අවසාන ලේඛන සහ නැවත ඇතුල්වීමේදී ඇතිවිය හැකි ගැටලු

ඊශ්‍රායලයේ ශ්‍රමික ඔබට නැවතත් මව්බිමට පිටත් වීමේදී කලබලය සහ මානසික ප්‍රකම්පනය නිසා ඇතැම් අවශ්‍ය ක්‍රියාකාරකම් මගහැරියා හැක.

මේ හේතුව නිසා නැවතත් ඊශ්‍රායලයට එන විට බොහෝ ගැටලු වලට මුහුණ දීමට සිදුවනු ඇත.

මනා කළමනාකරණයක් යටතේ ඊශ්‍රායලයෙන් පිටවී, නැවතත් පැමිණෙන්නේ කෙසේදැයි සොයා බලමු.

ඔබ ඊශ්‍රායලයෙන් පිටවීමට දින 60 කටවත් පෙර ඒ සඳහා සූදානම් වන්න

• ඔබගේ වැටුප් ගැටලු පිටවීමට පෙර විසඳා ගැනීමටත්

• වර්ෂ අවසානය ලැබෙන පාරිතෝෂික දීමනාව ගණනය කොට ලබා ගැනීමටත්

• අදාළ ලියකියවිලි නැවත ලබා ගැනීමටත්

වැනි බොහෝ ක්‍රියාකාරකම් වලට මුහුණපෑමට සිදුවෙයි.

ඔබ ඊශ්‍රායලයෙන් පිටත් වෙන දිනය ඔබගේ සේවායෝජකයාට WhatsApp message හෝ email හරහා ලිඛිතව දැනුම් දෙන්න.

ඔවුන් ඒ සඳහා දක්වන ප්‍රතිචාර පණිවිඩය ද ගබඩාකොට තබාගන්න.

ඔබ ඔවුන් දැනුවත් කරනවා සේම, ඔවුන්ට ඔබගේ අවසන් ගිණුම් සැකසීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙයි.

නීතියෙන් ඔබ වෙත ගෙවීමට ඇති මුදල් පිළිබඳ විමසිය යුතුය

ඔබගේ අවසන් මාසයේ වැටුප

මෙයට, ඊට පෙර මස සියලුම දින ඇතුළත්ව, ඔබගේ දැනුම් දීමේ කාලයත් ඇතුළත්ව ගෙවීම් කළ යුතුය.

සියලුම එකතු කිරීම් සහ අඩු කිරීම ඇතුළත් අවසන් මස වැටුප් පත ලබා දෙන ලෙස ඉල්ලීමක් කරන්න.

ඔබ නොගන්නා ලද වාර්ෂික නිවාඩු

ඔබ නොගන්නා ලද වාර්ෂික නිවාඩු සඳහා ඔබට ගෙවීම් කළ යුතුය.

එය නීතියෙන් ඔබට ලැබෙන අයිතිවාසිකමකි.

සිදුවනතුරු බලා නොසිට ඔබ ඒ පිළිබඳව විමසිය යුතුය.

පාරිතෝෂික දීමනා (Severance pay – Pitzuim)

ඔබ මෙම සේවායෝජකයා සමග වසරක්වත් සේවයේ නියුතු වූවානම් ඔබට පාරිතෝෂික දීමනා හිමිය.

ඔබගේ මාසික වැටුපට අනුකූලව ලැබෙන මෙම පාරිතෝෂිකය ගණනය කොට දැනගන්න.

ඇතැම් විට සේවායෝජකයින් ඔබට මෙම පාරිතෝෂික දීමනා හිමි නොවන බව පැවසුවහොත් ඒ පිළිබඳව පහත ආයතනයෙන් HaKeren (1-222-3450) විමසා දැනගන්න.

ඔවුන් ඒ සඳහා ඔබට සහය වනු ඇත.

අවුරුදු තුනකට වඩා සේවය කලවිට ලැබෙන පාරිතෝෂික දීමනාව සාමාන්‍යයෙන් සේවා යෝජකයන් විසින් පරිතෝෂික ගිණුමෙහි තැන්පත් කරනු ලැබේ.

ඔබට එයට පිවිසීමට හැක.

ඔබගේ සේවායෝජකයා හෝ ඒජන්සියෙන් ඔබගේ පාරිතෝෂික දීමනාව හා සම්බන්ධයෙන් ගිණුම් අංකය (keren) දැනගන්න.

ඔබගේ ජාතික රක්ෂණය – Bituach Leumi refund

ඔබ සේවය කළ කාලයේ ඔබේ වැටුපෙන් කපා ගත් ජාතික රක්ෂණ වාරිකයෙන් කොටසක් ඔබ ඉවත්වී යන විට නැවත ලබාගත හැක.

මේ පිළිබඳව දැන ගැනීමට ඔබට යෑමට මසකටවත් පෙර 150 අංකය අමතා ඒ පිළිබඳව විස්තර දැනගන්න.

ඔවුන් අමතන කල විදේශීය ශ්‍රමිකයන්ගේ දෙපාර්තමේන්තුව හා සම්බන්ද වන්න.

නැතහොත් ඔබට වැරදි තොරතුරු ලැබිය හැක.

(Mahlakat Ovdim Zarim)

ඔබ පිටවීමට පෙර ලබා ගත යුතු ලිපි ලේඛන

(මේවා ගුවන් ගමනේදී ඔබ අතේ රැගෙන යන බෑගයේ තබාගන්න)

• ඔබ ලබාගත් අවසාන වැටුප් පත

• ලිඛිතව ලබාගත් ඔබගේ පාරිතෝෂික දීමනාවේ ලියවිල්ල
(දැනටමත් ඔබට ගෙවා ඇති හෝ අනාගතේ ගෙවන බවට පොරොන්දු සහිතව)

• සේවා ගිවිසුම් ලිපිය (teudat avoda)
මෙය ඔබගේ සේවා කාලය සහ රැකියා ස්වභාවය විස්තර කරයි.
අනාගතයේ වීසා ඉල්ලුම් කිරීමට මෙය අවශ්‍ය වෙයි.

• ඔබගේ B/1 වීසා පිටපත සහ වැඩ බලපත්‍රය

• ඔබගේ සෞඛ්‍ය රක්ෂණය අත්හිට වූ බවට සහතික ලිපිය

• ඔබගේ බැංකු ගිණුම වැසූ බවට සහතික ලිපිය
(ඔබට ඊශ්‍රායලේ බැංකු ගිණුමක් තිබුණානම්)

• ඔබගේ ජාතික රක්ෂණයේ වාරික ගෙවීම් දත්ත වාර්තාව (Bituach Leumi)

• PIBA ආයතනයෙන් ඔබ සම්බන්ධයෙන් ලද කුමන හෝ ලිපි හෝ නිවේදන

ඔබ රටින් පිටවන කල ඔබගේ වීසා තත්වය

වීසා අවසන් වීමට පෙර ඔබ රටින් පිටවුවහොත් ඔබේ පිටවීම පැහැදිලිය.

ඔබේ ආගමන විගමන වාර්තා මත කිසිදු බලපෑමක් නැත.

එහෙත් ඔබ වීසා අවසන් වීමෙන් පසු රටින් පිටවුවහොත් (එය දින කිහිපයක් පමණක් විය හැක) එය ඔබගේ ආගමන විගමන ලියවිලි මත නරක බලපෑමක් කල හැක.

ඊශ්‍රායලයට පමණක් නොවේ, බොහෝ රටවල් මත එය ඔබට සෘණාත්මක වෙයි.

ඔබට මේ අවස්ථාවට මුහුණ දීමට සිදුවුවහොත්, එනම් රටෙන් පිටුවීමට පෙර වීසා අවලංගු වී ඇත්නම්, පහත ක්‍රියාමාර්ග අනුගමනය කරන්න.

දැනට සිදු වී ඇති ගැටළුව විසඳීමට මාර්ග ඇත.

PIBA (1-800-354-554) ආයතනය අමතා ගත හැකි ක්‍රියාමාර්ග දැනගන්න.

විදේශීය සේවකයන්ගේ නීති උපදේශක ආයතනයට කතා කොට උපදෙස් ලබා ගන්න.

HaKeren (1-222-3450)

සරණාගතයන් සහ සංක්‍රමණිකයන් පිළිබඳව විමසීම් කළ හැකි:

03-560-8000

අමතා උපදෙස් ලබා ගන්න.

මෙවන් අවස්ථාවක එම උපදෙස් මත ක්‍රියා කළ හැක.

ඔබට මේ කිසිවක් සඳහා ඉඩ නැති හදිසි අවස්ථාවක් නම්, තවදුරටත් ඔබට රටින් පිටවිය හැක.

එහෙත් පිටවීමේදී අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානම් වන්න.

හේතු සඳහා සාධාරණ ලියකියවිලි තිබිය යුතුය.

බෙන් ගුරියොන් ගුවන් තොටුපොළින් පිටවීම

ඔබ පැමිණීමේදී අනුගමනය කළ පිළිවෙතම අනුගමනය කළ යුතු වෙයි.

පැහැදිලි වාර්තා සහිත වීම ඉතා අඩු කාලයක් තුලදී ඔබට පිටවීමට අවස්ථාවක් ලබා දෙයි.

ඔබ කොපමණ කාලයක් ඊශ්‍රායලයේ සේවය කළාද?
ඔබේ සේවා යෝජකයා කවුද?
ඔබට නොවිසඳුණු නීති ප්‍රශ්න තිබේද?

වැනි ප්‍රශ්න ඇසීමට ඉඩ ඇත.

අවංකව පිළිතුරු ලබා දෙන්න.

ඔබේ වාර්තා පිරිසුදු නම් ගැටළුවක් නොවෙයි.

බෙන් ගුරියොන් ගුවන් තොටුපලට පැය තුනකටවත් පෙර ළඟාවන්න.

ඊශ්‍රායලයෙන් පිටවීමේ පරීක්ෂා කිරීම් පෝලිම් ඉතා දිගු ය.

(විශේෂයෙන් ඉරිදා උදයේ සහ සිකුරාදා හවස)

ඔබට නැවතත් ඊශ්‍රායලයට පැමිණිය හැකිද

බොහෝ ශ්‍රීලාංකිකයින්ට දෙවන සහ තෙවන වරටත් ඊශ්‍රායලයට පැමිණ සේවය කිරීමේ අවශ්‍යතාව ඇත.

එයට හැකියාවක් ඇතිද යන්න පහත කරුණු මත තීරණය වෙයි.

විදේශීය ශ්‍රමිකයෙක් හට කොපමණ කාලයක් සේවය කළ හැකිද

විශේෂයෙන්ම සත්කාරක සේවයේ යුතු ඔබට වර්ෂ 5
(මාස 63 ආසන්න ලෙස ඇතැම් නීතිවලට අනුව)

එයින් පසු නැවතත් ඊශ්‍රායලයේ සේවයට යෑමට හැකි නොවේ.

නැවතත් අයදුම් කිරීමට පෙර:

PIBA (1-800-354-554)

හරහා ඔබගේ මුළු සේවා කාලය දැනගන්න.

ඔබේ අදහස් මත යැපීම නිවැරදි නොවිය හැක.

ඔබ අදාළ කාලයට වඩා වැඩි කාලයක් සේවය කිරීම තුළින් නැවතත් ඊශ්‍රායලයට යාමේ හැකියාව අපහසුවේ.

එවිට ඔබගේ අයදුම්පත ඉතාමත්ම තදින් පරීක්ෂාවට ලක්වේ.

ගැටලු රහිතව නීතියානුකූලව පැමිණිලි රහිතව බලපෑම් රහිතව පිටවීම නැවතත් ඊශ්‍රායලයට පැමිණීමට පහසුවකි.

ඊශ්‍රායලය හා ශ්‍රී ලංකාව අතරේ පාර්ශ්වික සම්මුති

ඊශ්‍රායලයෙන් ශ්‍රී ලංකාවට එම වසර තුළ ලබාදුන් ශ්‍රමික කෝටාව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ (SLBFE) සහ ඊශ්‍රායලයේ PIBA ආයතනය සමඟ සිදුවන ශ්‍රමිකයන් බඳවාගැනීමේ වැඩපිළිවෙලක් වේ.

ඔබගේ අතීත වාර්තා, ගැටලු, බලපෑම්, චෝදනා යන තත්ත්වද ඔබගේ ඊශ්‍රායලයට නැවත පැමිණීම තීරණයට හේතු සාධක වෙයි.

ඊශ්‍රායලයට සංචාරක වීසා මත පැමිණෙන්නෙකු පසුව ඊශ්‍රායලය තුළ රැකියාවක නිරත වීම, ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමටත් නැවත ශ්‍රමිකයෙක් ලෙස පැමිණීම තහනම් කිරීමටත් හේතුවිය හැක.

නැවතත් ශ්‍රී ලංකාවට රැගෙන යා යුත්තේ

• ඔබ ඊශ්‍රායලය තුළින් ගොඩනගා ගත් වටිනාකම් බොහෝ වෙයි.

• ඔබගේ සේවා ලිපිය (teudat avoda)
මෙය ඔබගේ සේවා හැකියාව පිළිබඳව තක්සේරුවකි.
අනාගත රැකියා ඉල්ලීමකට යහපත් වෙයි.

• බැංකු වාර්තා
මෙම වාර්තා ඔබගේ වැටුප් ඉතිහාසය විදහා දක්වයි.
ඔබගේ බදු සම්බන්ධ කටයුතුවලට මෙය වැදගත් විය හැක.

• ඊශ්‍රායලයේ සෞඛ්‍යායතන විසින් ලබා දුන් ඔබගේ සෞඛ්‍ය සම්බන්ධ වාර්තා.

• (SLBFE) ලියකියවිලි වල ඇති ඔබ රටින් පිට වූ සහ රටට පැමිණීම පිළිබඳ වාර්තා.

ශ්‍රී ලංකාවට පැමිණි වහාම (SLBFE) ට ඔබගේ පැමිණීම වාර්තා කරන්න.

නැවතත් විදේශ සේවයකට යෑමට එවන් නීතිමය වගකීම් දැරීම උපකාරයක් වනු ඇත.

ඔබ පැහැදිලිව පිරිසුදුව යහපත් ලෙස ඊශ්‍රායලයෙන් පිටවීම නැවතත් සේවය සඳහා ඊශ්‍රායලයට පැමිණීමට ඇති හොඳම මාර්ගයයි.

එවන් පිටවීමක් සඳහා ඔබට උපදෙස් අවශ්‍ය නම්:

Go to: LankaConnect.com/ask-the-expert

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.