
ඊශ්‍රායලයේ වෙසෙන විදේශීය ශ්‍රමික ඔබ, ඔබේ ශ්‍රමය සූරා කෑමකට කැමැත්තෙන් ඉඩ නොදුන්නත්, නොදැනුවත්වම, කාලයත් සමඟ එවන් යමක් සිදුවිය හැක. තමාට නියමිත සේවයට වඩා වැඩ කරන සෑම පැයක් වෙනුවෙන් ගෙවීමක් නොකරන්නේ නම්, එය ඔබෙන් උදුරා ගත් අයිතියකි. ඔබව සූරාකෑමට ලක් කිරීමකි.
වැඩ කරන කාලය සඳහා මූලික නීති
ඊශ්‍රායලයේ වැඩකරන දින 6 සතියකට නම් පැය 47 කාලයකි.
දින 5 සතියකට නම් පැය 43 ක කාලයකි.
දිනකට වැඩ කරන පැය ගණන දින 6 සතියකට නම් දිනකට පැය 8 වන අතර, දින 5 සතියකට නම් පැය 9 වෙයි.
ඉහත කාලයට වඩා ඔබ වැඩ කරන්නේ නම් එය අතිකාල සේවයකි.
අතිකාල ගෙවීම
අතිකාල පළමු පැය දෙක සඳහා සාමාන්‍ය පැයක මෙන් 125% වේතනයක් ලැබිය යුතු අතර,
පැය දෙකට වඩා වැඩි අතිකාල පැයක් සඳහා සාමාන්‍ය පැයක මෙන් 150% වේතනයක් ලැබිය යුතුය.
උදාහරණයක් ලෙස
ඔබ පැය දහයක් වැඩ කළ දිනෙක
වැටුපතෙහි ඇත්තේ පැය 8 ලෙස නම්, අති කාල පැය දෙක ඔබෙන් ගිලිහී ඇත.
ඒ පිළිබඳව ඔබ සැලකිලිමත් විය යුතුය.
එහෙත් ඔබ සත්කාරක සේවයේ නියුතු ශ්‍රමිකයෙක් නම්
බොහෝ විදේශික ශ්‍රමිකයන් නියුතු වන්නේ සත්කාරක සේවය තුළයි.
තමා රැක බලා ගන්නා පුද්ගලයාගේ නිවස තුළම ජීවත්ව ජීවත් වන ඔබට බලපාන අතිකාල ගෙවීම්, මෙයට වෙනස් ආකාරයකින් සිදුවේ.
ඒ ඔබ පැය විසි හතර පුරාම තමන්ගේ රැකියා ස්ථානය තුළ රැඳෙන බැවිනි.
මෙයින් අදහස් වන්නේ ඔබ වැඩ කරන කාලය, අතිකාල සේවය, නිවාඩු වෙනස් ආකාරයකින් ගණනය වනවා මිස, ඔබෙන් අයිතීන් බැහැරවීමක් වීම නොවේ.
රැක බලා ගන්නා සමගම ජීවත්වීමත්, අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවක සේවය වෙනුවෙන් පෙනී සිටීමට සිදුවීමත් නිසා ඔබට අතිකාල සහ නිවාඩු පිළිබඳ අදහසක් ලබා ගන්නේ කෙසේදැයි ගැටළුවක් විය හැක.
මෙය සංකීර්ණ නම් ඔබ සැබැවින්ම මේ පිළිබඳ විශේෂඥයෙකු / ඔම්බුඩ්ස්මන් නිලධාරියෙකුගෙන් උපදෙස් ලබා ගැනීම යහපත් වේ.
Lank Connect හරහාද ඔබට තොරතුරු ගත හැක.
එහෙත් ඔබ ලබාගත යුතු වන්නේ ඔබේම තත්ත්වයන් මත පැන නැගුණු ගැටලුවලට විසඳුම් මිස පොදු ගැටළු මත විසඳුම් නොවේ.
සේවය කරන කාලය යනු
ඔබ සිතන අයුරින් එය ඔබගේ රැකියා ගිවිසුමේ ඇති කාලය පමණක්ම නොවේ.
• සේවා යෝජකයාගේ ඉල්ලීම මත එහි රැඳෙන කාලයක්
• ඔබව පුහුණු කිරීමට යොදා ගන්නා කාලයත්
• අදාළ වැඩ වෙලාවට පෙර හෝ පසු යම්කිසි වැඩක් නිම කිරීමට ගත වූ කාලයත්
• ඔබගේ නිවාඩු දිනයේ සිදුකරන ලද යම්කිසි කාර්යයන්
• සේවා යෝජකයා ඔබට කිසියම් වෙලාවකට කලින් පැමිණෙන ලෙස (මූලික ලක ලෑස්ති වීම සඳහා) ඉල්ලීමක් කළහොත් ඒ කාලයත්
යන මේ සියල්ල ඔබ අතිකාලව සේවය කරන කාලයකි.
ඒ සඳහා ඔබ අති කාල දීමනා ලැබීමට සුදුසුය.
සතියේ නිවාඩු දිනය
ඊශ්‍රායලයේ රැකියා කරන්නන් සඳහා සතියකට වරක් පැය 25 ක නිවාඩුවකට අයිතිවාසිකම් ලබයි.
ඔබේ මෙම නිවාඩුව දිගින් දිගටම සේවය සඳහා යෙදීමට සිදුවේ නම්, (හදිසි කැඳවීම්, අත්‍යවශ්‍ය වැඩ කටයුතු වැනි) ඔබට ඔබගේ විවේකී දවස මඟ හැරෙයි.
එය දිගින් දිගටම සිදුවෙයි නම් ඒ පිළිබඳව වාර්තා තබාගත යුතුය.
සේවායෝජකයාගෙන් විමසිය යුතුය.
ගැටලුව සංකීර්ණ වීමට පෙර ඒ පිළිබඳව අවධානයෙන් සිටින්න
දිනපතා රැකියා දත්ත සටහන් කරන්න.
ඔබේ ජංගම දුරකථනය මෙයට සෑහේ.
දිනය, සේවය ආරම්භ කළ වේලාව, අවසන් කල වෙලාව, සාමාන්‍ය දින චර්යාවට වෙනස් වූ වැඩ උපදෙස්, ඔබගේ විවේකී දිනයේ වැඩකළාද යන බව සටහන් තබන්න.
මාස කිහිපයකට පසු කිසියම් ගැටළුවක් උද්ගත වුවහොත් වැටුප් වාර්තාවල සඳහන් සේවය කළ කාලයත් සැබෑ කාලයත් අතර වෙනස ඔබට පැහැදිලි කළ හැක.
ඔබ ගතයුතු ප්‍රථම පියවර වන්නේ (අඩුවෙන් වැටුප් සාදා ඇති දිනයට අදාළව) සැබෑවට වැඩ කළ පැය ගණනත් වැටුප් අතෙහි ඇති පැය ගණනක් පිළිබඳව සේවායෝජකයාගෙන් ලිඛිතව විමසීමයි.
මෙයින් කරුණු කිහිපයක් ඉස්මතු වෙයි.
ඔබ වාර්තා තබා ගන්නා බව.
ඒ සඳහා සේවායෝජකයාට පිළිතුරක් තිබිය යුතු බව.
එම පිළිතුර මත සේවා යෝජකයා ඔබට සලකන ආකාරය අනුව, ඒ පිළිබඳව තක්සේරුවක් ඔබටම කළ හැකි බව.
පරික්ෂාකාරී විය යුතු අංග
• දිනපතා ඔබගේ සේවා කාලය (දින 6 සතියකට නම් පැය 8 වන අතර දින 5 සතියකට නම් පැය 9 වෙයි.)
• දිනපතා සේවය පටන් ගන්නා සහ අවසන් කරන වෙලාව විවේක කාලය ද ඇතුළුව
• විවේක කාලයේ දී වැඩ කළා නම් ඒ බව
• වැටුප් පත සමඟ ඔබගේ සේවා කළ කාලයේ ගැලපේද අතිකාල ගෙවා ඇතිද යන්න
• ඔබ ජීවත් වන්නේ රැකබලා ගන්නාගේ නිවස තුළම නම් ඔබේ ගිවිසුමට අදාළ විශේෂ කරුණු
• වැටුප් පත සහ සේවා වාර්තා නොගැලපේ නම් ඒ පිළිබඳව ලිඛිතව ඒ පිළිබඳව විමසීම
සහය ලබාගත හැකි ආයතනය
• ඔම්බුඩ්ස්මන් නිලධාරියා
කම්කරු අමාත්‍යාංශය
(වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට උපදෙස් ගත හැක. භාෂා කිහිපයකින්ම.)
• Shlomo (Selma) ආයතනය
53 පාර, ටෙල් අවිවි
gov.il Foreign Worker Rights
(search: foreign worker rights)
• PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.
• ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද, ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.
1 Ben Gorion Street, Bnei Brak
03-527-7635
• LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න.

Comments