ඊශ්‍රායලයේ විදේශීය ශ්‍රමික ඔබට, තමන්ගේ මව් රටට යෑමට හෝ, වෙනත් අත්‍යවශ්‍ය කරුණක් සඳහා දින කිහිපයක් නිවාඩු ගැනීමේ අවශ්‍යතාවයක් මතුවිය හැක.

මේ අවස්ථාවේදී ඔබට කවදා නිවාඩු ගත හැකිද? දින කීයක් ඔබට නිවාඩු ගත හැකිද? සේවායෝජකයා අනුමත නොකළහොත් කල හැක්කේ කුමක්ද?

වාර්ෂික නිවාඩු සරල ලෙස දැණුනත් ප්‍රායෝගිකව ලබාගන්න අවස්ථාවේදී ගැටලු සහගත විය හැක.

2026 දී, නිකුත් කරන ලද විදේශ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් අත් පොතෙහි සඳහන් පරිදි,

එක් සේවා යෝජකයෙක් යටතේ වැඩ කරන පලවන අවුරුදු පහට වසරක් සඳහා ඔබට දින 16ක වාර්ෂික නිවාඩුවක් හිමිවෙයි.

වසර පහකින් පසු මෙම ගණන වැඩි වේ.

නීතිය මෙසේ වුවත් ප්‍රායෝගිකව එය ඔබට බලපාන අයුරු වටහාගත යුතුය

ඔබ සතියකට දින 6 ක් සේවය කරන්නේද, 5ක් සේවය කරන්නේ ද යන්න මත ඔබ ලබන වාර්ෂික නිවාඩු ගණන වෙනස් නොවුනත්, ඔබේ නිවාඩු සටහන තවකෙකුගේ නිවාඩු සටහනට වඩා වෙනස් විය හැක.

වාර්ෂික නිවාඩු ලෙඩ නිවාඩු සහ පොදු නිවාඩුවලට වඩා වෙනස් වෙයි.

වාර්ෂික නිවාඩු, අසනීප නිවාඩු, පොදු නිවාඩු

එකිනෙකට වෙනස් වූ කාණ්ඩ තුනක නිවාඩුවේ.

එක කාණ්ඩයක නිවාඩු වෙනුවෙන් වෙන කාණ්ඩයක නිවාඩු ලබාගැනීමට හෝ, නොගත් නිවාඩු වලට ගෙවන ගෙවීම් ලබා ගැනීමට හෝ නොහැක.

එකට අදාල නීති රීති අදාළ වන්නේ එයටම පමණි.

(විශේෂ හේතුවක් මත වෙනස් කළහොත් හැර)

නිවාඩු පිළිබඳ මනා දැනීමක් නොමැති කල, ඔබේ නිවාඩු අයිතීන් ඔබෙන් ගිලිහීයා හැක.

නිවාඩුවක් ලබා ගත යුතු ක්‍රමවේදය

අත්‍යවශ්‍ය නිවාඩුව, ලේඛනයකින් ඉල්ලන්න.

WhatsApp පණිවිඩයක් වුවත් මේ සඳහා ප්‍රමාණවත් වේ.

ඔබට අවශ්‍ය දිනය, සහ ඔබේ නිවාඩුව අනුමත කරන පණිවිඩය අවශ්‍ය බව සඳහන් කරන්න.

වාචිකව කරන ඉල්ලීම් මෙන්ම, වාචිකව සිදු කරන අනුමැතීන්ද පසුව වෙනස් විය හැක.

අමතක විය හැක.

බොහෝ විට විදේශීය ශ්‍රමිකයන්ට පැන නගින ගැටලුව වන්නේ, වාර්ෂික නිවාඩුව තීරණය කරන්නේ කවුද යන්නයි.

මෙහිදී ඇත්තෙන්ම සේවායෝජකයාට ඔබගේ වාර්ෂික නිවාඩුව ගතයුතු කාලය, යම්කිසි සාධාරණ හේතුවක් මත තීරණය කළ හැක.

එහෙත් ඔවුන්ට ඔබගේ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ නොහැක.

දිගින් දිගටම ඔබට අවශ්‍ය දින වෙනුවට සේවායෝජකයා ඔහුට අවශ්‍ය දිනම ලබා දෙන්නේ නම්, ඔබට ඔම්බුඩ්ස්මන් නිලධාරියාගේ උපදෙස් පැතිය හැක.

ඔබ රැකියාවෙන් ඉවත් වන අවස්ථාවේදී නොගන්නා ලද වාර්ෂික නිවාඩු

මේ අවස්ථාවේදී ඔබ නොගත් වාර්ෂික නිවාඩු සඳහා ගෙවීම් කළ යුතුය.

ඔබගේ අවසන් වැටුප් සහ මුදල් පියවීමට පෙර අදාල ලියකියවිලි පිරික්සන්න.

එහි ඔබ නොගත් වාර්ෂික නිවාඩු වෙනුවෙන් ගෙවීම් සටහන් විය යුතුය.

අපහැදිලි නම් අදාල නිලධාරියකුගෙන් විමසන්න.

අවසන් මොහොතේ නිවාඩු සම්බන්ධ ගැටළු මතුවීමට පෙර,

ඔබේ ආරක්ෂාව වෙනුවෙන් නිවාඩු දත්ත සටහන් කර තබා ගන්න.

• නිවාඩු අයදුම් කළ දින
• අනුමත කළ පණිවිඩය
• වැටුපතෙහි නිවාඩු වෙනුවෙන් යම්කිසි අඩුකිරීමක් කොට ඇත්නම්

ඒ පිළිබඳව යන මේ සියල්ලම සටහන් කොට තැබීමෙන් ඔබට ඔබ වෙනුවෙන් පෙනී සිටිය හැක.

පහත කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න

• ඔබගේ සේවා කාලය, ඔබ වැඩ කරන වෙලාව යන මේවා මත පදනම් වූ ඔබ සතු වාර්ෂික නිවාඩු ප්‍රමාණය දැන ගන්න.

• ඔබ අයදුම් කළ, අනුමත වුන, ඔබ ලබාගත් යන මේ සියලුම නිවාඩු විස්තර සටහන් වශයෙන් තබාගන්න.

• නිවාඩු අයදුම් කරන විට ලිඛිතව කරන්න.

• අනුමත කිරීම් ලිඛිතව ලබාගන්න. ආරක්ෂාකාරීව තබාගන්න.

• නිවාඩු අනුමත කර ගැනීමකින් තොරව, ගමන් බිමන් සංවිධානය කර නොගන්න.

• ඔබගේ මාසික වැටුප් පතෙහි ඔබ ගත් නිවාඩු වලට අදාළ යමක් සටහන්ව ඇත්නම්, ඒවා ඔබගේ පෞද්ගලික සටහනට අනුකූල දැයි පරීක්ෂා කරන්න.

• රැකියා අවසානයේ අවසන් ගෙවීම් කිරීමට පෙර, නොගන්නා ලද නිවාඩු සඳහා ගෙවීම් කොට ඇත්දැයි පරීක්ෂාකාරී වන්න.

ගැටළුවක් ඇත්නම් පහත ආයතනයන්ගෙන් උපදෙස් ලබා ගන්න

• ඔම්බුඩ්ස්මන් නිලධාරියා
කම්කරු අමාත්‍යාංශය
(වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට භාෂා කිහිපයකින්ම උපදෙස් ගත හැක.)

• Shlomo (Selma) ආයතනය
53 පාර, ටෙල් අවිවි

gov.il Foreign Worker Rights
(search: foreign worker rights)

• PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.

piba.gov.il

• ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද,
ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.

1 Ben Gorion Street, Bnei Brak
03-527-7635

• LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න.

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.