
ඊශ්‍රායලයේ විදේශීය ශ්‍රමිකයෙක් ලෙස ඔබ සතු සේවක අයිතිවාසිකම් අතර අවම වැටුපක්, නියමිත වැටුප් පත්, නියමිත විවේකයක්, වාර්ෂික නිවාඩු, අසනීප නිවාඩු, සෞඛ්‍ය රක්ෂණයක්, සේවායෝජකයා ඔබගේ සේවය අත්හිටවනවානම් ඒ සඳහා දැනුවත් කාලයක්, සේවය වසරකට පසු ලබන පාරිතෝෂිකයක් යන මෙවන් බොහෝ අයිතිවාසිකම් ඔබ සතුය. මෙයින් අදහස් කරන්නේ ඔබට ඒ පිළිබඳව යම් දැනීමක් ලබා දීමයි.
ඊශ්‍රායල් නීතියට අනුව විදේශීය ශ්‍රමිකයන් සතු අයිතිවාසිකම්
බොහෝ විට විදේශීය ශ්‍රමිකයන්ටද ඊශ්‍රායෙල් වැසියන්ට මෙන්ම මූලික කම්කරු අයිතීන් හිමිවේ. ඒ හැරුණු විට විදේශීය ශ්‍රමිකයන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් විශේෂ නීති ද වේ.
ඒවා අතර
• අවම වැටුප
• වැටුප්පත්
• අති කාල දීමනා
• සතියකට වරක් නිවාඩු දිනය
• වාර්ෂික නිවාඩු
• ලෙඩ නිවාඩු
• සෞඛ්‍ය රක්ෂණය
• වර්ෂයක් අවසානය ලැබෙන පාරිතෝෂිකය (dmei havra’a)
මෙය ලැබිය යුතු දිනවකවානුවක් නැතත්, වර්ෂයක් අවසාන කළ සේවයට, ජුනි මස හෝ ජූලි මස වැටුපට එකතු කරනු ලබන මෙම පාරිතෝෂිකය පිළිබඳව, ඔබ දැනුවත් විය යුතුය.
සේවායෝජකයාගෙන් ඒ පිළිබඳ විමසිය යුතුය.
විදේශ ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ 2026 ප්‍රකාශ කළ ලියවිල්ල මගින් ඔබටම ඒ පිළිබඳව දැන ගැනීමට අවස්ථාවක් දෙයි.
පොදු ශ්‍රමික අයිතිවාසිකම් හැරුණු කොට, ඔබ රැකියාව කරන ක්ෂේත්‍රයට අදාල (සත්කාරක, කෘෂිකර්මාන්ත, ඉදිකිරීම් වැනි) විශේෂ අයිතිවාසිකම් ද වේ.
ඒ හැරුණු කොට
ඔබ රැකියාවේ යෙදී සිටියදී (වැඩ බිමේදී හෝ රැකියාවට සම්බන්ධ ගමනක දී) අනතුරකට භාජනය වුවහොත් ජාතික රක්ෂණය ආයතනය (Bituach Leumi) හරහා ප්‍රතිලාභ ලබාගත හැක.
අනතුර සිදුවූ වහාම ඔබගේ සේවායෝජකයාට සහ රක්ෂන ආයතනයට දැනුම් දෙන්න.
දැනුම් දීම ප්‍රමාද වන තරමට ප්‍රතිලාභ ලබා ගැනීම අපහසු වෙයි.
ඔබ ගර්භිනී වුවහොත්
මේ අවස්ථාවේදී ඔබට විශේෂ වරප්‍රසාද හිමි වේ.
සේවායෝජකයාට ඔබ පිළිබඳ සාමාන්‍ය තීරණ ගත නොහැක.
රැකියාවෙන් ඉවත් කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවෙන් පූර්ව අනුමැතිය ගත යුතුය.
ගර්භිනී නිවාඩු දීමනා වැනි අයිතිවාසිකම් යම් තත්ත්වයන් යටතේ ඔබට ලබාගත හැක.
මේ සම්බන්ධ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවුවහොත්, ඔම්බුට්ස්මන්ඩ් වරයා (Ombudsman – ගැටලු වෙනුවෙන් පෙනී සිටින මහජන නිලධාරියෙකි) සමඟ සාකච්ඡා කොට තීරණයකට එළඹෙන්න.
ඔබේ ආරක්ෂාව වෙනුවෙන් තබාගත යුතු ලිපි ලේඛන
• ගුවන් ගමන් බලපත්‍රය
• වීසා බලපත්‍රය
• සේවායෝජකයාගේ විස්තර
• බැංකු ගිණුම් විස්තර
• වැටුප් වාර්තා
• නිවාස විස්තර
• රැකියා ස්ථානගත කිරීම සම්බන්ධ ඒජන්සියේ විස්තර
• කිසියම් ලිඛිත තොරතුරු ඇතුළත් ලේඛන
• රැකියා මුර සේවා සම්බන්ධ විස්තර
• රැකියාවට සම්බන්ද වට්ස්අප් පණිවිඩ
• ඔබට ලබා දුන් නිවාසය තත්ත්වය පිළිබඳ විස්තර
(යම්කිසි අසාධාරණයකදී ඔබට ඔබගේ රැකියා ඒජන්සියට විරුද්ධව ඔම්බුඩ්ස්මන් නිලධාරියාට පැමිණිලි කළ හැක.)
ඉහත සියලුම ලේඛන භෞතිකව ඔබ ළඟද, ඩිජිටල් ක්‍රමයට ඔබගේ ඊමේල් හා cloud අවකාශයේ තැන්පත් කරන්න.
කිසියම් අවස්ථාවක මාස හයකට පෙර ඔබට ගෙවූ මුදල් පිළිබඳ ඔප්පු කිරීමට සිදුවී නම්, ඔබ සතුව වැටුප් වාර්තා තිබිය යුතුය.
වැඩ කළ පැය ගණන, කළ ගෙවීම්, ලබාගත් නිවාඩු යන මේවා පිළිබඳ වාර්තා තබා ගැනීම අනිවාර්යයි.
මේ සියල්ල ඔබ සිදු කරනු ලබන්නේ කිසිවෙකුට තර්ජනයක් වීමට නොව, ඔබේම මතු ආරක්ෂාව සඳහා පමණි.
ඊශ්‍රායලයේ විදේශ සේවකයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මාර්ගෝපදේශ පොතෙහි
පහත සඳහන් ලියැවෙළි තුල අදාළ පැහැදිලි කිරීම් සහිතය
• අංක 14 අවම වැටුප
• අංක 15 අතිකාල දීමනා
• අංක 16 වාර්ෂික නිවාඩු
• අංක 17 වැටුප්පත
• අංක 18 සේවය අවසන් කිරීම
• අංක 19 සහ 20 දැනුම් දීම් සහ ලබාදෙන පාරිතෝෂිතය
• සති නිවාඩු දිනය, ආගමික නිවාඩු දිනයන් සහ ඒ සඳහා ලැබෙන නීතිමය රැකවරණය — අංක 21
• ප්‍රායෝගිකව සිදුවන ශ්‍රම සූරා කෑම පිළිබඳ වාර්තා තබා ගැනීම
• 22 23 දිගින් දිගටම සිදුවන ශ්‍රම සූරාකෑමට විරුද්ධව ඊට අදාළ සාක්ෂි රැස්කිරීම
• අංක 23 සිදුවන දේ ගැනීම ඒ පිළිබඳ වාර්තා තබා ගැනීම ඒ පිළිබඳව ගැටුමක් ඇති නොවන ලෙස සේවායෝජකයා සමඟ සාකච්ඡා කිරීම
• අංක 24 සන්සුන් එහෙත් ප්‍රතිඵලදායක ක්‍රමවේදයක් ඔස්සේ ගැටලුව විසඳගැනී විසඳා ගැනීම
ගැටලුවකදී ඒ පිළිබදව නිශ්ශබ්දව නොඉඳ, චෝදනා නොකර නිවැරදි දිනය, මුදල හෝ වැඩ මුරයන් පිළිබඳව ලිඛිතව අසා දැන ගැනීම, ලැබෙන පිළිතුර ආරක්ෂාකාරීව තබා ගැනීම සිදු කරන්න.
පිළිතුරක් නොලැබුණ කළ හෝ සේවායෝජකයා සමඟ සාකච්ඡා කිරීමට නොහැකි තරම් ගැටලුකාරී නම්, ඔම්බුඩ්ස්මන් නිලධාරියෙකුගේ (කම්කරු අමාත්‍යාංශය යටතේ සිටින විදේශීය ශ්‍රමිකයින්ගේ රැකියා හා කම්කරු අයිතිවාසිකම් සම්බන්ධ නිලධාරියෙකි.) සහාය ලබාගත හැක.
(නීතිඥයෙකුගේ සහාය වෙනුවට)
ඔබගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන ආයතන
• PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.
• විදේශීය ශ්‍රමිකයාට මින් ඔබ්බට ක්‍රියාමාර්ගයක් ගත යුතු යැයි හැඟේ නම්, HaKeren ආයතනය හරහා ක්‍රියාත්මක විය හැක.
(විදේශීය ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන ආයතනයකි)
• ඊශ්‍රායලයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයද, ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි. ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයන් සහ විස්තර ඔබ ළඟ තබා ගන්න.
1 Ben Gorion Street, Bnei Brak
03-527-7635
• Shlomo (Selma) ආයතනය
53 පාර, ටෙල් අවිවි
gov.il Foreign Worker Rights
(search: foreign worker rights)
පැමිණිල්ලක් කළ යුතු කාල සීමාව
වැටුප් පිළිබඳ ගැටලුවකදී වර්ෂ 7 ඇතුළත පැමිණිල්ල කළ යුතුය.
එහෙත් අනෙකුත් පැමිණිලි සඳහා කාලය ඊට බොහෝ සෙයින් අඩුවිය හැක.
ගැටලුව ඇති වූ වහාම පැමිණිලි කිරීම ආරක්ෂාකාරී විය හැක.
ඔබට අපැහැදිලි අවස්ථා ඇත්නම් නිල ක්‍රමවේදයක් යටතේ උපදෙස් ලබා ගන්න.
පොදු උපදෙස් වෙනුවට තමාගේම ප්‍රශ්නයටම උපදෙස් ලබා ගන්න.
LankaConnect Ask an Expert feature.
වෙබ් අඩවිය හරහාද ඔබට මෙම සේවාව සැපයෙයි.
ඔබ පිළිබඳව සහ ඔබේ අයිතිවාසිකම් පිළිබඳව දැනුවත්භාවයෙන් සිටින විට
කල් නොගොස්ම ඔබට යම් ගැටලුකාරී තත්ත්වයක් තිබේ නම්, එය සොයා ගත හැකිවෙයි.
පහත දෑ පිළිබඳ පරීක්‍ෂාකාරී වන්න
• ගමන් බලපත්‍රය හා වීසා බලපත්‍රය භෞතිකවත්, ඩිජිටල් ලෙසත් ආරක්ෂාකාරීව තබාගන්න.
• වැටුපත් සහ බැංකු ප්‍රකාශන පිළිවෙලින් තබාගන්න.
• ඔබ වැඩ කළ පැය ගණන, ලබාගත් නිවාඩු පිළිබඳ වාර්තා.
• සෑම මසකම ඔබගේ වැටුප් පත පරීක්ෂා කරන්න.
• ගැටලුවක් ඇතිවූ වහාම ලිඛිතව දැනුම් දෙන්න.

Comments