තම සේවායෝජකයා වෙනස් කිරීම කම්කරුවෙකුට පෞද්ගලික තීරණයකට වඩා, තමන්ගේ තත්ත්වය තීරණය කරන වැදගත් සන්ධිස්ථානයක්.

මෙය නීතිමය රාමුවට අනුකූලව සිදුවිය යුතුයි.

සේවායෝජකයෙකු වෙනස් කිරීම සමගම අදාල ලියකියවිලිද  වෙනස් විය යුතුයි. 

එසේ නොවුවහොත් ව්‍යාකූලත්වයක් ඇති විය හැක. එමෙන්ම ඇතැම් ක්ෂේත්‍රවලදීම එලෙස සේවායෝජකයෙකු වෙනස් කිරීමට සීමාවල් ඇත.

සේවායෝජකයෙකු වෙනස් කිරීමේදී පරණ සේවායෝජකයාගේ අනුමැතිය අවශ්‍ය නොවුණත්, ඔහුට දැනුම් දීමක් කළ යුතුව  ඇත. 

විශේෂයෙන් සත්කාර සේවයේ දී සේවායෝජකයන් වෙනස් කළත් PIBA ආයතනයෙන් නීති සීමාවල් වෙයි.

එමෙන්ම ඉදිකිරීම් කම්කරුවන්ටත් සේවායෝජකයා වෙනස් කිරීමට හැකියාවක් ඇතත්, එසේ කළ හැක්කේ  විශේෂ දිනවලදී පමණයි.

එකම නීතිය හැම ක්ෂේත්‍රයන්ටම අදාළ නොවන මතක තබා ගන්න.

පවතින රැකියාවෙන් ඉවත්වීම, සහ අලුත් රැකියාව යටතේ  ලියාපදිංචි වීම සම්පූර්ණයෙන්ම කාරණා දෙකකි. 

හදිසි ආරක්ෂාවක්, නීතිමය හේතුවක් නොමැති නම්, පවතින රැකියාවට ලිඛිත දැනුම් දීමක් වඩා උචිතයි.

ඔබේ සේවය අයත් වන්නේ සත්කාරක, කෘෂිකාර්මික, ඉදි කිරීම හෝ විශේෂඥ ක්ෂේත්‍රයකටදැයි පැහැදිලි අවබෝධයක් තිබිය යුතුයි. පෞද්ගලිකආයතනයකට හෝ අධිකාරියකට එහි සම්බන්ධතාවයක් ඇත්නම් ඒ පිළිබඳව ද ඔබ දැනුවත් විය යුතුයි.

සත්කාරක ශ්‍රමිකයන්හට  සේවායෝජකයා වෙනස් කිරීම් කළ හැක. විශේෂයෙන් සත්කාරක ශ්‍රමිකයන් හා සම්බන්ධ නීති නිතරම සේවකයාගෙන් සේවකයාට වෙනස් වන හෙයින්, ඒ පිළිබඳව යාවත්කාලීන තොරතුරු  පිළිබඳව දැනුවත් විය යුතුයි.

එමෙන්ම ඇතැම් ක්ෂේත්‍රවල ලියකියවිලි සම්පූර්ණ කිරීම ආයතනික නීතිමය ක්‍රියාවලියේ කොටසක්.

පැරණි සේවා යෝජකයා සමඟ

පැරණි  සේවායෝජකයා හා රැකියාවේ ලියකියවිලි සුරක්ෂිතව තබා ගන්න.

අවසාන වැටුප් සටහන්, රැකියාවෙන් ඉවත් වන බවට කළ දැනුම් දීම්, නිවාසයක් ඇත්නම් එය පිළිබඳ ගත් තීරණ, සෞඛ්‍ය රක්‍ෂණ විස්තර, වැටුප් හෝ වෙනත් ගනුදෙනු, 

යන මේ සියල්ලටම අදාල ලිය කියවිලි ආරක්ෂා කරගන්න.   නීතිමය තත්ත්වයකට මුහුණ පෑමට අවශ්‍යව වුවහොත් මෙම ලියකියවිලි ප්‍රයෝජනවත් වනු ඇත.

මෙතෙක් සිටි සේවායෝජකයාගෙන් ඔබට අයත් ගුවන් ගමන්   බලපත්‍රය, අනෙකුත් ලියකියවිලි,  සහ අවසන් වැටුප් සටහන් ලබාගන්න.

පසුව ගැනීම ගැටලුකාරී විය හැකියි. 

ගුවන් ගමන් බලපත්‍රය, වැටුප් ලියකියවිලි පිළිබඳ ප්‍රශ්න ඇතිවුවහොත් හෝ ප්‍රමාද වීම් සිදු වුවහොත්  අප්‍රමාදීව ක්‍රියාත්මක වන්න.

පෙර සේවායෝජකයාට ඉවත්වීම පිළිබඳව ලිඛිත දැනුම් දීමක් කරන්න.

ඉවත්වීම පිළිබඳ ලියකියවිලි  ලබා දුන් බවට සාක්ෂි ලබාගන්න.

පැරණි  රැකියාවේ ලියකියවිලි සුරක්ෂිතව තබා ගන්න.

නව සේවායෝජකයා සමග

නව රැකියාවේ ලියකියවිලි සම්පූර්ණ කරනු ලබන ආයතනය හෝ තාක්ෂණික නිලධාරියා පිළිබඳව විමසන්න.

නව ගිවිසුමක් අවශ්‍ය ද, නව සේවා යෝජකයා  යටතේ නීතිමය සේවය අරඹන්නේ  කවදා පටන් ද, යන විස්තර සේවා දායකයකයා දැනගත යුතුයි. 

ආයතනයේ නම, සේවය ආරම්භ කරන දිනය, ලියකියවිලි ක්‍රමවේදය සේවා දායකයා දැනගත යුතුමයි .

ඔබේ නව රැකියාවත් ඔබේ ක්ෂේත්‍රයට අදාළම දැයි පරීක්ෂාකාරී වන්න.

නව රැකියාව හා සේවා යෝජකයා පිළිබඳ  විස්තර ලිඛිතව දැනගන්න. නව රැකියාව ආරම්භ කළ දිනයටත්  වඩා වැදගත් වන්නේ එහි ලියකියවිලි සම්පූර්ණ වූ දිනයයි.

නව රැකියාව ආරම්භ කළත් අදාළ ලියකියවිලි සම්පූර්ණ කොට ලියාපදිංචි කර ඇත්දැයි සොයාබලන්න

නව රැකියාව  පිළිබඳව  දැනුවත් වන්න . ඔබේ වැටුප, නිවාසයක් ලැබේ ද යන්න, රක්ෂණයන් සහ ඔබේ ලියකියවිලි සම්පූර්ණ කරන්නේ කවුරුන්ද යන වග.

බාහිරින් ගත් කල සේවායෝජකයෙකු වෙනස් කිරීම සරල දෙයක් ලෙස පෙනුනද නීති රීතිවලට එකඟව නොකළ විට එය  ඔබට  මුහුණ දීමට සිදුවන ගැටලු රාශියක ආරම්භයක් විය හැක.

සේවායෝජකයා මාරු කිරීමේදී කිසිවිටෙකත්  ඔබට ඒ සඳහා ඇති නිදහස ඔබ දැරූ වගකීම් අත්හැරීමට හේතුවක් නොවෙයි. පෙර රැකියාවේ වගකීම් සහ නීතිමය ලියකියවිලි අනිවාර්යෙන් සිදු කරන්න.

ඔබ රැකියාවක නොයදුනු කාල පරිච්ඡේදය, සහ ලියාපදිංචි නොකොට සිටි කාල   පරිච්ඡේද  ඇත්නම් ඒවා නොවළහා හෙළි කරන්න.  විස්තර සඟවා තැබීම හානිදායක විය හැක.

සේවායෝජකයා වෙනස් කිරීමේදී පහත දැක්වෙන උපායමාර්ගික සටහන් පිළිබඳ සැලකිලිමත් වන්න 

මෙහිදී ආරම්භක සටහන් සහ අවසන් කල සටහන් ලෙස සටහන් දෙවර්ගයක් පවත්වා ගැනීමෙන් ඔබට පැහැදිලි  ක්‍රමවේදයක් ලැබෙයි.

  • අවසන් කළ සටහන්

පෙර සේවායෝජකයාට දැනුම් දීම, අවසාන වැටුප් සටහන,  කියවිලිවල ඡායාරූප, පරණ සේවා යෝජකයාගේ පැමිණිලි

  • ආරම්භක සටහන්

නව සේවා යෝජකයාගේ විස්තර, ගිවිසුම, ලියකියවිලි සම්පූර්ණ කරන ආයතනය, ලියකියවිලි ලියාපදිංචි කරන දිනය, නිවාස විස්තරයක්, සේවය ආරම්භ කළ දිනය, ලියාපදිංචි කළ බවට සාක්ෂි  

නව සේවායෝජකයෙක් කරා යෑමටත් වඩා වැදගත් වන්නේ  යෑමේ නීතිමය මාවත දැනගැනීමයි. ඒ අනුව ක්‍රියා කිරීමයි. ශ්‍රමිකයා තමන්ගේ අයිතිවාසිකම් සහ සේවා මාරු කිරීම පිළිබඳ වඩා දැනුවත් වීම අත්‍යවශ්‍යය. අනිවාර්යය.

පැරණි සේවා යෝජකයාට ඔබගේ ඉවත්ව යෑම දැනුම් දීමේදී ඉතාමත් කෙටි පැහැදිලි සටහනකින් දන්වන්න.

ඔබ මෙම රැකියාවෙන් ඉවත්ව යන බවටත්, ඔබගේ අවසාන වැටුප, වැටුප් විස්තර  ලියකියවිලි   සාමකාමීව ඉල්ලා සිටින බවටත්.

නව සේවායෝජකයාගෙන්ද  අදාළ ප්‍රශ්න  ලිඛිතවම  අසා දැන ගන්න. ඔබගේ ලියකියවිලි සම්පූර්ණ කරන නිලධාරියා කවුද, ඔබ ඔහු යටතේ ක්‍රියාත්මක වන්නේ කවදා සිටද යන්න.

පසුව ලියකියවිලි සම්පූර්ණ කරන පොරොන්දුව මත  නව  රැකියාව ආරම්භ නොකරන්න. 

කිසියම් ගැටළුවක් ඇතිවූ කල චෝදනා නොකොට,  කරුණු ලිඛිතව ඉදිරිපත් කරන්න. දිනය, නම, රැකියා ස්ථානය සහ  ලියකියවිලි පිළිබඳව.

 ආරක්ෂාව වෙනුවෙන් ඔබගේ සියළුම ලේඛනවල  ඩිජිටල් පිටපතක් නෑයෙකු හෝ විශ්වාසවන්තයෙකු ළඟ තබන්න.

සේවායෝජකයෙකු වෙනස් කිරීම පෞද්ගලික තීරණයක් වුවත් එහි නීතිමය වෙනස්කම් සිදුවීම පද්ධතියේ තීරණයක් වෙයි.

අදාළ ක්ෂේත්‍රයේ නීති දැනගනිමින්, නිවැරදි ලේඛන තබාගනිමින්, නීති රීතිවලට එකඟව කරන සේවා යෝජක වෙනස්කම් මගින් සේවකයා පීඩනයට පත් නොවේ.

තමන්ගේ හඬින් කළ හැකි දේට වඩා බොහෝ දේ, සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් කළ හැකි බව සිහි තබා ගන්න. ඔබට විශ්වාසය ගෙන දෙන්නේ ඔබ ගොඩනගාගන්නා ව්‍යුහයමය ශක්තිමත්භාවය මත බව දැනගන්න.

සංක්ෂිප්තයක් ලෙස

සේවායෝජක මාරු කිරීම් කළ හැකි බවත්, නීතිගරුකව  බුද්ධිමත්ව නිරවුල් පටිපාටියකට කිරීම තුළින් ගැටලු අවම කර ගත හැකි බව  සිහි  තබා ගන්න.

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.