ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය යනු සාමාන්‍ය ගමන් ලියවිල්ලක් නොවේ. ඔබ ඊශ්‍රායලයට නීතිගරුකව ඇතුළු වූ බවටත්, සේවය කිරීමට අයිතිය ඇති බවටත් ඔබගේ පෞද්ගලික අනන්‍යතාවය තහවුරු කිරීමටත් වලංගු ලියවිල්ලකි.

මෙවන් වටිනා ලියකියවිලි අස්ථානගත වන්නේ ඔබේ නොසැලකිල්ල නිසාම නොවේ. කාර්යබහුලත්වය, තාක්ෂණික දෝෂ හෝ වෙනත් ගැටළුවක් නිසාද විය හැකිය.

මෙම අත්‍යවශ්‍ය ලියකියවිලි අස්ථානගත වුවහොත්:

• හදිසි අවශ්‍යතාවකදී ඔබේ රටට යාමට නොහැකිි වෙයි.
• ඕනෑම අවස්ථාවක බලපත්‍ර පිළිබඳව නිලධාරීන් ප්‍රශ්න කිරීමට හැක.
• එවිට ඔබගේ සත්‍ය වලංගුතාවය පවා ඔප්පු කරගත නොහැකි වෙයි.

ලියකියවිලි සම්බන්ධව ඊශ්‍රායල නීතිය

ඔබේ සේවා යෝජකයාට හෝ ඒජන්සියට ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය (එසේ අවශ්‍ය වන අවස්ථා නොමැති තරම්ය. ඡායා පිටපතක් හොඳින්ම සෑහේ) ලබා දීමට සිදුවුවහොත් ලිඛිතව පැහැදිලි කිරීමක් ඇති ලිපියක් ලබාගන්න.

ඔබගේ නම, බලපත්‍ර අංකය, ඔවුන් ඒ ලබා ගන්නේ කුමන හේතුවකටද සහ එය නැවත ලබා දෙනු ලබන දිනය සඳහන් කොට ලබාගත් බවට සහතික කොට අත්සන් කිරීමක් ඔවුන්ගෙන් ලබා ගන්න.

සේවා යෝජකයාට ඔබගේ ගුවන් ගමන් බලපත්‍රය තබා ගත හැකි බවට ලියකියවිලි අත්සන් කර නොදෙන්න. එය නීතියට පටහැනිය.

ඔබේ සේවා යෝජකයා විසින් ඔබගේ ලියකියවිලි තබාගෙන සිටින්නේ නම් ඔහු වක්‍රාකාරව ඔබට පීඩනයක් යොමු කිරීමට හැක.

ලියකියවිලි ඔබ සතු අයිතියක් වන අතර කිසිවෙකු විසින් එය උල්ලංඝනයට පත් නොකළ යුතුය.

යම්කිසි අනාරක්ෂිත අවස්ථාවකදී

• විදේශික ශ්‍රමිකයන්ගේ හදිසි අංකය වන
1-800-354-554 ට
මෙහි විවිධ භාෂාවන්ට අවස්ථාව ඇත.

• Lanka Connect community support channel වෙත සම්බන්ධ වන්න.

• ශ්‍රී ලංකා තානාතිපති කාර්යාලය
1 Ben Gorion Street, Bnei Brak
03-527-7635
අමතා ඔබගේ ගැටලුව ඔවුන්ට පවසා උපදෙස් ලබා ගන්න.

ආරක්ෂා කරගත යුතු ලියැකියවිලි අතර

• ගුවන් ගමන් බලපත්‍රය
• B1 වැඩ වීසා පත්‍රය
• සේවා යෝජකයාගේ නම සහිත රැකියා අවසර පත්‍රය
• Ben Gurion ගුවන් තොටුපොළින් ලබා දුන් ඇතුළත් වීමේ වලංගුතා සලකුණ
• සෞඛ්‍ය රක්ෂණ කාඩ් පත හෝ පොලිස් ලිපිය
• සේවා ගිවිසුමේ පිටපතක්
• මාසික වැටුප් වාර්තා
• ශ්‍රී ලංකාවේ ජාතික හැඳුනුම්පත — මෙය ගුවන් ගමන් බලපත්‍රයේ ගැටලුවක දී ප්‍රයෝජනවත් විය හැක.

මෙවන් එක් ලේඛනයක් හෝ අස්ථානගත වීමෙන් ඔබ සිදුකිරීමට සූදානම් වන බොහෝ කරුණු අපහසුවීම හෝ ප්‍රමාද වීමට ඉඩ ඇත.

පහසු මඟපෙන්වීමක්

ඔබගේ ලියකියවිලි වෙනමම විශේෂ තැනක තබාගන්න.
වෙනත් දේ සමග එකට තබා නොගන්න.
එවිට ඔබ අදාළ ස්ථානයට පිළිබඳව හොඳින් දැනුවත්ය.

සෑම ලියකියවිල්ලකම digital පිටපතක් තබා ගන්න.

• ලේඛනවල ඡායාරූප ගෙන Google Drive, Google Photos, clouds වල තබාගන්න.

• ඔබගේම Gmail ලිපිනයට එම ලේඛනවල ඡායාරූප විද්‍යුත් තැපැල් කරන්න.

• විශ්වාසවන්ත කෙනෙකු හට WhatsApp මාර්ගයෙන් යවන්න.

• USB උපකරණයක ඒවා තැන්පත් කර ඔබගේ ඇසුරුමෙහි වෙනමම තබාගන්න.

ඔබගේ ජංගම දුරකථනය හා බෑගය අස්ථානගත වුවත්, ඒවා නැවතත් ලබා ගන්නාතුරු මෙසේ ආරක්ෂිතව තබා ඇති ඩිජිටල් ඡායාරූප මගින් යම් උපකාර තත්ත්වයක් උදාකර ගත හැක.

ඔබේ ගුවන් ගමන් බලපත්‍රය ජලයෙන්, දහඩියෙන්, බීම වර්ගවලින් ආරක්ෂා කරගන්න.

වතුරින් විනාශයට පත් නොවන බහාලුමක බහා තබන්න.

සෑම ලියකියවිල්ලක්ම බහාලුමක තබන්න. වටිනා ලියකියවිලි ලැමිනේට් කිරීමෙන් වලකින්න.

ඔබගේ ගුවන් බලපත්‍රය තුල ඔබව සම්බන්ධ කරගත හැකි විස්තර සහිත කාඩ් පතක් තබන්න:

• ඔබගේ නම
• දුරකථන අංකය

මසකට වරක්වත් සියලූම ලිපි ලේඛනය පරීක්ෂා කර බලන්න.

ගුවන් ගමන් බලපත්‍රය අවම වශයෙන් මාස හයකවත් වලංගුතාවයක තිබිය යුතුයි.

වීසා කාලය පිළිබඳ පරීක්‍ෂාකාරී වන්න.

ඔබගේ B1 වීසා වලංගු කාලය, ඔබගේ සෞඛ්‍යය රක්ෂණය, සේවායෝජකයා එයට දක්වන සහයෝගය, ඔබගේ මාසික වැටුප් වර්තා, ඔබ අත්‍යවශ්‍යයෙන් දැනගත යුතු දුරකථන අංක (සේවායෝජකයා, ඒජන්සිය, හදිසි දුරකථන අංක) වැනි මේ සියල්ල මසකට වරක්වත් පරීක්ෂා කිරීම සුළු වෙලාවක් ගන්නා කරුණක් වුවත් අනාරක්ෂිත බවින් වැළකිය හැකි හොඳම ක්‍රමයකි.

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.