රැකියාවක අවසානය ජීවිතයේ වඩාත්ම කලබලකාරී අවස්ථාවකි.

සංවේදී හැඟීම් බහුල, එකිනෙකා අතර සංවාද වේගයෙන් සිදුවන කාලවකවානුවකි.

මේ නිසාම වැදගත්ම දේ වන, ඊට අදාළ ලේඛන කටයුතු සඳහා අවධානය ගිලිහී යයි.

ඔබ සේවයෙන් පහ කළත්, රැකියාවෙන් ඉල්ලා අස්වීමට තීරණය කළත්, රැකියාව අවසන් වීමත් සමගම ඔබට ලැබිය යුතු ආර්ථික ප්‍රතිපාදන පිළිබඳව සැලකිලිමත් වන්න.

ඊට අවශ්‍යය, පිළිවෙල සහ ක්‍රමවත් බව ඔබට පහදා දීම මෙම ලිපියේ අරමුණයි.

සේවයෙන් පහ කරන සේවායෝජකයා හෝ, ඉල්ලා අස්වන සේවකයා යන දෙදෙනාම කලින් ලිඛිත දැනුම් දීමක් කළ යුතුය.

එය කොපමණ කාලයකට පෙර කළ යුතු ද යන්න කළ සේවයේ කාලය මත සහ ඔබට ගෙවීම් කරන ආකාරය මත රඳා පවතී.

ඊශ්‍රායල නීතිය යටතේ

• පළමු මාස 6 සේවය කළ සේවකයින් සඳහා – එම කාලය මාස ගණනට සමාන දැනුම්දීමක්
(මාසයකට එක් දිනක් ලෙස)

• මාස 6 සිට වසර 1 දක්වා: දින 6 දැනුම් දීමක්

• වසර 1කට පසු: මාසයක දැනුම්දීමක්

මේවා මූලික නීති වේ.

ඔබේ කොන්ත්‍රාත්තුවේ හෝ ඔබට අදාල ක්ෂේත්‍රයේ, මීට වෙනස් නීති රීති තිබිය හැක.

එහෙත් වැදගත් කාරණය වන්නේ, දැනුම්දීමේ දිනක් ඇති බවත්, එම දින ඔබගේ අවසන් වැඩ කරන දිනයට, ඔබේ අවසාන වැටුපට සහ අනෙකුත් අයිතිවාසිකම් වලට බලපාන බවය.

සේවයෙන් පහ කිරීම

සේවයෙන් පහකිරීමට පෙර ඔබ දැනගත යුතු දේ

ඊශ්‍රායලයේ සේවයෙන් පහ කිරීම පිළිබඳ කම්කරු අමාත්‍යාංශය පැහැදිලි කරන්නේ, ඊට කම්කරු අයිතිවාසිකම් යටතේ සාධාරණ ඉල්ලීමක් කිරීමට සේවකයාට අයිතියක් ඇති බවයි.

නිල වශයෙන් රැකියාව අවසන් කිරීමට පෙර සේවකයාගේ ප්‍රතිචාර දැක්වීමටද, සේවායෝජකයා අවස්ථාවක් ලබා දිය යුතුය.

සේවායෝජකයා ඔබව සේවයෙන් පහ කළ බව කිසිදු විභාගයකින් තොරව, වාචිකව, දුරකථනයෙන් හෝ දුරකථන පණිවිඩයකින් දැනුම් දෙන්නේ නම්, එය නීතියට එකඟ වූ ක්‍රමය නොවේ.

ඉන් අදහස් වන්නේ එසේ කලහොත්, නැවතත් ඔබ සේවයට බඳවා ගතයුතු බව නොවේ.

නමුත් මෙවන් අනීතික ක්‍රමවේදයකින්, ඔබේ සේවක අයිතිවාසිකම් කඩවිය හැකි බව ඔබ දැන සිටීමයි.

ඊශ්‍රායලයේ ගැබිනි සේවකයෙකු සේවයෙන් ඉවත් කිරීම

මේ සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලිඛිත අවසරය අවශ්‍ය වේ.

ඔබ ගැබ්ගෙන ඇත්නම්, සහ ඔබේ සේවායෝජකයා ඔබව රැකියාවෙන් ඉවත් කිරීමට උත්සාහ කරන්නේ නම්, ඒ සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලිඛිත අනුමැතිය තිබේදැයි පරීක්ෂා කරන්න.

එය නොදැන සේවයෙන් ඉවත් කිරීම පිළිගැනීමෙන් වලකින්න.

රැකියාවෙන් ඉවත් කිරීමේ අවසන් තීරණයට ප්‍රථම, හැකි ඉක්මනින් ක්‍රියා කිරීම මෙහිදී වැදගත් වේ.

ඔබව රැකියාවෙන් ඉවත් කරන බව දැනගන්නට ලැබුණු සියලූම පණිවිඩ සූදානම් කර ගන්න.

ඔබට ඒවා පිටපත් කළ හැකි නම් ඒවා ද, හඬ පණිවිඩ ද, දිනය සහ එය ලද ක්‍රමවේදයද තබාගන්න.

සේවයෙන් ඉල්ලා අස්වීම

ඔබ ඉල්ලා අස්වන විට ලිඛිතව දැනුම් දෙන්න.

මෙය පැහැදිලි කරුණක් නමුත්, බොහෝ සේවකයන්, සේවායෝජකයා සමග ඇති කරගන්නා මතවාද සහ එයින් ඇති වූ කෝපය හෝ පීඩනය මත, නීත්‍යානුකූලව ඉල්ලා අස්වීමකින් තොරව සේවය හැර යයි.

පසුව අතරමැදියෙකු ලවා එය සේවායෝජකයාට දැනුම් දෙයි.

මෙසේ සිදු වූ කල එය කුමන හේතුවක් මත, කෙසේ, කවදා සිදු වී දැයි සොයා ගත නොහැක.

ඔබ මෙසේ සේවයෙන් ඉවත් වීමේදී, ඉතා කෙටි ලිඛිත ඉල්ලා අස්වීමේ පණිවිඩයක් ඉදිරිපත් කිරීමේ වුවත්, යහපතක් ඇත.

එය, ඔබ දැනුම් දුන් දිනය සනාථ කරයි.

ඉල්ලා අස්වීම පිළිබඳ නිල වාර්තා කිරීමක් ඒ තුළ වෙයි.

ඔබ සේවයෙන් ඉවත් කිරීම වෙනුවට ස්වේච්ඡාවෙන් ඔබම ඉවත් වූ බවත්, ඔබ රැකියාව අත්හැර දැමූ බවටත් සිදු කරන පසුකාලීන ප්‍රකාශයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි.

ඔබ ඉල්ලා අස් වන්නේ සේවා කොන්දේසි ඉතා දුෂ්කර හෝ, තවදුරටත් ඉවසිය නොහැකි නිසා විය හැක.

එසේනම් ඒ පිළිබඳව, එම දැනුම් දීමේ පණිවිඩයේ සඳහන් කරන්න.

මෙසේ සිදු කිරීම ඔබගේ අවසාන ගෙවීම් සහ පාරිතෝෂික ගෙවීම් ලබාගැනීමට ප්‍රයෝජනවත් වනු ඇත.

නිර්මාණාත්මක සේවයෙන් පහකිරීම

ඔබ සේවයෙන් ඉල්ලා අස්වීම සාමාන්‍ය ක්‍රමයකි.

එහෙත් සේවායෝජකයා ඔබට සේවයෙන් ඉල්ලා අස්වීමට සිදුවන තත්ත්වයට ඔබව පත් කළ හැක.

(වැටුප් ප්‍රශ්න ඇති කිරීමෙන්, ගිවිසුම් පොරොන්දු කඩ කිරීමෙන්, දරා ගත නොහැකි තරම් වගකීම පැවරීමෙන් වැනි)

මෙවැනි ඔබට අවශ්‍ය නැති වුවද රැකියාවෙන් අස්වනු විනා වෙන විකල්පයක් නැති අවස්ථාවක් ඇතිවිය හැක.

මෙවැනි අස්වීමක් “නිර්මාණාත්මක සේවයෙන් පහ කිරීමක්” (constructive dismissal) ලෙස, හැඳින්විය හැක.

මෙවැනි අවස්ථාවකදීද ඔබට ලැබිය යුතු, පාරිතෝෂිකය ලබාගැනීමේ හිමිකම ඇත.

ඔබගේ අස්වීම, බලපෑමක් මත මිස, සුව කැමැත්තෙන් සිදුවූවක් නොවේනම්, විදේශ ශ්‍රමිකයින්ගේ කම්කරු අයිතිවාසිකම් සඳහා වන ඔම්බුඩ්ස්මන් නිලධාරියාගෙන් උපදෙස් ලබා ගන්න.

අවසන් ලේඛනය සහ ඊට අදාළ කම්කරු අයිතිවාසිකම්

රැකියාවේ අවසාන දින කිහිපය වැදගත්ම කාලයයි.

ඔබේ විශ්‍රාම වැටුප හෝ තැන්පතු අරමුදල, සහ අදාළ නම් නිවාස භාරදීම, අවසාන වැඩ කරන දිනය, අවසාන වැටුප, භාවිතයට නොගත් නිවාඩු, නිවාස, සහ සියලුම ගෙවීම් කර ඇති බව ලේඛනයේ සඳහන්ව ඇත්දැයි පරීක්ෂා කරන්න.

එම සියලුම කරුණු සොයා බැලීම් වලින් පසුව සේවා දායකයා සහ සේවායෝජකයා අතර සම්පූර්ණ සහ අවසාන නිදහස් කිරීමේ ලේඛනයක් අත්සන් කළ හැක.

ඔබ ඉවත්ව යාමට පෙර, රැකියා සහතිකයක් ඉල්ලා සිටින්න (תעודת עבודה)

• ඔබ වැඩ කළේ කා වෙනුවෙන්ද

• කුමන භූමිකාවකද

• කුමන ක්ෂේත්‍රයක ද

යන කරුණු මෙයට ඇතුළත් විය යුතුය.

අනාගත රැකියා අයදුම්පත් සඳහා මෙන්ම නීතිමය කටයුතු සඳහා මෙය ප්‍රයෝජනවත් වේ.

එමෙන්ම එය පසුව දෙපාර්ශවයටම විවාද කළ නොහැකි සත්‍ය වාර්තාවක් ලෙස පවතිනු ඇත.

අවසාන දිනයට පෙර එය ලිඛිතව ඉල්ලන්න.

ඔබ ඉවත්ව ගිය පසු ලබා ගැනීම වඩා දුෂ්කර ය.

ඔබේ රැකියාව අවසන් වුවත්, අවසාන ගණන වාර්තාව තුළ යම් දෙයක් නිවැරදි නොවේ යැයි හැඟුන විට,

කිසිවක් අත්සන් කිරීමට පෙර LankaConnect විශේෂඥයෙකුගෙන් විමසන්න.

රැකියාව අවසන් වූ පසු වීසා තත්ත්වය

ඊශ්‍රායලයේ විදේශ ශ්‍රමිකයන් රැකියා අවසන් කිරීම සමගම වීසාවල බලපැවැත්මේ කාලයද තීරණය වෙයි.

එහි දිනය, ඔබගේ වීසා වර්ගය සහ ඔබ සේවය කළ ක්ෂේත්‍රය මත තීරණය වෙයි.

එහෙත් මතක තබාගත යුතු කරුණ නම්,

නව රැකියාවක් සොයාගැනීම හෝ රටින් පිටවීම් සැලසුම් කිරීමට ඇත්තේ සීමිත වලංගු වීසා කාලයක් පමණක් බවයි.

මක්නිසාද යත් බොහෝ විදේශීය ශ්‍රමිකයන්ට ඒ සඳහා:

• දින තිහක අවස්ථාවක් හෝ

• වහාම නව සේවායෝජකයෙකු යටතේ නව වීසා ක්‍රමයක් සොයා ගැනීමේ අවස්ථාවකින් යුතුය.

නව සේවා යෝජකයෙකු ඔබව ලියාපදිංචි කරන තෙක් ඔබේ ආවරණය, ඊශ්‍රායලය තුළ ජීවත් වීමේ නීතිමය වීසා තත්ත්වය, ඔබගේ කටයුතු සංවිධානය කිරීමේ වගකීම ඔබ සතුය.

එම නිසා රැකියාව අවසානයේ පළවෙනි සතිය තුළම ඊළඟ පියවර සඳහා, PIBA නිලධාරියෙකුගේ හෝ බලයලත් උපදේශකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

ඔබගේ සෞඛ්‍ය රක්ෂණය අවසන් වන දිනයත් ඊට අදාළ සෞඛ්‍ය රක්ෂණ ආයතනයක් පිළිබඳව සේවා අවසාන කාලය තුළ සොයාගන්න.

සේවා අවසන් කිරීම හෝ වීම සම්බන්ධ පහත දේ පිළිබඳ පරීක්‍ෂාකාරී වන්න

• මේ සම්බන්ධව යොදාගත් හඬ පණිවිඩ ඇතුළුව සෑම පණිවිඩයක්ම සුරකින්න.

• සේවා අවසන් කිරීම හෝ වීම සම්බන්ධ පැහැදිලි දිනයක් සහිතව ලිඛිත දැනුම්දීමක් ලබාදෙන්න.

• වැඩ කළ අවසන් දිනය සහ වැටුප් සහිත රැකියාවේ අවසන් දිනය සටහන් කරන්න.

• අත්සන් කිරීමට පෙර ඕනෑම ලේඛනයක් හොඳින් කියවන්න.

• මුල් පිටපත් භාර දීමට පෙර අත්සන් කළ කඩදාසිවල පිටපත් තබා ගන්න.

• රැකියාව අවසන් වූ වහාම ඔබගේ නීත්‍යානුකූල වීසා සහ අනෙකුත් අවශ්‍යතා පරීක්ෂා කරන්න.

මේ සඳහා උපදෙස් ලබා ගත හැකි ආයතන ලෙස

  1. ඔම්බුඩ්ස්මන් නිලධාරියා
    කම්කරු අමාත්‍යාංශය
    (වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට භාෂා කිහිපයකින්ම උපදෙස් ගත හැක.)
  2. Shlomo (Selma) ආයතනය
    53 පාර, ටෙල් අවිවි

gov.il Foreign Worker Rights
(search: foreign worker rights)

  1. PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
    ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.

piba.gov.il

  1. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද,
    ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.

1 Ben Gorion Street, Bnei Brak
03-527-7635

  1. LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.