
විදේශීය ශ්‍රමිකයෙක් ලෙස ජීවත්වන ඔබට මෙය සිදුවිය හැකි ඉතාමත් අවාසනාවන්ත පීඩනයක් සහිත අවස්ථාවක් වුවත්, නිවැරදි ලෙස ක්‍රියාත්මක වීමට වග බලා ගන්න.
වහාම ක්‍රියාත්මක වීමේදී විසඳා ගැනීමේ හැකියාවද වැඩිය.
• එය නැතිවීමක් හෝ ඔබ ඔබ ළඟ ඇතත් සොයා ගැනීමට නොහැකි අවස්ථාවක්, අස්ථානගත වීමක් විය හැක.
මෙහිදී අදාළ ස්ථානවලට දැනුම් දී නව බලපත්‍රයකට අදාල සියලු කටයුතු වල යෙදෙන්න.
• කිසිවෙකුට සොරකම් කළා යැයි සිතිය හැකි අවස්ථාවකදී:
පළමුවෙන් ළඟම ඇති පොලිස් ස්ථානයට යන්න. ඔබ හීබෘ කතා කිරීමට දන්නා අයෙක් නොවේ නම්, හීබෘ කතා කිරීමට දන්නා කෙනෙකු සමග යන්න. නැතහොත් භාෂා පරිවර්තකයකුගේ සහය ඉල්ලන්න.
පොලිසිය ඔබගේ පැමිණිල්ල භාරගත යුතුයි. පැමිණිල්ලේ පිටපතක් ලබාගන්න. එය අනිවාර්යයෙන්ම ළඟ තබා ගන්න. ඉදිරි සියලුම පියවර සඳහා මේ පිටපත අවශ්‍ය වනු ඇත.
පොලිස් අංක
• පොලිසි හදිසි අංකය: 100
• සාමාන්‍ය අංකය: 110
පොලිසියට යන විට කිසියම් හෝ හදුනා ගැනීමේ පතක්, ශ්‍රී ලංකා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාඩ් පත, රියැදුරු බලපත්‍රය — කුමන හෝ අනන්‍යතාවය ප්‍රකාශ කළ හැකි යමක් රැගෙන යන්න.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්න
ටෙල් අවිවිහි ඇති ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය සම්බන්ධ කරගන්න.
ඔබට හදිසි සංචාරක ලේඛනයක් හෝ නව ගමන් බලපත්‍රයක් සාදාගැනීමට අවශ්‍ය වැඩ කටයුතු කළ හැකි එකම ආයතනය ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයි (Emergency Travel Document – ETD).
එහි යෑමට පෙර දුරකථනයෙන් අමතා රැගෙන යා යුතු දේ සහ වෙලාව දැනගන්න.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය
1 Ben Gorion Street, Bnei Brak
Phone: 03-527-7635
Email: slemb.telaviv@mfa.gov.lk
කාර්යාලීය වේලාවන්:
ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා
උදේ 9 සිට සවස 4 දක්වා
ඔබ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට යන විට පහත දේ රැගෙන යන්න
• ඔබගේ නැතිවුන ගමන් බලපත්‍රයේ පිටපතක් (ඇත්නම්)
• පොලිස් පැමිණිල්ලේ පිටපතක්
• පාස්පෝට් ප්‍රමාණයේ ඡායාරූප දෙකක්
• ශ්‍රී ලංකා හැඳුනුම්පත (NIC), රියැදුරු බලපත්‍රය වැනි ලියවිලි
• ඊශ්‍රායලයේ වැඩ කරන බවට සාක්ෂි — සේවායෝජකයාගෙන් ලිපියක්, වැටුප් පත්
තානාපති කාර්යාලයෙන් දින 2 – 5 ඇතුළත Emergency Travel Document (ETD) බලපත්‍රයක් ගත හැක. (ගාස්තු අදාළ වේ)
දුරකථන ඇමතුම් මාර්ගයෙන් සොයා බලන්න.
ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික අධිකාරිය (PIBA)
Population and Immigration Authority (PIBA) ට දැනුම් දෙන්න.
විදේශික ශ්‍රමිකයන්ගේ හදිසි අංකය:
1-800-354-554
ඉරිදා සිට බ්‍රහස්පතින්දා දක්වා උදේ 8 සිට හවස 6 දක්වා, ඊශ්‍රායෙලය තුළ ඕනෑම දුරකථනයකින් නොමිලේ සේවාව ලබාගත හැක.
ඔබගේ පැරැණි ගමන් බලපත්‍රයේ විස්තර ඔවුන් සතුව ඇත.
ඔවුන්ට සැබෑ තත්ත්වය පැහැදිලි කර දෙන්න.
• ඔබගේ නම
• පැරණි ගමන් බලපත්‍රයේ අංකය
• නැති වූ විස්තර
• සේවා යෝජකයාගේ නම
එසේ නොවුනහොත් ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය නැතිවූ බව වටහා ගත් සැණින්ම ඔවුන් හා ඔබ අතර ඇති සම්බන්ධතාවය බිඳේ.
කාර්යාලයට යාමට අවශ්‍යම නැත. දුරකථන ඇමතුමක් දීමෙන් පවා අදාළ තොරතුරු ලබා දිය හැක.
ඔබගේ සේවා බලපත්‍රය වලංගුයිදැයි දැනගන්න.
නව ගමන් බලපත්‍රය සාදාගන්නා තුරු ගත යුතු ක්‍රියාමාර්ග මොනවාදැයි දැනගන්න.
සේවායෝජකයා ගුවන් ගමන් බලපත්‍රය රඳවා තබා ගන්නා අවස්ථාවක
සේවායෝජකයාට බලපත්‍රය නැවතත් ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට WhatsApp පණිවිඩයක් යවන්න.
එම පණිවිඩයේ screenshot ළඟ තබා ගන්න.
ඔහු එයට ප්‍රතිචාර නොදක්වන්නේ නම්:
• Foreign Workers Hotline: 1-800-354-554
ඔබ වෙනුවෙන් ඔවුන් ඔබේ සේවායෝජකයා අමතා කටයුතු කරනු ඇත.
• HaKeren Hotline: 1-222-3450
මෙය විදේශීය ශ්‍රමිකයන් වෙනුවෙන් පෙනී සිටින NGO ආයතනයකි. ඇතැම් විට ඔබට සිංහලෙන්ද දැනුම් දිය හැකියි.
ඊශ්‍රායලයේ ආර්ථික අමාත්‍යාංශයේ නීති බලහත්කාරක ඒකකයට දැනුම් දෙන්න. ඔවුන් ඔබ වෙනුවෙන් මේ පිළිබඳව ක්‍රියාත්මක වනවා ඇත.
තවදුරටත් මෙසේ සිදුවීම තර්ජනයක් බව පෙනේ නම් එය සාපරාදී ක්‍රියාවකි. වහාම පොලිසියට දැනුම් දෙන්න.
ඔබ ජීවත් වෙන ස්ථානයේ හෝ රැකියාවේ අනතුරුදායක තත්වයක් නොවේනම් එයින් ඉවත් වෙන්න එපා. ඉවත් වූ කල සේවායෝජකයාගෙන් ගමන් බලපතට ලබාගැනීම වඩාත් අසීරු වනු ඇත.
නව ගමන් බලපත්‍රය ලද සැණින්
• සේවා යෝජකයා සහ ඒජන්සි කරුවා දැනුවත් කරන්න.
• නව බලපත්‍රයත්, පොලිස් පැමිණිල්ලත්, තානාපති කාර්යාලීය ලියකියවිලිත් සමඟ ළඟම PIBA කාර්යාලයට ගොස්:
— වීසා බලපත්‍රය
— සෞඛ්‍ය රක්ෂණය
— සේවා අනුමැති ලිපිය
නව බලපත්‍රයට අනුයුක්ත කරන ලෙස ඉල්ලීමක් කරන්න.
• නව ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් Google Drive සහ Gmail වල තැන්පත් කරන්න.
අවධානයට
කිසිවිටෙකත්, කිසිවෙකුට ඔබේ ගමන් බලපත්‍රය දීමෙන් වළකින්න.
අත්‍යවශ්‍ය අවස්ථාවකදී දුන් බවට අත්සන් කරන ලද ලියවිල්ලක් ලබාගන්න.
සියලූම ලේඛනයන් මෙන්ම ගමන් බලපත්‍රයේ ද ඡායාරූපයක් Google Drive හා email එකක තබාගන්න.
විශ්වාසවන්ත පුද්ගලයෙකුගේ WhatsApp අංකයට ඡායාරූප යවා තබාගන්න.
තවදුරටත් ඔබට ගැටලු මතුවේ නම්, Lanka Connect expert corner හි මේ සම්බන්ධ විශේෂ දැනුමක් ඇති අයෙක් සමඟ සම්බන්ධ වී, කළ යුතු දේ පිළිබඳ දැනගන්න.
විමසන්න: LankaConnect.com/ask-the-expert
නිතරම ඔබේ ලේඛන සහ විශේෂයෙන් ගමන් බලපත්‍ර, වීසා බලපත්‍ර, වැඩ බලපත්‍ර පිළිබඳව විමසීමක් කරන්න. වලංගුතාවය පරීක්ෂා කරන්න.

Comments