ඔබේ එදිනෙදා ජීවිතය අතර, දවස පටන් ගන්නා විට හදිසියේම කායික අපහසුතාවයකින් යුතු, අසනීප තත්වයක් ඇති දවසක්ද තිබිය හැක.

එම අපහසුතාවයට ඔබ්බෙන් වූ, රැකියාවේ වගකීම ඔබට මානසික ආතතියක් ද ඇති කරවිය හැක.

අසනීප නිවාඩු දන්වන්නේ කෙසේද? එයට ප්‍රතිචාරය කුමක් විය හැකිද? මෙයට අදාළ ලියකියවිලි මොනවාද?

යන දහසකුත් ගැටලු ඔබට පැන නැගිය හැක.

අසනීප වීමම පීඩනයකි.

මෙයින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඊට අදාළ ක්‍රමවත් අසනීප නිවාඩු අයදුම් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථකව කිරීමට මඟපෙන්වීමයි.

ඊශ්‍රායලයේ කම්කරු ප්‍රඥප්තියට අනුව අසනීප නිවාඩු මසකට දින 1.5 (එකහමාර) බැගින් උපරිමය දින අනූවක් දක්වා එකතු කරගත හැක.

ගෙවීම් සිදුවන ආකාරය

• පළවෙනි දින සඳහා ගෙවීමක් නැත

• දෙවන සහ තුන්වන දින සඳහා සාමාන්‍ය දිනක වැටුප මෙන් සියයට පනහක් ගෙවයි. (50%)

• හතරවන දිනෙන් පසු සෑම දිනයක් සඳහාම සාමාන්‍ය දිනෙක වැටුපම ගෙවනු ලැබෙයි. (100%)

කෙටි කාලීන අසනීපයකදී පළවන දෙවන තුන්වන දිනයන්හිදී ඔබට කිසියම් අලාභයක් සිදුවන අතර, හතරවන දවසින් පසු එයින් ඔබේ ආර්ථිකයට අලාභයක් සිදු නොවේ.

(නීත්‍යානුකූල රාමුවක් තුළ සේවය කරන කල)

ඔබ අසනීපයැයි දැනගත් වහාම පළවෙනි දිනයේ දී

• වෛද්‍යවරයෙක් හමුවන්න.

• ඔබේ සේවායෝජකයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන්න.

• එහි ඔබ අසනීප බවත්, සේවය සඳහා වාර්තා නොකරන බවත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා යන බවත් සඳහන් කළ යුතුය.

• එම පණිවිඩය ආරක්ෂාකාරීව තබාගන්න.

• හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන්න.

• දින කිහිපයක් ගෙවා, වෛද්‍යවරයකු හමුවී, අතීතයේ දින යෙදූ වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට උත්සාහ නොකරන්න.

එසේ කිරීමෙන් ඔබගේ රෝගී තත්වය සැබෑ වුවත්, ඒ පිළිබඳව සැබෑ දත්ත හෙළි නොවන අතර, සේවායෝජකයාගේ සැකයට බඳුන් වෙයි.

ඔබ වෛද්‍යවරයා හමුවී, පිටවීමට පෙර පහත සඳහන් දෑ පිළිබඳ පරීක්ෂාකාරී වන්න

• ඔබේ නම සහ නිවාඩු ලබා ගත් දින පිළිබඳව නිවැරදිව සටහන් වී ඇතිද?

• ඔබට අනුමත කළ නිවාඩු දින වකවානු සැබෑවටම ඔබට නිවාඩු අවශ්‍ය කාල සීමාවද?

• වෛද්‍යවරයාගේ නම සහ අත්සනින් යුතුද?

• වෛද්‍යවරයා සේවය කරන ස්ථානයේ විස්තර සහ නිල මුද්‍රාව අඩංගුද?

මෙවැනි තොරතුරුවලින් යමක් අඩු බව හෝ නිවැරදි නොවන බව දැනේනම් වහාම එය දැනුම් දෙන්න.

නිවැරදි කරවා ගන්න.

වෛද්‍යවරයාගෙන් පිටවූ පසු වෛද්‍ය සහතිකයක් නැවත නිවැරදි කිරීම අසීරුය.

සේවායෝජකයාට ඔබ අසනීප වුණ පළමු දිනයේම, ඔබෙන් වෛද්‍ය සහතිකයක් ඉල්ලා සිටිය හැකිද?

ඇතැම් සේවායෝජකයෝ පළවන දිනයේ සිටම වෛද්‍ය වාර්තාවක් ඉල්ලයි.

ඇත්තෙන්ම මෙම කරුණ පිළිබඳව ඔබගේ රැකියා ගිවිසුමෙහි සඳහන්ව ඇත.

(එසේ ඉල්ලා සිටීම, ඔබගේ රැකියාව සහ ක්ෂේත්‍රය තුළ කළ හැකි ද යන වග)

ඔබේ සේවායෝජකයා පලවන දිනයේ සිට වෛද්‍ය වාර්තාවක් ඉල්ලා සිටින අතර ඔබට එය ඉදිරිපත් කිරීමට හැකියාව නොමැති නම්

(වෛද්‍ය ශාලාව වසා ඇති නිසා, වෛද්‍යවරයා වෙත යාමට තරම් ශක්තියක් ඔබ සතුව නැති නිසා, වෛද්‍යවරයා වෙත නොගොස් නිවසේම යම් ප්‍රතිකර්මයක් කරන නිසා වැනි)

මෙය ඔප්පු කිරීමට හැකි මොනයම් හෝ ආකාරයක සාධක තබාගන්න.

බෙහෙත් ශාලාවකින් (pharmacy) ඖෂධ ලබාගත් ලදුපත තබාගන්න.

වෛද්‍යවරයා වෙත ගිය බවට සාධක හෝ දිනය සටහන් කරගන්න.

ඔබේ සේවායෝජකයා අසනීප නිවාඩු සඳහා ගෙවීමට මැලිවන්නේ නම්

එය නීතියට එකඟයි දැනගන්න.

වෛද්‍ය සහතිකය සේවායෝජකයාට යවන්නේ කෙසේද

ඔබට එය WhatsApp පණිවිඩයක් හරහා හෝ ඊමේල් පණිවිඩයක් හරහා නැතිනම් වෙන ඕනෑම ක්‍රමයකට යැවිය හැක.

අවශ්‍යතාවය වන්නේ සේවායෝජකයා එය දුටුවාද යන්න තහවුරු කරගැනීමට හැකි ක්‍රමවේදයක් තිබීමයි.

බොහෝ ඩිජිටල් ක්‍රම වලදී ලබන්නා, එය දුටු බව සොයාගත හැක.

මුල් පිටපත ඔබ ළඟ තබාගෙන, දෙවැනි පිටපතක් හෝ ඩිජිටල් පිටපතක් යැවීම ආරක්ෂාකාරී වේ.

වෛද්‍ය මධ්‍යස්ථානයේ නම, දිනය පැහැදිලිව තිබිය යුතු බව මතක තබා ගන්න.

සේවායෝජකයා විසින් වෛද්‍ය පිටපත නොලැබුණ බව ප්‍රකාශ කළහොත්, ඔබ පළමුවට යවන ලද පණිවිඩයත් ඒ සමඟ අමුණා, ඒ පිළිබඳ විස්තර ද ඇතිව, නැවතත් එය යවන්න.

ඔබ සුවවීමෙන් පසු ලබාගන්නා වැටුප් පතෙහි ලබාගත් අසනීප නිවාඩුවට අදාල ගෙවීම තිබේදැයි පරීක්ෂා කරන්න.

අසනීප නිවාඩු “ගෙවීම් නොකරන නිවාඩු” යටතට වැටීමටත්,

වාර්ෂික නිවාඩු යටතට වැටීමත් ඉඩ නොතබා නැවත ලබා ගන්නා ආසන්නම වැටුප්පත හරහා අසනීප නිවාඩුවේ සැබෑ තත්ත්වය පරීක්ෂා කරන්න.

යම්කිසි අවභාවිතයක් සිදුවී ඇත්නම්, ඒ පිළිබඳව සාකච්ඡා කොට, නිවැරදි කිරීමට ඉක්මනින් ක්‍රියාත්මක වන්න.

විමසිලිමත් විය යුතු කරුණු

• ඔබ අසනීප වූ පළවෙනි දිනයේම සේවායෝජකයාට ඒ පිළිබඳව දැනුම් දීම.

• හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවීම.

• වෛද්‍ය වාර්තාවේ ඇති දිනත් ඔබ ලබාගත් දිනත් සැසදේද යැයි බැලීම.

• වෛද්‍ය වාර්තාව සේවායෝජකයාට යවන විට කෙටි සටහනක් සමග යවන්න. ඔහුට ඒ ලැබීදැයි විමසිලිමත් වන්න.

• දත්තයන් සම්පූර්ණයෙන් දැක ගත හැකි වෛද්‍ය වාර්තාව යවන්න.

• ඊළඟට ලබන ආසන්නම වැටුප්පත පරීක්ෂා කොට අදාළ ගෙවීම් කටයුතු සිදු වීදැයි දැනගන්න.

මේ සඳහා උපදෙස් ලබා ගත හැකි ආයතන ලෙස

• ඔම්බුඩ්ස්මන් නිලධාරියා
කම්කරු අමාත්‍යාංශය
(වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට භාෂා කිහිපයකින්ම උපදෙස් ගත හැක.)

• Shlomo (Selma) ආයතනය
53 පාර, ටෙල් අවිවි

gov.il Foreign Worker Rights
(search: foreign worker rights)

• PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.

piba.gov.il

• ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද,
ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.

1 Ben Gorion Street, Bnei Brak
03-527-7635

• LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න.

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.