හැදින්වීම

හවුල් නවාතැන් (shared apartments) බහුතරයක් තුළ ගැටලු පැනනගින්නේ එකම සිද්ධියක් නිසා නොවේ. එය ක්‍රමයෙන් ගොඩනැගෙන්නේ සන්නිවේදනය නොවූ නැවත නැවත සිදුවන සුළු දෛනික අවස්ථා හේතුවෙනි.

උදාහරණයක් ලෙස,

• කෙනෙකු වැඩට පිටත්ව යාමට අවශ්‍ය වන අවස්ථාවේදී නානකාමරය කාර්‍යබහුල වීම
• පසුදින උදෑසනත් අපිරිසිදු බඩු පිරිසිදු නොකර තිබීම
• පෙර දැනුම්දීමකින් තොරව අමුත්තන් රැඳී සිටීම
• අනෙක් අයට අවශ්‍ය ලෙස තමන් හැඩගැසෙන බවක් දැනීම

ආදී අවස්ථා සඳහන් කළ හැක.

මෙවැනි තත්ත්වයන් සති කිහිපයක් පුරා දිගටම පැවතියහොත්, ප්‍රකාශිත ගැටුම් නොමැති වුවද, වාසස්ථානය තුළ බරපතළ මානසික ව්‍යාකූලතා ඇතිවීමට ඉඩ ඇත.

මෙම ලිපිය ඉලක්ක කරන්නේ ඊශ්‍රායලය තුළ හවුල් නවාතැන්වල ජීවත් වන විදේශීය කම්කරුවන් වන අතර ඔවුන්ට සාමකාමී, ගරුත්වයෙන් යුතුව සහ ක්‍රියාත්මක කළ හැකි වාසස්ථානයක් පවත්වාගෙන යාම සඳහා උපකාර කිරීමයි. හවුල් නවාතැන් පද්ධතියක් සාර්ථකව පවත්වාගෙන යාමට දැඩි නීති හෝ අතිශය පාලන ක්‍රම අවශ්‍ය නොවේ. ඒ වෙනුවට පැහැදිලි අපේක්ෂාවන්, දෛනික සලකා බැලීම් සහ අකමැත්ත සාමාන්‍ය වාතාවරණයක් බවට පත්වීමට පෙර ගැටලු විසඳා ගැනීමට හැකි ක්‍රමවේදයක් අත්‍යවශ්‍ය වේ.

විශාල දේශනවලට වඩා සුළු දෛනික පුරුදු වැදගත් වන්නේ ඇයි

නේවාසික මිතුරන් අතර ගැටලු බොහෝ විට එක විශාල සිද්ධියකින් නොව, නැවත නැවත සිදුවන එකම ක්‍රියා හේතුවෙන් වර්ධනය වේ.

• රාත්‍රියේ දී ශබ්දයෙන් කතා කරන පුද්ගලයෙකු තමන් විසින් ගැටලුවක් ඇති කරන බවක් නොසිතා සිටිය හැක.
• එක් වරක් ආහාර ආපසු ලබා දීමට පොරොන්දු වී ගන්නා පුද්ගලයෙකුට එය සුළු කරුණක් ලෙස පෙනිය හැක.
• “මම පසුව පිරිසිදු කරන්නම්” කියමින් නැවත නැවත එම කාර්ය කල් දමන පුද්ගලයෙකුට, තමන් ජීවත් වන නිවස තවමත් පාලනය කළ හැකි තත්ත්වයක පවතින බව විශ්වාස විය හැක.

නමුත් උදෑසන අවදි වන, නිතර පිරිසිදු කරන හෝ ආපසු ලබා දීමට පොරොන්දු වී නිසි වේලාවටම එය ක්‍රියාවට නංවන කාමර හවුල්කරුට එය ගැටලුවක් විය හැක.

හවුල් නවාතැන් සාර්ථකව ක්‍රියාත්මක වන්නේ ප්‍රායෝගික අපේක්ෂාවන් නිසියාකාරව පවතින විටය. එයට ගරුත්වය පිළිබඳ දිගු නායකත්ව දේශන අවශ්‍ය නොවේ. ඒ වෙනුවට ඔවුන් සත්‍ය වශයෙන් ජීවත් වන පරිසරයට ගැලපෙන පැහැදිලි හා සරල එකඟතා කිහිපයක් තිබීම ප්‍රමාණවත් වේ.

සැබෑ ජීවිතයේ වඩාත් වැදගත් වන නීති බොහෝ විට ආරම්භයේදී අවධානයට නොගන්නා කරුණු වීම

මිනිසුන් එකට වාසය කිරීම ආරම්භ කරන විට ඔවුන් බොහෝවිට කුලිය පිළිබඳව පමණක් සාකච්ඡා කරති. නමුත් දෛනික ජීවිතයේ ගැටලු සහ සංවේදී කරුණු සාමාන්‍යයෙන් එකිනෙකට වෙනස් වේ.

ඒවාට උදාහරණ ලෙස,

• වැඩට යාමට පෙර නානකාමරය භාවිතා කරන කාලය
• පිඟන් සෝදන ක්‍රමය සහ මුලුතැන්ගෙය භාවිතය
• කුණු ඉවත් කිරීම
• පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය
• උස් හඬින් ලබා ගන්නා දුරකථන ඇමතුම්
• වීඩියෝ කතාබස්
• දුම්පානය
• අමුත්තන් පැමිණීම සහ රාත්‍රියේ රැඳී සිටීම
• ආහාර බෙදාහදා ගෙන භාවිතය
• ශීතකරණයේ ඉඩ බෙදාගැනීම
• බිල්පත් ගෙවීම් කෙතරම් ඉක්මනින් කළ යුතුද යන්න

වැනි කරුණු ඇතුළත් වේ.

මෙම කරුණු සාමාන්‍යයෙන් කුඩා ලෙස පෙනුනත් දිගු කාලීනව එකට වාසය කිරීමේදී ගැටලු ඇතිවීමට ප්‍රධාන හේතු වේ. එබැවින්, ආරම්භයේදීම මෙම නීති සදහා පැහැදිලි එකඟතා ඇති කරගැනීම වඩාත් වැදගත් වේ.

මෙවැනි කරුණු සඳහා දිගු ලේඛන අවශ්‍ය නොවේ. කෙටි ලිඛිත පණිවිඩයක් පවා ප්‍රමාණවත් වේ. එම පණිවිඩය තුළ,

• පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය මිලදී ගන්නේ කවුද
• අමුත්තන්ට පැමිණීමට පෙර දැනුම්දීමක් අවශ්‍යද
• කුමන වේලාව “නිහඬ කාලය” (quiet time) ලෙස සැලකේද
• ආහාර පෞද්ගලිකද නැතිනම් බෙදාගන්නා දෙයක්ද
• පොදු වියදම් බෙදී යන්නේ කෙසේද

යන කරුණු පැහැදිලිව සඳහන් කළ හැක.

සාමාන්‍ය ගැටුම් රටා

එකට වාසය කරන පුද්ගලයන් (roommates) අතර ඇතිවන ගැටලු වලට මුදල් පමණක් හේතුවක් නොවේ. බොහෝවිට ගැටුම් ඇතිවන්නේ දෛනික ජීවිතයේ හැසිරීම් හා අපේක්ෂාවන් අතර නොගැළපීම් නිසාය.

එවැනි ගැටුම්වලින් එකක් වන්නේ, දෛනික වගකීම් සියලුදෙනා අතර බෙදාගෙන තිබුණද, එක් පුද්ගලයෙකු “ප්‍රධාන කුලීකරු” ලෙස හැසිරීමයි. මෙය බලය සහ වගකීම් අතර අසමතුලිතතාවයක් ඇති කරයි.

තවත් පොදු ගැටලුවක් වන්නේ, එක් පුද්ගලයෙකු අනෙක් අයට වඩා වැඩි ලෙස අපිරිසිදු වීමත්, “පසුව කරමි” යනුවෙන් වැඩ ප්‍රමාද කිරීමත්ය. මෙවැනි හැසිරීම් දිගටම පවතින විට අනෙක් අය අතර ඒ පිළිබඳ නරක හැඟීමක් ඇතිවිය හැක.

පෞද්ගලිකත්වය ද මෙහි වැදගත් භූමිකාවක් ඉටු කරයි. චාජර්, කුළුබඩු, සබන් හෝ පිරිසිදු කිරීමේ ද්‍රව්‍ය, ආහාර වැනි කුඩා වටිනාකමක් තිබෙන දේවල් වුවද අනුමැතියකින් තොරව නැවත නැවත භාවිතා කිරීම විශ්වාසය බිඳ දැමීමට හේතු විය හැක.

අමුත්තන් පිළිබඳ කරුණු ද එකට වාසය කරන පුද්ගලයන් අතර ඇතිවන ප්‍රධාන ගැටලු වලින් එකකි. සමහර පුද්ගලයන්ට මිතුරන් නිතර පැමිණීම පිළිබඳ සුවපහසු බවක් දැනෙන අතර, අනෙක් අයට විශේෂයෙන් කුඩා නිවාසවල සිටින විට පෙර දැනුම්දීමක් අවශ්‍ය කරති. මෙවැනි අවස්ථාවල ශබ්දය, නානකාමර භාවිතය සහ නිදා ගැනීමට ඉඩ සැපයීම වැනි කරුණු මූලික කරගෙන ඒවා ඉක්මනින් ගැටලු බවට පත්වේ.

ඒ අනුව, සාර්ථක සහ සුවපහසු පරිසරයක් පවත්වා ගැනීමට නම් අමුත්තන් සම්බන්ධ සීමා සහ අපේක්ෂාවන් පිළිබඳව ගැටුමක් ඇති වීමට පෙරම සාකච්ඡා කර පැහැදිලි එකඟතාවයකට පැමිණීම අත්‍යවශ්‍ය වේ.

නිවසේ තත්ත්වය තව දුරටත් ව්‍යාකූල නොකරමින් ගැටලුවක් ඉදිරිපත් කරන ආකාරය

ගැටලුවක් ආරම්භයේදී ම ඒ පිළිබඳව කතා කිරීමට වඩාත් සුදුසු වේ. දිගු සහ හැඟීම්බර විස්තරයකට වඩා සන්සුන් සහ කෙටි වාක්‍යයක් බොහෝ විට මේ සදහා භාවිතා කළ හැකිය. මෙහි ප්‍රායෝගික ක්‍රමය වන්නේ,

• ගැටලුව සිදුවන ආකාරය (pattern) පැහැදිලිව සඳහන් කිරීම
• එය ඔබට ඇති කරන බලපෑම පැහැදිලි කිරීම
• ඒ සදහා පැහැදිලි විසඳුමක් යෝජනා කිරීම

උදාහරණයක් ලෙස, “අපි උදේ වැඩට යාමට පෙර මුලුතැන්ගෙයහි බොහෝ අපිරිසිදු දේවල් ඉතිරි වන නිසා. අපි ඒවා පිරිසිදු කිරීම එදිනම කරමුද” යනුවෙන් පැවසීම, සති දෙකක් නිහඬව සිට ඉන්පසු කෝපයෙන් ප්‍රතිචාර දක්වීමට වඩා ප්‍රායෝගික වේ.

එය පුද්ගලයාගේ චරිතය ගැන නොව, ඔහුගේ හෝ ඇයගේ පුරුදු ගැන කතා කිරීමටද උපකාරී වේ.

“මෙය නැවත නැවත සිදුවෙනවා” යනුවෙන් පැවසීම, “ඔබ ගෞරව නොකරන කෙනෙක්” යනුවෙන් පවසනවාට වඩා ප්‍රායෝගික වේ.

සාමාන්‍යයෙන් මිනිසුන් එවැනි ලේබලයකට එරෙහිව තමන්ව ආරක්ෂා කරනවාට වඩා, තමන්ගේ දෛනික පුරුද්දක් වෙනස් කිරීමට වැඩි සූදානමක් දක්වයි.

ගැටලුව ඉවසීමේ සීමාව ඉක්මවා යන අවස්ථාවල කළ හැකි දේ

සෑම වාසස්ථාන ගැටලුවක්ම හොඳ සන්නිවේදනය මඟින් විසඳිය නොහැක. කුලී සගයෙකු (roommate) තර්ජනාත්මක ලෙස හැසිරෙන්නේ නම්, දේපළ සොරකම් කරන්නේ නම්, පෞද්ගලිකත්වය තමා අකමැතිව නැවත නැවත උල්ලංඝනය කරන්නේ නම් හෝ ආරක්ෂාව සහ ගෙවීම් සම්බන්ධ මූලික සීමාවන් සම්පූර්ණයෙන් නොසලකා හරින්නේ නම් එය සරල ආචාරධර්ම පිලිබද ගැටලුවක් පමණක් නොවේ.

මෙවැනි අවස්ථාවලදී, ලිඛිත වාර්තා, ගෙවීම් සාක්ෂි සහ සුරක්ෂිත කරගත් පණිවිඩ ඉතා වැදගත් වේ. ඒවා ඔබට ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් වීමට හෝ තත්ත්වය අනෙකුත් පුද්ගලයන්ට පැහැදිලිව විස්තර කිරීමට උපකාරී වේ.

හොඳ සමූහ වාසස්ථානයක් සම්පූර්ණයෙන්ම පරිපූර්ණ නොවේ. එය සරලවම ප්‍රමාණවත් ස්ථාවරතාවයක් ඇති ස්ථානයක් වන අතර එහි ජීවත් වන පුද්ගලයන්ට දෛනික ආතතියකින් තොරව වැඩ කිරීමට, නිදාගැනීමට, ආහාර පිසීමට සහ විවේක ගැනීමට හැකි වේ.

මෙම ස්ථාවරතාවය සාමාන්‍ය පුරුදු කිහිපයකින් නිර්මාණය වේ.

• නිසි කාලයට ගෙවීම් කිරීම
• අමුත්තන් පිළිබඳ පෙර දැනුම්දීම
• භාවිතයෙන් පසු පිරිසිදු කිරීම
• නින්දට බාධා නොකිරීම
• ගැටලුවක් ආරම්භ වන විටම ඉක්මනින් කතා කිරීම

නිගමනය

කාමර සගයන් සමඟ ජීවත්වීම පහසු වන්නේ එකිනෙකාගේ අදහස්වලට ගෞරව කිරීම දෛනික පුරුදු බවට පත් කළ විටය. එනම්, එකිනෙකාට ගෞරවය පෙන්වීම සරල අදහසක් ලෙස නොව, දිනපතා අනුගමනය කරන ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි.

සන්සුන් සහ සාමකාමී නිවසක් ඇතිවන්නේ සියලුදෙනාම ඉතා සමීප මිතුරන් වීම නිසා නොවේ. එය සිදුවන්නේ, එක් එක් පුද්ගලයා තම සීමාවන් හඳුනාගෙන, සරල නීති සහ පුරුදු අනුගමනය කරමින්, ගැටලු කුඩා අවස්ථාවේදීම හඳුනාගෙන විසඳා ගැනීම නිසාය.

එබැවින්, සාර්ථක සහ සුවපහසු සමූහ වාසස්ථානයක් නිර්මාණය වන්නේ සම්බන්ධතා මත පමණක් නොව, නියමිත පුරුදු, සීමා, සහ කාලෝචිත සන්නිවේදනය මතය.

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.