සරණාගතයන් ලෙස ඊශ්‍රායලයට ඇතුළු වීමේදී බලපාන කරුණු පිළිබඳ සහ නීත්‍යානුකූල ක්‍රමවේදය පිළිබඳව ඔබට යම් මඟ පෙන්වීමක් කිරීම මෙහි අදහසයි.

සරණාගත වීසා පිළිබඳ නීති, වසරින් වසර වෙනස් වන බැවින් මෙයින් ලබා ගන්නා අදහසත්, පවතින නීතිමය රාමුවත්, දැන සිටීම වැදගත් වෙයි.

සරණාගත වීසා පිළිබඳව පහත අවස්ථා වෙයි

  1. සරණාගතයන් ලෙස අයදුම්කර, refuge වීසා ලැබෙන තුරු, තාවකාලික බලපත්‍ර යටතේ ඊශ්‍රායලය තුළ ජීවත්වන (asylum)
  2. සරණාගතයන් ලෙස අයදුම්කර, ඊශ්‍රායල් රජය සිදුකරන ක්‍රමවේදය හරහා ගොස්, සරණාගත වීසා අනුමතව, (refuge visa) යටතේ ජීවත් වන.

බොහෝ විදේශිකයන්ගේ අදහස වන්නේ, සරණාගත වීසා යනු (Refugee visa) තමන්ගේ රැකියාවේ වීසා අවසන් වීමෙන් පසු, ඊශ්‍රායලය තුළ ජීවත් විය හැකි පහසු ක්‍රමයක් ලෙසයි.

සැබෑව නම් සරණාගත වීසා යනු කෙනෙක්ට තමන්ගේ රටට නැවතත් යෑම හෝ රට තුළ ජීවත්වීම, ජීවිත ආරක්‍ෂාවට තර්ජනයක් විය හැකි අවස්ථාවක, ජීවත්වීමට නීතිමය රාමුවක් ලබා දෙන රැකවරණකි.

සරණාගත වීසා ලබා ගැනීමට සුදුසුකම්

පුද්ගලයෙක්ට තමන්ගේ රටට යෑම, ඔහුට ජීවිත තර්ජනයක් ගෙනදේ නම්, විශේෂයෙන් ඔහුගේ ආගම, ජාතිය, කුලය, ඔහු විශ්වාස කරන දේශපාලන අදහස්, හෝ ඔහු සාමාජිකත්වය දරන සංගම් හේතුකොට ඔහුට ජීවිත තර්ජනයක් ඇති බව ඊශ්‍රායල් රජයට හේතු සහිතව ඔප්පු කර පෙන්වීමට හැකි නම් එය සලකා බලයි.

ආර්ථික අපහසුතා, ණය, පවුලෙන් ලැබෙන පීඩනය, රැකියා අහිමිවීම හෝ ඊශ්‍රායලය තුළ රැඳීමේ කැමැත්ත සරණාගත තත්ත්වයක් ලබා ගැනීමට උපකාර නොවේ.

සරණාගත භාවය ලබා ගැනීම සඳහා අයදුම්පත් ක්‍රමවේදය

රාජ්‍ය සේවා වෙබ් පිටුවේ ඇති අන්තර්ජාල අයදුම් පත ඉංග්‍රීසි භාෂාවෙන් පුරවන්න. (Gov.il)

ගුවන් ගමන් බලපත්‍රයේ පැහැදිලි පිටපතක්ද ඒ සමග upload කරන්න.

ලැබුණු විට, ඒ බව සනාථ කර ඔබට පණිවිඩයක් ලැබෙනු ඇත.

එය ක්‍රියාදාමයේ ආරම්භයයි.

ඔබේ අයදුම් පත පරීක්ෂා කර, ඔබට ජනගහන හා සංක්‍රමණ අධිකාරියට (PIBA) කැඳවීමක් ලැබෙනු ඇත.

විශේෂ කරුණු

ඔබ සිහි තබා ගත යුතු එක් විශේෂ කරුණක් වෙයි.

අපැහැදිලි, දත්ත අසම්පූර්ණ දත්ත සහිත අයදුම් පත, ඔබගේ සරණාගත වීසා ලබා ගැනීමේ අවස්ථාව අඩාළ කරනු ඇත.

දත්ත ලබාදීමේදී:

• නම ඇතුළු පෞද්ගලික තොරතුරු

• අදාළ දින වකවානු

• තමාගේ සංචාර විස්තර

• තමාට පවතින දිගුකාලීන ජීවිත තර්ජන හෝ බියට හේතු

නිවැරදිව ඉදිරිපත් කළ යුතුය.

අදාළ කාලය තුළ ක්‍රියාත්මක වීම

ඊශ්‍රායලයට පැමිණ වසරක් ගත වීමට පෙර අයදුම්පත් පුරවා භාරදිය යුතුය.

එසේ නොවන අවස්ථාවක ඒ පිළිබඳව විශේෂ හේතුවක් හෝ සාධක තිබිය යුතුය.

සරණාගත වීසා අයදුම් කිරීමට අදාළ ලියකියවිලි

• ගුවන් ගමන් බලපත්‍රය

• අනන්‍යතාවය සම්බන්ධ ලේඛන, පුද්ගලයන් හඳුනා ගැනීමේ කාඩ් පත වැනි

• පොලිස් සහතික

• උසාවි නියෝග

• සෞඛ්‍ය වාර්තා

• බිය වැද්දීම් හා තර්ජනය කිරීම් පිළිබඳ කරුණු ඇතුළත් පණිවිඩ

• ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධ බවට සාක්ෂි

• ජීවිත තර්ජනය ලැබෙන කිසියම් සමූහයක සාමාජිකත්වය දරණ බවට සාක්ෂි

• සරණාගත භාවයට හේතු දැක්විය හැකි තමාගේ ජීවිත කතාව සම්බන්ධ කරුණු

(විශේෂයෙන් වැදගත් වන්නේ සරණාගත භාවයට අයදුම් කිරීම සඳහා ඊට සම්බන්ධ කරුණු සෘජුවම සනාථ කළ හැකි සාක්ෂි ලියකියවිලි කිහිපයක් හෝ ඉදිරිපත් කිරීම, අනවශ්‍ය බොහෝ කරුණු ගෙනහැර පෑමට වඩා වැදගත් වන බවයි.)

ඔබගේ සබැඳි ලියකියවිලි ඇත්තේ වෙනත් භාෂාවකින් නම්, මුල් පිටපත් ආරක්ෂිතව තබාගෙන පසු පිටපත් යොදා ගනිමින් ක්‍රියාවලිය අරඹන්න.

සම්මුඛ පරීක්ෂණයේදී විශ්වාසවන්ත භාවය වැදගත් වන්නේ ඇයි

මෙම ක්‍රියාවලියේ වැදගත්ම සංවේදී අංගය සම්මුඛ පරීක්ෂණයයි.

ඔබට සම්බන්ධ කරුණු පැහැදිලිව තිබේද, නොකඩවා සිදුවූ සිදුවීම් ද, විශ්වාස කටයුතුද යන කරුණු පිළිබඳව බලධාරින් විසින් නිරන්තරයෙන් විමසිලිමත් වනු ඇත.

ඔබේ ජීවිතයට ඇතිවූ සැබෑම තර්ජනය ඉදිරිපත් කරන්න.

ඔබ ඉදිරිපත් කළ අයදුම්පත සමග සම්මුඛ පරීක්ෂණයේ තොරතුරු හා පසුව කරන ප්‍රකාශ එකිනෙක හා නොගැලපේ නම් එය වීසා ලබා ගැනීමට ගැටළුවක් වනු ඇත.

A 2(a)(5) වීසා හැඳින්වීම

A 2(a)(5) වීසා යනු සරණාගත වීසා සඳහා අයදුම් කර තිබියදී ලබා දෙනු ලබන තාවකාලික ලේඛනයයි.

එය කිසිසේත්ම B/1 හා සමාන නොවේ.

B/1 හරහා ලැබෙන අයිතිවාසිකම් හෝ දිගුකාලීනව සේවය කළ හැකි හැකියාවක් ඉන් නොලැබේ.

එය තවමත් නොවිසඳුනු ගැටලුවක් වෙනුවෙන් දෙන තාවකාලික බලපත්‍රයක් පමණි.

සැබෑ තීරණය ලැබෙන තුරු මේ යටතේ රැකියාවක් කළ හැකිද?

A 2(a)(5) කියනු රැකියා වීසා බලපත්‍රයක් නොවේ.

එහෙත් මෙය සතු, එහෙත් තවමත් නීතිමය සරණාගත වීසා බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෝ රැකියාවක් කරති.

එහෙත් ඔබ මතක තබා ගත යුත්තේ A 2(a)(5) වීසා යනු රැකියා වීසා නොවන බවත්, එයින් රැකියාවක් කිරීම තහනම් නොකරන බවත්ය.

ඒ අවස්ථාවේ රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුව A 2(a)(5) තාවකාලික වීසා සඳහා ඇති බලතල ද වෙනස් වේ.

2(a)(5) වීසා සඳහා ඇති සීමාවන්

මෙම වීසා මත ජීවත්වෙන කාලයේදී, ඔබට පැනවෙන සීමාවන් අතර සංචාරක සීමාද වෙයි.

එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලීය (UNHCR) පැනවීම් අනුව මෙම වීසා දරණ පුද්ගලයින්ට ඊශ්‍රායලයෙන් පිටවී, නැවතත් 2(a)(5) වීසා යටතේ ඊශ්‍රායලයට පැමිණීමේ හැකියාව නැත.

එය ඔබේ වාර්ෂික නිවාඩුව සඳහා පමණක් නොව අත්‍යාවශ්‍ය පවුලේ කටයුත්තක්, සෞඛ්‍යමය හේතුවක්, අවම වශයෙන් අවමංගලයකට සඳහා හෝ ඉඩක් නැත.

2(a)(5) වීසා සඳහා අයදුම් කරන ඔබ, එයින් ලැබෙන ධනාත්මක අවස්ථාව මෙන්ම සෘණාත්මක බලපෑමද දැන සිටිය යුතුය.

ඔබ අයදුම් කළ සරණාගත වීසා අනුමත වීමෙන්

එවිට ඊශ්‍රායලය ඔබ සරණාගතයෙක් ලෙස හඳුනා ගනී.

ඔබේ නීතිමය රාමුව වෙනස් වෙයි.

UNHCR කෙටුම්පත් වලට අනුව සරණාගත අනුමැතිය ලැබීමේදී A/5 තාවකාලික වීසා ක්‍රමයක් ලැබෙන අතර එය වාර්ෂිකව අලුත් කළ යුතුය.

එමෙන්ම ඔබට රැකියාවක් සඳහා අනුමැතිය ලැබෙන අතර ජාතික සෞඛ්‍ය රක්ෂණයක හිමිකම් ලබයි.

එහෙයින්

• සරණාගත වීසා සඳහා අයදුම් කිරීම
(සරණාගත අනුමැතිය අවිනිශ්චිතය)

• 2(a)(5) තාවකාලික ලියවිල්ලක් යටතේ ජීවත්වීම
(සරණාගත අනුමැතිය අවිනිශ්චිතය)

• A/5 වීසා ලැබීම
(සරණාගත භාවය අනුමතයි. එහෙත් වීසා වාර්ෂිකව අලුත් කළ යුතුයි.)

යන වෙනස් තත්ත්වයන් පැහැදිලි කරගත යුතුය.

ඔබගේ සරණාගත අයදුම් පත ප්‍රතික්ෂේප වුවහොත්

එසේ ප්‍රතික්ෂේප වීම ඔබව සම්පූර්ණයෙන්ම ඉවත දැමීමක් නොවේ.

ඔබට නැවත සලකා බැලීමකට ඉල්ලීමක් කළ හැක.

ඊශ්‍රායල් රජය විසින්ද නැවත ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකරයි.

එහෙත් මෙවැනි පසු සලකා බැලීමක් සඳහා කල්ගතවනවාක් මෙන්ම ලැබීමේ හෝ නොලැබීමේ අවදානමකින්ද යුක්තය.

පොදුවේ සිදුවන අතපසුවීම්

• මෙය ඊශ්‍රායලයේ ජීවත්වීමට හැකියාව ලබාදෙන සාමාන්‍ය ක්‍රමවේදයක් යැයි සැලකීම
(සැබැවින්ම මෙය තමන්ගේ මව් රට තුළ අනාරක්ෂිත වූවන්ට රැකවරණය සඳහාය)

• සරණාගත අයදුම්පත් යොමු කිරීමට වසරකට වැඩි කාලයක් ගතවීම

• සරණාගත වීසා ලබා ගැනීම සඳහා සත්‍ය තොරතුරු ඉක්මවූ කතාවක් ගොඩනැගීම

• තැරැව්කරුවන්, උපදේශකයන් සහ මිත්‍රයන් හරහා මෙය සිදුකරවා ගැනීමට මුදල් වැය කිරීම

ඔබ සපයන දත්ත නිවැරදි නොවීම, සැබෑ ගැළපීමක් නොවීම, දින වකවානු නොගැලපීම, අත්‍යවශ්‍ය ලේඛන විනාශ වී හෝ අස්ථානගත වී තිබීම, එකකට එකක් නොගැලපීම යන කරුණු බොහෝවිට ඔබට අවාසි සහගත විය හැක.

එමෙන්ම ඔබ වංචාවකට හසු නොවීමට වග බලා ගන්න.

මෙම ක්‍රියාවලිය තුළ ඔබ මානසික පීඩනයකින් යුත් අවස්ථාවලදී වංචා සහගත පුද්ගලයෝ මැදිහත්ව මුදල් වංචා කිරීමට පුළුවන.

වීසා ක්‍රියාවලිය තුළ එය ඉක්මන් කිරීම් හෝ පොරොන්දු දීමේ හැකියාවක් බාහිර පුද්ගලයන්ට නොමැත.

එසේ කරන්නේ නම් එයම වංචා සහගත බවට ලකුණෙකි.

රාජ්‍ය නිල දත්ත ලබා ගන්නේ කෙසේද

Gov.il නිල වෙබ් අඩවියෙන් සරණාගත වීසා අයදුම් පත හරහා විස්තර දැනගත හැක.

UNHCR Israel Help වෙබ් අඩවිය:

UNHCR Israel Help

මෙහි ලේඛන පිරවීම, අයිතිවාසිකම්, යුතුකම්, වංචා කිරීම් පිළිබඳ පැහැදිලි කරයි.

මිතුරු හවුල් වලින් ලැබෙන දත්තයන් විමසා බැලීම කළ හැක.

එහෙත් ඒ මත තීරණ නොගත යුතුය.

තීරණ ගැනීමේදී විශ්වාස කළ යුත්තේ රාජ්‍ය නිල දත්තයන් පමණි.

නීතිමය තොරතුරු පමණි.

ඔබ මතක තබා ගත යුතු කරුණ නම් 2(a)(5) වීසා, සරණාගත අයදුම් කිරීම්, එහිදී ලැබෙන තාවකාලික බලපත්‍ර යන බොහෝ දේ වෙනුවෙන් බොහෝ පුද්ගලයින් සරණාගත වීසා (refuge visa) යන පොදු පදය භාවිතා කරන බවයි.

ඔබට සැබෑ ලෙසම ඔබගේ රටේ අනාරක්ෂිත බවක් හැඟේ නම්, ඒ සඳහා සරණාගත වීසා අයදුම් කිරීමේදී, නීතියානුකූල ක්‍රමවේදයක් මත, නිරවුල්ව, ක්‍රමවත්ව අයදුම් කිරීම සරණාගත වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය බව.

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.