
ඊශ්‍රායලය වෙසෙන බොහෝ විදේශිකයන්, නීතිමය ගැටලුවලට හසුවන්නේ ඔවුන් සිතා මතා කරන වැරදිවලින් නොව අතපසුවීම් සහ අමතක වීම් වැනි සුළු කරුණු නිසාය.
වාසනාවකට මෙන් ඒවා ඉක්මනින් හඳුනා ගන්නා තරමට නිවැරදි කිරීමද පහසුය.
1 – ගමන් බලපත්‍රයේ කල් ඉකුත් වීමේ දිනය නොදැන සිටීම
ඊශ්‍රායල් ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුව ගමන් බලපත්‍රය සේවා කාලය අවසන් වන දිනයේ සිට තවත් මාස හයක්වත් කාලය තුළ වලංගුතාවයේ තිබිය යුතුය.
ඇතැම් විදේශිකයන් එය හඳුනා ගන්නේ PIBA ආයතනයේදී වීසා අලුත් කිරීමට ගිය අවස්ථාවක විය හැක.
දැන් ඔබ ගිය කටයුත්ත පසෙක තබා ගමන් බලපත්‍රය අලුත් කරවා ගැනීමට යොමු විය යුතුය.
ආරක්ෂාකාරී පියවර
ඔබේ ගමන් බලපත්‍රය කල් ඉකුත් වීමට දින 90 පමණ පෙර සංඥා ලබාදීමක් දුරකථනයේ යොදා ගන්න.
ගමන් බලපත්‍රය අලුත් කරවා ගැනීම සඳහා ටෙල් අවිව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යා යුතුය.
ඒ සඳහා සති කිහිපයක් ගතවනු ඇත.
2 – වීසා සහ වැඩබලපත්‍ර වල කල් ඉකුත් වීමේ දිනය පටලවා ගැනීම
ඔබගේ B/1 වීසා බලපත්‍රය සහ වැඩ බලපත්‍රය සම්පූර්ණයෙන් වෙනස් ලේඛන දෙකකි.
කල් ඉකුත් වන දිනයන්ද දෙකකි.
එක බලපත්‍රයක මතකයෙන් අනෙක අමතක විය හැක.
අනෙක් බලපත්‍රයේ කල් ඉකුත් වී ඇත්නම් ඔබ ඒ ගතකරන්නේ නීතියට පටහැනි කාල පරිච්ඡේදයකි.
ආරක්ෂාකාරී පියවර
ඔබේ වැඩ බලපත්‍රය අලුත් කරවා ගැනීමට සේවායෝජකයාට / ඒජන්සියට මතක් කරන්න.
එය ඔබේ වගකීමයි.
3 – ඔබේ ලියකියවිලි වල පිටපත් තබා නොගැනීම
යම්කිසි හදිසි අවස්ථාවක මුල් පිටපතක් නැතිවුවහොත්, හෝ අවතැන් වුවහොත් ඔබේ අනන්‍යතාවය ඔප්පු කිරීමට හැකියාවක් නැති වනු ඇත.
ආරක්ෂාකාරී පියවර
ඕනෑම වැදගත් ලියවිල්ලක් ලැබුණු වහාම එහි පිටපතක් ළඟ තබා ගන්න.
ඩිජිටල් පිටපතක් තමාගේ ජංගම දුරකථනයේ තබාගන්න.
තවත් ඩිජිටල් පිටපතක් විශ්වාසවන්තයෙකු ළඟ තබන්න.
Google Drive සහ email හිද තැන්පත් කර තබන්න.
4 – නිසි අවබෝධයකින් තොරව ලේඛන වල ඔබගේ අත්සන යෙදීම
බොහෝ විට සේවා යෝජකයා ඔබට අත්සන් කරන්න යැයි පවසන ලියකියවිලි වලට ඔබ අවධානයක් නොදී අත්සන් කරයි.
එය ඔබ එකඟ නොවූ වැටුප් අඩු කිරීමක් හෝ වෙනයම් අවාසිදායක තත්වයක් විය හැක.
ආරක්ෂාකාරී පියවර
ඔබ නොදන්නා, ඔබට අවබෝධ කරගත නොහැකි භාෂාවක ලේඛනයක් අත්සන් කිරීමෙන් වළකින්න.
එය අත්සන් කිරීමට පැය 24 කාලයක් ඉල්ලන්න.
ඒ කාලය තුළ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගන්න.
ඔබට කාලයක් නොලැබෙන්නේ නම් එයම, ලේඛනයේ වංචා සහගත බවට ඉඟියකි.
5 – ගමන් බලපත්‍රය වෙනකෙකු භාරයේ නොතබන්න
මොනයම් හේතුවකට හෝ ඔබගේ ගමන් බලපත්‍රය සේවායෝජකයාට හෝ වෙනත් කිසිම කෙනෙකුට තබා ගැනීමට ඉඩ නොදෙන්න.
සේවා යෝජකයා අතුරුදහන් වුවහොත්, පත්‍රය අවශ්‍ය විට ඔබ ළඟ නොතිබුණහොත් නීතිගරුක නොවීමේ වරදට හසු විය හැක.
ආරක්ෂාකාරී පියවර
ගමන් බලපත්‍රය අවශ්‍ය අවස්ථාවක ඒ වෙනුවට සහතික කරන ලද පිටපතක්ම දෙන්න.
ඇත්තෙන්ම ගමන් බලපත්‍රය දීමට අවශ්‍ය වන්නේ ඔබ රටකින් රටකට යන විටදී සහ PIBA සහතික කිරීම් වලදී පමණි.
එහෙත් ඒ අවස්ථා දෙකේදීම එය භාරදිය යුත්තේ ඔබ විසිනි.
එය ඔබ සතු, ඔබ භාරේ තැබිය යුතු ලේඛනයෙකි.
6 – වීසා අලුත් කර ගැනීම පිළිබඳ “කට වචන” විශ්වාස නොකරන්න
බොහෝ විට වීසා බලපත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පැවසුවද, එසේ නොවන අවස්ථාද, ඔබව රවටා සේවය ලබා ගැනීම සඳහා තබා ගන්නා අවස්ථාද විය හැක.
ආරක්ෂාකාරී පියවර
ඔබේ වීසා අලුත් වීම පිළිබඳ අදාළ ලියකියවිලි ඉල්ලා සිටින්න.
PIBA ආයතනයෙන් ලැබුණු ලදු පතක් හෝ ලියවිල්ලක් ඉල්ලා සිටින්න.
PIBA ආයතනයට ඔබම කතා කොට ඒ පිළිබඳව විමසන්න.
(1-800-354-554)
7 – ලියකියවිලි ඔබගේ දුරකථනය පමණක්ම තැන්පත් කර තැබීම
දුරකථනය නැතිවීම, ක්‍රියාකාරීත්වය අත්හිටීම වැනි ඕනෑම තත්ත්වයක් ඇතිවිය හැක.
එවන් මොහොතක ලියකියවිලි ඇත්තේ ඔබේ දුරකථනයේ පමණක් නම් ඔබ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දෙයි.
ආරක්ෂාකාරී පියවර
සියලුම වැදගත් ලේඛන වල ඡායාරූප සහ ඩිජිටල් ලේඛන Google Drive, email කරන්න.
ඔබගේ විශ්වාසවන්තයකුගේ දුරකථනයටද යවන්න.
8 – ඔබගේ වැටුප් පත් එකතු නොකිරීම
වැටුප්පත් යනු ඔබට මුදල් ලබා දුන් බවට දෙන සහතිකයයි.
විශේෂයෙන් ඔබ සේවයෙන් ඉවත් වන විට ගණනය කිරීම් සඳහා අත්‍යවශ්‍ය වෙයි.
ආරක්ෂාකාරී පියවර
මුද්‍රිත වැටුප් ලදුපත් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන්න.
ඔබේ වැටුප සිදුවන්නේ බැංකුව හරහා නම් සෑම මාසයකම බැංකු හරබැර විකාශන පතක් ලබා එකතු කරගන්න. (bank statement)
9 – ඔබගේ රැකියාව අයත් වන්නේ කුමන ක්ෂේත්‍රයකටදැයි නොදැන සිටීම
සියලුම ලේඛන සහිතව නීතිගරුකව ඔබ ජීවත් වෙනවා වුවද අයත් ක්ෂේත්‍රය නොදැන සිටීමෙන් අනවශ්‍ය ගැටළු වලට මැදිවීමට හැක.
ආරක්ෂාකාරී පියවර
ඒජන්සිකරුගෙන් ඔබගේ ක්ෂේත්‍රය පිළිබඳ සරලව විස්තරයක් ලබාගන්න.
ක්ෂේත්‍රය සහ ඊට අදාළ රැකියා පිළිබඳ හොඳ දැනීමක් ලබා ගන්න.
10 – ඔබට අසාධාරණයක් හෝ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවූ කල එය අදාළ ආයතන වෙත දැනුම් දීමට මැලිවීම
බොහෝ විට ශ්‍රමිකයෝ තමන්ගේ සේවායෝජකයා සමඟ ගැටලු ඇතිකර ගැනීමට ඇති අකමැත්ත නිසා ඉවසා සිටියි.
මෙය ගැටලුව භයානක වීමට ප්‍රධාන හේතුවකි.
ආරක්ෂාකාරී පියවර
ඔබගේ ලේඛනවල සහ ජීවන රටාවේ තර්ජනාත්මක තත්වයක් ඇතිවුවහොත් පැය 24 – 48 ඇතුලත අදාළ ස්ථානවලට පැමිණිලි කරන්න.
ඉක්මනින් ක්‍රියාත්මක වීම ගැටලු විසඳා ගැනීමට ඇති හොඳම මගයි.
අනුගමනය කරන්න
ඔබගේ ගමන් බලපත්‍රයේ වලංගුතාවය, වීසා බලපත්‍රයේ වලංගුතාවය සෑම මසකම පළවෙනි දින පරීක්ෂා කරන්න.
වැටුප්පත් එකතු කරන්න.
ලේඛනයකට අත්සන් කිරීමේදී අවබෝධයෙන් අත්සන් කරන්න.
ගමන් බලපත්‍රය ළඟ තබා ගන්න.
සේවය කරන ක්ෂේත්‍රය පිළිබඳව දැනුමක් ඇතිව කරන්න.
ඔබේ ලේඛන ආරක්ෂා කර ගැනීමට අදාළ පියවර අනුගමනය කරන්න.
තවදුරටත් ඒ පිළිබඳ දැනගැනීමට යමක් ඇත්නම්:
Go to: LankaConnect.com/ask-the-expert

Comments