වැඩ කරන පැය ගණන, අතිකාල වැඩ, සතියේ නිවාඩු දිනය
ඊශ්‍රායලයේ වෙසෙන විදේශීය ශ්‍රමික ඔබ, ඔබේ ශ්‍රමය සූරා කෑමකට කැමැත්තෙන් ඉඩ නොදුන්නත්, නොදැනුවත්වම, කාලයත් සමඟ එවන් යමක් සිදුවිය හැක. තමාට නියමිත සේවයට වඩා වැඩ කරන සෑම පැයක් වෙනුවෙන් ගෙවීමක් නොකරන්නේ නම්, එය ඔබෙන් උදුරා ගත් අයිතියකි. ඔබව සූරාකෑමට ලක් කිරීමකි. වැඩ කරන කාලය සඳහා මූලික නීති ඊශ්‍රායලයේ වැඩකරන දින 6 සතියකට නම් පැය 47 කාලයකි. […]










