
බොහෝ කම්කරුවන් ඊශ්‍රායලයේ රැකියාව අවසානයේ පිටවන්නේ කිසිදාක ඔවුන් වෙනුවෙන් තැන්පත් වූ පාරිතෝෂිකයක් ගැන විමසීමකින් තොරවය.
එක්කෝ ඔවුන් එය ඉබේම ලැබෙනු ඇතැයි උපකල්පනය කරයි.
නැතහොත් ඔවුන්ට හිමිකමක් නොමැති බව පැවසූ විට, ඔවුන් එය පරීක්ෂා නොකර පිළිගනී.
සමහර විට මුදල් ඔවුන්ගේ නමින් අරමුදලක තැන්පත් වී ඇත.
කිසිවෙකු ඔවුන්ට එය පවසා නැති නිසා නොදන්නවා විය හැක.
සේවය අවසානයේ ලැබෙන පාරිතෝෂිකය පුණ්‍ය කටයුත්තක් ලෙස ලැබෙන්නක් නොවේ.
බොහෝ අවස්ථාවන්හිදී එය නීත්‍යානුකූල අයිතියකි.
පිටවී යාමෙන් පසු මුදල් ආපසු ගැනීමට උත්සාහ කරනවාට වඩා ඔබේ රැකියාව අවසන් වීමට පෙර ඒ පිළිබඳව මූලික කරුණු අවබෝධ කර ගැනීම යෝග්‍ය වෙයි.
රැකියා අවසානයේ පාරිතෝෂිතය වෙනුවෙන් හිමිකම් ලබන්නේ කෙසේද
කම්කරු අමාත්‍යාංශයට අනුව, රැකියා අවසානයේ පාරිතෝෂිකය සඳහා, අවම වශයෙන් වසරක්වත් අඛණ්ඩව වැඩ කොට රැකියාව අවසන් කළ යුතුය.
සම්මතය නම්, සෑම වසරක් සඳහාම එක් මාසික වැටුපකි.
අර්ධ වසරක් සඳහා, ඊට අනුපාතිකව, මසක වැටුප මෙන් භාගයක් ලැබිය හැක.
මෙයට, රැකියාව අවසන් කිරීම සහ එම අවසන් කිරීම සිදුවන ආකාරය විශේෂයෙන් බලපායි.
සේවායෝජකයා විසින් රැකියාවෙන් ඉවත් කිරීම තුළදී, මෙම පාරිතෝෂික ගෙවීම සිදුවෙයි.
ඉල්ලා අස්වීමේදී
සේවා දායකයාට සිදුවන පීඩනය මත හෝ සේවා කොන්දේසි පිරිහීම මත හෝ වෙනයම් හේතුවක් නිසා සේවයෙන් අස්වීමට අකමැත්තෙන්, නමුත් ඉල්ලා අස්වූ අවස්ථාවකදීද මෙම ගෙවීම සිදුකළ යුතුය.
එවන් අවස්ථාවක් ඉතා සංකීර්ණ ක්‍රමවේදයකි.
ඔබට එය අපැහැදිලි විය හැක.
තත්ත්වය පිළිබඳව දැන ගැනීමට මේ පිළිබඳ විශේෂ දැනීමක් ඇති නිලධාරියකුගෙන් උපදෙස් ගැනීම වටී.
රැකියාව අවසන් වීමේදී ලබා ගන්නා පාරිතෝෂිකයන් හා සම්බන්ධ තැන්පතු පද්ධතිය
ඊශ්‍රායලයේ සිටින බොහෝ විදේශීය සේවකයන්ට, විශ්‍රාම වැටුප් අරමුදලක හෝ විශේෂ තැන්පතු අරමුදලකට බැර කළ මුදල් තිබේ.
ඒ සඳහා, ඔවුන්ගේ සේවා කාලය පුරාවට සේවායෝජකයා විසින්ද දායකත්වය ලබා දෙනු ලැබේ.
ඊශ්‍රායල නීතිය යටතේ
විශ්‍රාම වැටුප් හෝ වෙන් කිරීමේ අරමුදලට (පාරිතෝෂිකය)
සේවා යෝජකයාගේ සම්මත දායකත්වය 8.33% කි.
(වැඩ කරන වර්ෂයකට මාසයක වැටුපට සමානය)
ඇතැම් රැකියාවන් සඳහා සේවා යෝජක දායකත්වය, මෙම ප්‍රමාණයට වඩා වැඩිවිය හැක.
එය ආරම්භයේදීම ඇතිවන ගිවිසුම් අනුව සිදුවන්නකි.
සේවා දායකයාගෙන් සිදුවන දායකත්වය වැටුපෙන් සාමාන්‍යයෙන් 6% ක් පමණ වේ.
මේ අනුව ඔබට අරමුදලේ තිබිය යුතු ගණන සොයාගත හැක.
සේවාව අතරතුර ඕනෑම අවස්ථාවක දායක මුදල නැවැත්වූයේ නම් හෝ සිදු නොකළේ නම් එය දැන ගැනීමටද අවස්ථාවක් තිබෙයි.
මෙම අරමුදල සමහර විට සරලව විස්තර කරනු ලබන්නේ “මුදල් වෙන් කිරීම” ලෙසිනි.
නමුත් වෙනස තේරුම් ගැනීම වැදගත්ය.
අරමුදලේ ඇති ශේෂය ඔබේ ලෙස වෙන් කළ නමුත්, එයට දායක වූ කොටස්කරුවන් ලෙස සේවාදායකයා සහ සේවායෝජකයා යන දෙපිරිසක්ම සිටින බව මතක තබා ගන්න.
ඔබ විමසිය යුතු කරුණු
• ඔබගේ සේවායෝජකයාගෙන් හෝ, ඔබගේ රැකියාව ඔබට හඳුන්වා දුන් ආයතනයෙන් (ඒජන්සියෙන්) ඔබේ නමින් පාරිතෝෂික අරමුදලක් හෝ තැන්පතු ගිණුමක් තිබේද?
• වත්මන් ශේෂය කුමක්ද?
• රැකියාව අවසානයේ එය ලැබීමේ ක්‍රියාවලිය කුමක්ද?
යන කරුණු අසා දැනගන්න.
අරමුදල් ශේෂය, සහ ඔබට ලැබිය යුතු අනෙකුත් ගෙවීම් වෙන් වෙන්ව හඳුනාගන්න.
බොහෝ විදේශීය ශ්‍රමිකයන් රැකියාවේ අවසානයට ළඟා වන විට අරමුදල් ගිණුම සොයා ගනී.
එහෙත් ඇතැම් විට එහි ඔබේ නමින් කිසිවක්ම තැන්පත් නොවී තිබිය හැක.
ඒ අවස්ථාවේදී ඔබගේ මැදිහත්වීම මත, ඔම්බුඩ්ස්මන්වරයාට එය විමර්ශනය කළ හැකිය.
එසේ සිදුවී ඇත්නම් සේවායෝජකයාට එයට දායක වීමට ඇති නීතිමය බැඳීම උල්ලංඝනය කර ඇත.
මේ සඳහා ගත හැකි පිළියම් මොනවාද
ඊශ්‍රායලයේ ඔබගේ රැකියාව අවසානයේ ඔබට ගෙවිය යුතු දේ පිළිබඳව ඔබට විශ්වාස කළ හැකි තොරතුරු මදි නම්,
LankaConnect මත Ask an Expert භාවිතා කරන්න.
පහත ඇති දත්තයන් ලබාදී ඔබගේ තත්වය පැහැදිලි කරන්න.
• රැකියාව
• රැකියාව අවසන් වූ ආකාරය
• මෙතෙක් ලැබී ඇති දේ
• ඔබගේ රැකියාව අතරතුර සේවා ස්ථානය වෙනස් වී ඇත්නම්
සමහර කම්කරුවන් සේවා යෝජකයාගේ නම වෙනස් වූ, කළමනාකාරිත්වය වෙනස් වූ, තත්වයක වසර ගණනාවක් ගත කරති.
ස්ථානගත කිරීමේ කාර්යාංශය වෙනස් වීම් සිදුවිය හැක.
භෞතික සේවා ස්ථානය සහ දෛනික වැඩ කටයුතු එලෙසම පැවතියා විය හැක.
එම තත්ත්වයන් තුළ, ඔබේ රැකියාව දිගටම සිදුවූවාද යන ප්‍රශ්නය නීත්‍යානුකූලව ඇති වෙයි.
ඔබේ සේවා කාලය අවසන් කිරීමට පෙර
• ඔබේ සේවා ගිවිසුම
• මුළු සේවා කාලය ඔප්පු කළ හැකි ලියකියවිලි
• ඔබට කළ ගෙවීම් පිළිබඳ ලේඛන
• ඊට අදාළ දැන්වීම් ලිපි
• වැටුප් ප්‍රකාශන
• වෙනත් ඕනෑම අරමුදලක් හෝ තැන්පත් විස්තර පිළිබඳ විමසන්න.
• ඔබට ගෙවීමට නියමිත මුදල පිළිබඳ ගණනය කිරීමක් ඉල්ලන්න.
යමෙක් ඔබට මෙම පාරිතෝෂිකය සඳහා හිමිකමක් නැතැයි පැවසුවහොත්, හෝ පසුව විසඳන බව ඔබට පැවසුවහොත්, ඒ වෙනුවෙන් ලිඛිතව, නීතිමය කරුණු විමසන්න.
රැකියාව අවසානයේ ඇති නොපැහැදිලි වාචික පිළිතුරු, අවදානම් සහිත බව මතක තබා ගන්න.
පහත අවස්ථා පිළිබඳව පැහැදිලි කරගන්න
• ඔබ අවම වශයෙන් අඛණ්ඩව වසරක්වත් වැඩ කළාද යන්න තහවුරු කරන්න.
• රැකියාව අවසන් වූයේ කෙසේද සහ ඇයි දැයි ලියන්න.
• ඔබේ නමට විශ්‍රාම වැටුපක් හෝ තැන්පතු අරමුදලක් තිබේද සහ ඉතිරි මුදල කොපමණ දැයි විමසන්න.
• ඕනෑම අවසන් ලේඛනයකට අත්සන් කිරීමට පෙර එහි සඳහන් යම් මුදලක් වේ නම්, එම අගය ලැබීමට කළ ගණනය ලිඛිතව විමසන්න.
• සේවා යෝජකයාගේ නම වෙනස් වීමක් ඔබගේ රැකියා අඛණ්ඩ පැවැත්මට බලපෑවේදැයි පරීක්ෂා කරන්න.
• රැකියා අවසන් වන සියලුම ලියකියවිලි ආරක්ෂිත ස්ථානයක තබා ගන්න.
මේ සඳහා උපදෙස් ලබා ගත හැකි ආයතන ලෙස
- ඔම්බුඩ්ස්මන් නිලධාරියා
කම්කරු අමාත්‍යාංශය
(වැටුප්, සේවය කරන වෙලාව, සේවයෙන් පහ කිරීම සම්බන්ධ කරුණු වලදී නීතිඥයෙක් වෙනුවට භාෂා කිහිපයකින්ම උපදෙස් ගත හැක.) - Shlomo (Selma) ආයතනය
53 පාර, ටෙල් අවිවි
gov.il Foreign Worker Rights
(search: foreign worker rights)
- PIBA (ජනගහන හා සංක්‍රමණ අධිකාරිය)
ඔබගේ වීසා සහ නීතිමය තත්ත්වයන් පිළිබඳව ඔබ වෙනුවෙන් පෙනී සිටීමට ඉදිරිපත්වෙයි.
- ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයද,
ඔබගේ ගමන් බලපත්‍ර අලුත් කිරීම, සහතික නිකුත් කිරීම, හදිසි අවස්ථාවකදී නීතිමය උපදෙස් ලබා දීම වැනි සේවා ලබාදෙයි.
1 Ben Gorion Street, Bnei Brak
03-527-7635
- LankaConnect වෙබ් අඩවියට පිවිසෙන්න.

Comments