
ලිපියට සම්බන්ධ වැදගත් සෙවුම්: ඊශ්‍රායලයේ පොලිසිය නතර කිරීම, පොලිසිය විදේශ සේවකයෙකු ප්‍රමාද කරයි, ඊශ්‍රායලයේ හැදුනුම්පත් පරීක්ෂාව, පොලිසිය සමඟ සම්බන්ධ වීමේ අයිතිවාසිකම්, LankaConnect මාර්ගෝපදේශය.
හැඳින්වීම
මෙහි අදහස වන්නේ පොලිසිය විසින් නතර කිරීමක් (police stop) ඇති වූ විට එය මිනිසුන්ට මානසිකව කොතරම් වෙනස් අත්දැකීමක් විය හැකිද යන්න සහ එවැනි අවස්ථාවක නිවැරදිව ක්‍රියා කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීමයි.
සරලව පැහැදිලි කළොත්:
● ඔබ වෙහෙසට පත්ව සිටින විට, දිගු වෙලාවක් වැඩ කරමින් සිටින විට, හෝ වීසා ගැන කනස්සල්ලෙන් සිටින විට පොලිසිය නතර කළ විට එය බොහෝ දුරට තවත් පීඩනකාරී අත්දැකීමක් විය හැක.
● කිසිදු වැරැද්දක් නොකළත්, හැදුනුම්පත ඉල්ලන විට, රැඳී සිටින්න කියන විට, හෝ ප්‍රශ්න අසන විට මිනිසුන් බියට පත්විය හැක.
මෙහි මූලික පණිවිඩය වන්නේ මෙය තර්කයක් ජයගැනීම ගැන නොවන අතර අවදානම අඩු කිරීම ගැනයි. ඒ සඳහා ඉගෙන ගත යුතු දේවල් පැහැදිලි කිරීමයි.
● සන්සුන්ව සිටින්නේ කෙසේද
● කුමන ලේඛන පෙන්විය යුතුද යන්න දැන සිටීම
● මතක තබාගත යුතු වැදගත් දේවල් අවබෝධ කරගැනීම
● අවශ්‍ය නම් පසුව නිවැරදි ක්‍රියාමාර්ග ගැනීම
සාමාන්‍ය පොලිස් පරීක්ෂාවකදී සාමාන්‍යයෙන් සිදුවන දේ
බොහෝ විට පොලිසිය සමඟ සම්බන්ධ වීම කෙටි වේ. නිලධාරියෙකු ඔබෙන් හැඳුනුම්පත ඉල්ලා සිටිය හැක.
● ඔබ වාසය කරන ස්ථානය හෝ වැඩ කරන ස්ථානය ගැන විමසිය හැක.
● වාහනයක් පරීක්ෂා කළ හැක
● තොරතුරු තහවුරු කරන අතරතුර ටික වේලාවක් රැඳී සිටින ලෙස ඉල්ලා සිටිය හැක.
විදේශීය සේවකයන් සාමාන්‍යයෙන් විදේශ ගමන් බලපත්‍රය (passport) හෝ වෙනත් නිල ලේඛනයක් සමඟ ඔබගේ නීතිමය තත්ත්වය සනාථ කරන ලියකියවිලි ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. එනම් කෙටි පරීක්ෂාවක් කෙටිවම අවසන් කළ යුතුය.
● ඔබගේ අත් පෙනෙනෙ ලෙස තබා ගැනීම.
● හැඳුනුම්පත් තොරතුරු පිළිබඳ මූලික ප්‍රශ්නවලට සන්සුන්ව පිළිතුරු දීම.
● හදිසි චලන, උපහාසය, හෝ ශාරීරික ප්‍රතිරෝධය වැළැක්වීම.
● නැවත්වීම අසාධාරණ ලෙස දැනුනත්, බොහෝවිට එවැනි අවස්ථාවකදි එය විසඳීමට සුදුසු ස්ථානයක් නොවේ.
මුල් මිනිත්තු කිහිපයේදී කළ යුතු දේ
● කතා කිරීමට පෙර එක් වරක් ගැඹුරු හුස්මක් ගැනීම.
● ඔබගේ හැඳුනුම්පත පෙන්වීමට අවසර තිබේදැයි නිවැරදිව හා ආචාරශීලී ලෙස විමසීම.
● ඔබගේ ලියකියවිලි දුරකථනයේ තිබේ නම්, උපාංගය වෙත අත යොමු කිරීමට පෙර එය පැහැදිලිව සඳහන් කිරීම.
● ඔබට අසන දේ තේරුම් ගැනීමට නොහැකි නම්, එය මුල් අවස්ථාවේදීම සදහන් කිරීම.
“මට හීබ්රූ භාෂාව තේරුම් ගැනීමට අමාරුයි. කරුණාකර සෙමින් පැහැදිලි කරන්න.”
● නිලධාරියෙකු ඔබට රැඳී සිටින ලෙස ඉල්ලා සිටින විට, එය දිගු වේලාවක් ලෙස දැනුනත් එම ස්ථානයේම රැඳී සිටීම ඉතා වැදගත් ය.
● ස්ථානය, වේලාව, නිලධාරීන්ගේ සංඛ්‍යාව, දෘශ්‍යමාන වාහන අංකය, සහ නැවැත්වීමට දෙන මූලික හේතුව වැනි විස්තරවලට අවධානය යොමු කළ යුතුය. එම තොරතුරු පසුව පැමිණිල්ලක් හෝ නීතිමය කරුණක් ඇතිවන අවස්ථාවක වැදගත් වේ.
සේවකයන් බොහෝවිට කනස්සල්ලට පත්වන ප්‍රශ්න
බොහෝ විදේශීය සේවකයින් බිය වන්නේ ඕනෑම පොලිස් සම්බන්ධතාවයක් යනු වහාම රඳවා තබා ගැනීමක් හෝ පිටුවහල් කිරීමක් බවයි. නමුත් සාමාන්‍ය පරීක්ෂාවක් බොහෝවිට සාමාන්‍ය පරීක්ෂාවක් ලෙසම පවතිනු ඇත.
පොලිස් සම්බන්ධතාවක් වඩාත් බරපතළ වන්නේ ප්‍රචණ්ඩත්වය, සොරකම, ලේඛන ගැටලු, වරෙන්තුවක් පැවතීම, හෝ සහයෝගය ලබා නොදීම යන සැකයන් පවතින විටය.
තවත් පොදු කනස්සල්ලක් වන්නේ ලේඛන ව්ශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේද යන්නයි. ප්‍රායෝගිකව, ඉල්ලා සිටින ලේඛන පමණක් ඉදිරිපත් කළ යුතුය. සම්බන්ධයක් නොමැති ලේඛන එකතුවක් දීම සුදුසු නොවේ.
ඔබගේ හැඳුනුම්පත සහ නීතිමය තත්ත්වය සනාථ කරන ලේඛන සඳහා එක් සරල ෆෝල්ඩරයක් හෝ දුරකථනයේ එක් නියමිත ඇල්බමයක් පවත්වා ගැනීම ඔබට පහසුවක් වේ. එවිට පරීක්ෂාව තීව්‍රවන අවස්ථාවකදී දුසිම් ගණනක ස්ක්‍රීන්ශොට් අතර එය සෙවීමට සිදු නොවේ.
නැවැත්වීම වඩාත් බරපතළ වන අවස්ථාවක කළ යුතු දේ
● ඔබට එම ස්ථානයෙන් නිදහසේ පිටව යා නොහැකි නම්, ඔබව තව දුරටත් ප්‍රමාද කරයිද සහ ඒ සඳහා හේතුව කුමක්ද යන්න ආචාරශීලීව විමසීම.
● ඔබව ප්‍රශ්න කිරීම සඳහා පොලිස් ස්ථානයකට රැගෙන යන්නේ නම්, හැකි නම් එම ස්ථානයේ නම සටහන් කර ගැනීම.
● ඔබගේ ජංගම දුරකථනය ඔබ සමඟ තිබේ නම්, ඔබගේ ස්ථානය සහ සිදුවන දේ පිළිබඳව විශ්වාසදායක පුද්ගලයකුට කෙටි පණිවිඩයක් (message) යැවීම.
● ඔබ තේරුම් නොගන්නා ලියවිල්ලකට අත්සන් කිරීමට ඉල්ලා සිටින විට, එහි අන්තර්ගතය මුලින් පැහැදිලි කර දිය යුතු බව පැහැදිලිව පැවසීම. අපහසුතාවයක් හෝ ලැජ්ජාවක් නිසා පමණක්, තත්ත්වය ඉක්මනින් අවසන් කිරීම සඳහා නොතේරෙන ලියවිල්ලකට අත්සන් කිරීම සුදුසු නොවේ.
නරක තත්ත්වයක් තවත් බරපතළ කල හැකි දෑ
● කරුණු අමතක කරගෙන හැඟීම්බරව වාද කිරීම.
● ඔබගේ හැඳුනුම් තොරතුරු, ලිපිනය, රැකියාව, හෝ ගමන් ඉතිහාසය පිළිබඳව බොරු පැවසීම. කුඩා නොගැලපීම් පවා පසුව විශාල ගැටලු ඇති කළ හැක.
● සියලු දෙනා වෙනුවෙන් කතා කරන, වාදයට ඉදිරිපත් වන මිතුරෙකු මත පමණක් රැඳී සිටීම. සන්සුන්, කෙටි සහ නිවැරදි තොරතුරු ලබා දීමම ආරක්ෂිතම ක්‍රමයයි.
පසුව සටහන් කරගත යුතු දේ
අත්අඩංගුවට ගැනීමක් හෝ චෝදනා නොමැතිව නැවැත්වීම අවසන් වුවද, එම සිදුවීම සටහන් කර තැබීම වැදගත් වේ. එය සිදු වූ ස්ථානය, ඔබෙන් ඇසූ ප්‍රශ්න, ඔබ ඉදිරිපත් කළ ලේඛන, සහ ඔවුන් ඔබට කිසියම් ලියවිල්ලක් ලබා දුන්නේද යන්න සටහන් කර තබා ගැනීම කළ යුතු වේ. ඔවුන් වහාම රැගෙන ගිය හෝ භාරගත් යම් භාණ්ඩ තිබේ නම් ඒවා සහ එම නැවැත්වීම පැවති කාලයද සටහන් කර තැබීම වැදගත් වේ.
බාහිර සහාය ලබාගත යුතු අවස්ථා
පොලිස් සම්බන්ධතාවයකදී ප්‍රචණ්ඩත්වය, ඔබ තේරුම් නොගන්නා පරීක්ෂාවක් (search), අහිමි වූ හෝ නොමැතිවූ භාණ්ඩ, විදේශ ගමන් බලපත්‍ර(passport) ගැටලුවක්, ලියවිලි අත්සන් කිරීමට බල කිරීමක්, හෝ පොලිස් ස්ථානයකට ගෙන යාමක් සිදු වුවහොත්, ඉක්මනින් උපදෙස් ලබා ගැනීම වැදගත් වේ. එවැනි අවස්ථාවක HaKeren (1-800-354-442) වැනි නීතිමය උපකාර සේවාවක් හෝ වෙනත් සහය සංවිධානයක් සම්බන්ධ කරගත යුතුය.
ඔබගේ තත්ත්ව ලේඛන (status documents) වලට බලපාන සිදුවීමක් නම්, PIBA හෝ ඔබගේ රටේ තානාපති කාර්යාලය (embassy) වැනි ආයතනද සම්බන්ධ කරගැනීම අවශ්‍ය විය හැක.
නිගමනය
බොහෝ පොලිස් පරීක්ෂා කිරීම් කළමනාකරණය කිරීම පහසු වන්නේ කරුණු තුනක් මතක තබා ගැනීමෙන්ය. සන්සුන්ව සිටීම, ඔබගේ හැඳුනුම්පත් තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කිරීම, සහ පසුව භාවිතා කළ හැකි ආකාරයේ සටහනක් තබා ගැනීම යනාදියයි.
මෙම ප්‍රවේශය සෑම අපහසු අවස්ථාවක්ම සම්පූර්ණයෙන් විසඳන්නේ නැතත්, බොහෝවිට අවුල් සහගත නැවැත්වීමක් තවත් විශාල ගැටලුවක් බවට පත්වීම වැළැක්වීමට උපකාරී වේ.
විශේෂඥයාගෙන් අසන්න
“පොලිසිය මාව නවත්වා පැයකට වැඩි කාලයක් බලා සිටින ලෙස ඉල්ලා සිටියා. ඔවුන් එයට හේතුව පැහැදිලි කළේ නැහැ. සිදුවන්නේ කුමක්දැයි අසන්නට මට අයිතියක් තිබේද යන්න මා කෙසේ ඇසිය යුතු ද?”
ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න: LankaConnect.com/ask-the-expert

Comments