින් පසු අවසානයේ සාරාංශයක් ලෙස
“මට තේරෙනවා, මම වැරදියට තේරුම් ගත්තා නම් කරුණාකර මාව නිවැරදි කරන්න.”
වැනි වාක්‍ය කණ්ඩයක් යෙදීමෙන්, තවමත් ගැටලුව පිළිබඳ එකඟතාවයකට දෙපාර්ශ්වයම එළඹ නැති බවද, ඔබ සාමකාමීව ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන බවද පෙනී යයි.
සරල වාක්‍ය භාවිතා කරන්න.
මාසය, දිනය, මුදල, මාරුව හෝ ලේඛනය නම් කරන්න.
අවධානය වරකට එක් ගැටළුවක් වෙත පමණක් යොමු කරන්න.
උදාහරණ
• “මගේ මැයි ගෙවීම් පත්‍රිකාව පැය 182 ක් පෙන්වන්නේ මන්දැයි කරුණාකර පැහැදිලි කරන්න.”
“මගේ වාර්තා පැය 197 වැඩ කළ බව සටහන් කරගෙන තියෙනවා. ගණනය කළ ආකාරය පැහැදිලි කළ හැකිද?”
• “අප්‍රේල් මාසයේ වැටුප් ලැබිය යුතු දිනය 9 වනදායි. වැටුප් බැංකුවට යවන්නේ කෙදිනදැයි තහවුරු කළ හැකිද?”
• “පෙබරවාරි මාසයේ සිට හැම මාසයකම වැටුපතෙහි NIS 220 අඩු කිරීමක් තියෙනවා. ඒ කුමක් සඳහා දැයි කරුණාකර පැහැදිලි කරන්න.”
ඔබ හොඳින් විමසා බැලුවහොත්, මෙම ප්‍රකාශ තුළ ඔබගේ චිත්ත වේග, හැඟීම්, වෙනත් සේවකයකුගේ වැටුප සමඟ සංසන්දනය කිරීම් වැනි දේ නොමැත.
ඔබට ඇති ප්‍රශ්නය සරලව ඍජුව අසා ඇති නිසා, පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ නොහැක.
යමකට ලැබෙන පිළිතුර සඳහා ගණනයක් අවශ්‍ය නම්
“කරුණාකර ගණනය කර පෙන්වන්න”
වැනි යෙදීමක්ද, දෙවැනි වරට යෙදිය හැක.
මෙවැනි යෙදුම් සහ මෙවැනි වාර්තා සාධාරණයක් ඉෂ්ට කර ගැනීමටද, පසුවද උපයෝගී වනු ඇත.
පැහැදිලිව සන්නිවේදනය කිරීමේ දිගුකාලීන ප්‍රතිඵල
ලිඛිතව ගැටලු වලට විසඳුම් සොයන සේවකයන් පහත කරුණු දෙකෙන් එකක් හෝ ළඟා කර ගනී.
1)
සිදුවූ අතපසුතාවයට සාධාරණයක් ලබාගැනීම සහ එය නිවැරදි කර ගැනීම.
2)
ඔබගේ ගැටලුවලට සහය නොදෙන සේවා යෝජකයකුගේ, සේවක අයිතිවාසිකම් පැහැර හැරීමට විරුද්ධව, ඔබට ගොනු කිරීමට සාක්ෂි තිබීම.
ඔබ ප්‍රශ්නයක් විමසීමට බිය නොවන බවත්, ඔබ අවබෝධයෙන් සිටින බව යන ඔබ පිළිබඳව ඇතිවන විශ්වාසය ඔබව ආරක්ෂා කරයි.
පහත අවස්ථා පිළිබඳ අවධානය යොමු කරන්න
• ගැටළුවේ තත්වය, සේවායෝජකයා සමඟ කරන සංවාදයක්ද, නැතිනම් නිල වශයෙන් ආයතනයක් හරහා කරනු ලබන විසඳීමක්ද යන්න තීරණය කරන්න.
• වඩා වැදගත්ම නිශ්චිත එක් ගැටළුවක් හඳුනාගෙන එය සාකච්ඡා කරන්න. සියල්ල එකවර කිරීම ඵලදායක නොවේ.
• ගැටළුවක් විමසීමට පෙර ඊට අදාළ උපකාරක ලේඛන සකස් කරන්න.
• අදාළ දිනයක්, මුදලක් සහ නිශ්චිත ප්‍රශ්නයක් සමඟ පණිවිඩය ලියන්න.
• ඕනෑම වාචික ගිවිසුමකින් පසුව, ලිඛිත සාරාංශයක් යවන්න.
• හැකි නම් සියලුම ප්‍රශ්න සහ පිළිතුරු එකම සංවාද දාමය තුළ තබාගන්න.
• සෘජු සන්නිවේදනය අසාර්ථක වුවහොත් හෝ අනාරක්ෂිත බවක් හැඟේ නම්, ඔම්බුඩ්ස්මන් නිලධාරියාගේ හෝ PIBA ආයතනය අමතන්න.
මේ සඳහා උපදෙස් ලබා ගත හැකි ආයතන ලෙස
• ඔම්බුඩ්ස්මන් නිලධාරියා
කම්කරු අමාත්‍යාංශය
(වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට භාෂා කිහිපයකින්ම උපදෙස් ගත හැක.)
• Shlomo (Selma) ආයතනය
53 පාර, ටෙල් අවිවි
gov.il Foreign Worker Rights
(search: foreign worker rights)
• PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.
• ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද,
ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.
1 Ben Gorion Street, Bnei Brak
03-527-7635
• LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න.

Comments