හැඳින්වීම

ඊශ්‍රායලයේ භාවිතා කරන ලද භාණ්ඩ (දෙවන-අත භාණ්ඩ/second-hand items) නැවත මිලදී ගැනීමේ දී අවදානම් තත්ත්ව දක්නට ලැබේ. විශේෂයෙන්ම එම තීරණ ඉක්මනින් හා පීඩනය යටතේ ගන්නා අවස්ථාවලදී එය නිරන්තරයෙන් දක්නට ඇත.

• ඡායාරූපයකදී මෙට්ටයක්(mattress) හොඳ තත්ත්වයක පෙනුනද සැබෑවට පරීක්ෂා කිරීමේදී එහි දුර්ගන්ධයක් තිබිය හැක.
• රෙදි සෝදන යන්ත්‍ර එක් වරක් පමණක් ක්‍රියා කර පසුව ක්‍රියාවිරහිත විය හැක.
• ඇදුම් අල්මාරි ඡායාරූපයවල කාමරයට ගැළපෙන ලෙස පෙනුනද පඩිපෙළ හරහා ගෙන යා නොහැකි භෞතික සීමාවන් ඇතිවිය හැක.

මෙවැනි ගැටලු දුර්ලභ නොවන අතර භාවිත කළ භාණ්ඩ භාවිතය සම්පූර්ණයෙන්ම වළක්වාලීම මෙම මාර්ගෝපදේශය අරමුණු කර නොගනී. බොහෝ අවස්ථාවලදී එවැනි භාණ්ඩ ප්‍රායෝගික හා ආර්ථික වශයෙන් නිවැරදි තේරීමක් විය හැක. මෙම ලිපියේ ප්‍රධාන අරමුණ වන්නේ, සැබෑ ආර්ථික ඉතිරියක් සහ පෙනුමෙන් අඩු වියදමක් ලෙස පෙනුනද පසුව ගැටලු ඇති කරන මිලදී ගැනීම් අතර වෙනස විචාරාත්මකව හඳුනා ගැනීමයි.

වැරදි තීරණ ඇති කරන පීඩනය

භාවිතා කළ භාණ්ඩ නැවත මිලදී ගැනීම් බහුතරයක පොදු ලක්ෂණයක් වන්නේ ඉක්මනින් තීරණ ගත යුතු බවට ඇති හැඟීම (urgency) ය.

• සමහර අවස්ථාවලදී පුද්ගලයෙකු නව නිවසකට මාරු වී ඇති අතර, එදිනම නිදාගැනීමට ඇඳක් අවශ්‍ය වේ.
• තවත් අවස්ථාවලදී අඩු මිලකට ලබා දෙන ශීතකරණයක් (fridge) දුටු විට එය පැය කිහිපයක් තුළ අහිමි විය හැකි බවට ඇති බිය නිසා ඉක්මනින් තීරණයක් ගනී. එසේම විකුණන්නා “වෙනත් ගැනුම්කරුවන් දැනටමත් මෙය මිල දී ගැනීමට උනන්දුව දක්වයි” යනුවෙන් පවසන විට පුද්ගලයන් වැඩි විමර්ශනයක් නොකර ඉක්මනින් එය මිලදී ගැනීමට පෙළඹෙති.

මෙවැනි තත්ත්වයන්හිදී භාණ්ඩයේ ගුණාත්මකභාවය, ක්‍රියාකාරීත්වය සහ දිගුකාලීන යෝග්‍යතාවය පිළිබඳ විචාරාත්මක ඇගයීම අඩුවී තීරණ බොහෝවිට පීඩනය මත පදනම් වේ.

මෙම පීඩනය යටතේ වැදගත් පරීක්ෂා කිරීම් බොහෝවිට සිදු නොවේ. එය ඇත්තටම මේ මොහොතේ නිසි ලෙස ක්‍රියා කරන්නේද? ඔබ ජීවත් වන මහලට එය ගෙන යා හැකිද? සියලුම කොටස් සම්පූර්ණද? යන මූලික ප්‍රශ්න පවා නොසලකා හැරේ.

අඩු මිලක් ලෙස දැක්වෙන දැන්වීමක් තුළ බොහෝ විට අමතර වියදම් සැඟවී තිබිය හැක. එනම්,

• බෙදාහැරීමේ ගාස්තු
• ගෙන යාමේ ගාස්තු
• එකලස් කිරීමේ කාලය
• පිරිසිදු කිරීමේ වියදම්
• විකුණන්නා දැන සිටි නමුත් සඳහන් නොකළ අලුත්වැඩියා අවශ්‍යතා

වැනි කරුණු වේ.

මෙම සියලු වියදම් එකතු කළ විට, “ලාභ” ලෙස පෙනෙන භාණ්ඩයක් සමහර අවස්ථාවලදී, සාමාන්‍ය නව භාණ්ඩයක මිලට වඩා වැඩි වියදමක් දරන තත්ත්වයට පත්විය හැක.

පළමුව අවශ්‍ය දේවල් පමණක් මිලදී ගැනීම

හිස් කාමරයක් දුටු විට සියලු අවශ්‍යතා එකවර විසඳාගත යුතුය යන හැඟීම පහසුවෙන් ඇතිවේ. නමුත් එය ප්‍රායෝගික නොවේ. එනම් ප්‍රමුඛතාවය දිය යුත්තේ දෛනික ජීවිතයට අත්‍යවශ්‍ය අවශ්‍යතා වෙතය.

ඒවා අතරට නිදාගැනීම සඳහා ඇඳක්, ශීතකරණයක්, වාඩි වීම හෝ ආහාර ගැනීම සඳහා මූලික ආසනයක් හෝ මේසයක් සහ අත්‍යවශ්‍ය ගබඩා පහසුකම් ඇතුළත් වේ.

මෙම මූලික අංග සපයාගත් පසු කාමරය එදිනෙදා ජීවිතයට සුදුසු තත්ත්වයට පත්වේ. එවිට, ඉක්මනින් සියල්ල විසඳාගත යුතුය යන පීඩනය (urgency) ද ක්‍රමයෙන් අඩුවේ.

ඇඳක් තිබෙන ස්ථානයක සිටින ගැනුම්කරුවෙකු ඊළඟ මිලදී ගැනීම සන්සුන්ව හා විචාරාත්මකව සිදු කරයි. එවැනි තත්ත්වයකදී තීරණය කිරීමේදී ඔහුට කාලය, විකල්ප හා ගුණාත්මකභාවය පිළිබඳව සාපේක්ෂව නිදහස්ව ඇගයීමක් කළ හැක.

නමුත් තවමත් බිම නිදාගන්නා ගැනුම්කරුවෙකු වර්තමානයේ අවශ්‍යතාවයේ පීඩනය යටතේ සිටින බැවින් අද දින ලබාගත හැකි ඕනෑම මිලකට අනුව ඉක්මනින් මිලදී ගැනීමක් සිදු කිරීමට පෙළඹේ.

ගෘහභාණ්ඩ මිලදී ගැනීමට එකඟ වීමට පෙර පරීක්ෂා කරන ආකාරය

ඡායාරූප බොහෝවිට භාණ්ඩය හොඳම ස්ථානගත කිරීම සමඟ හොඳම ආලෝක තත්ත්වයෙන් පෙන්වයි. එබැවින්, කිසිදු ගෘහභාණ්ඩයක් මිලදී ගැනීමට හෝ එකඟ වීමට පෙර, එහි නිවැරදි මිනුම් ලබාගෙන ඒවා කාමරය, දොරටුව, පඩිපෙළ සහ ගොඩනැගිල්ලේ ප්‍රවේශය සමඟ සැසඳීම අත්‍යවශ්‍ය වේ.

සියලු මූලික මිනුම් වලට ගැළපෙන ඇදුම් අල්මාරියක් වුවද බලාපොරොත්තු නොවූ එක් සංකීර්ණ ස්ථානගත කිරීමක් හෝ භෞතික සීමාවක් හේතුවෙන් ඇතුළට ගෙන යා නොහැකි තත්ත්වයකට පත්විය හැක. එබැවින්, පරීක්ෂා කිරීම මූලික මට්ටමේ මිනුම් සීමා වලට පමණක් නොව, සැබෑ භෞතික ගමන් මාර්ගයේ සියලුම කොටස් සැලකිල්ලට ගනිමින් සිදු කළ යුතුය.

ඔබට භාණ්ඩය සජීවීව පරීක්ෂා කළ හැකි නම්, එය හොඳින් පරීක්ෂා කරන්න. ෆ්‍රේමය මත සැහැල්ලුවෙන් පීඩනයක් යොදමින් බලන්න, ඩ්‍රෝවර් විවෘත කර බලන්න, සම්බන්ධක ස්ථාන (joints) පරීක්ෂා කරන්න, සහ පිටුපස පිළිබඳවද විමසා බලන්න. කිසියම් කොටස් අහිමි වී තිබේද යන්න සෘජුවම විමසන්න. ඇඳන්, මේස හා රාක්ක වැනි භාණ්ඩ සඳහා, පෙනුමට වඩා ස්ථායීතාවය වැදගත් වේ. වෙනත් කෙනෙකුගේ නිවසකදී සුළු ලෙස පෙනෙන අස්ථිරතාවයක්, ඔබගේ නිවසේදී දෛනික අපහසුතාවයක් බවට පත්විය හැක.

කූෂන් (cushions) හෝ මෙට්ට (mattresses) තුළ ඇති දුර්ගන්ධ, පැල්ලම් සහ සැඟවී ඇති හානි වෙන වෙනම පරීක්ෂා කිරීම විශේෂයෙන් වැදගත් වේ. මෙවැනි දෝෂයන් ඡායාරූප මගින් සැඟවී යා හැකි අතර, ඒවා බොහෝවිට නොපෙනෙ තත්ත්වයන් ලෙස පවතී. එබැවින්, භාණ්ඩයේ සැබෑ තත්ත්වය නිවැරදිව තක්සේරු කිරීම සඳහා භෞතික පරීක්ෂාව අත්‍යවශ්‍ය වේ.

නිවසට අවශ්‍ය උපකරණ (Appliances) මිලදී ගැනීමට පෙර පරීක්ෂා කරන ආකාරය

නිවසට අවශ්‍ය උපකරණයක සැබෑ වටිනාකම තීරණය කිරීමේදී එහි පෙනුමට වඩා ක්‍රියාකාරී තත්ත්වය පරීක්ෂා කිරීම වඩා වැදගත් වේ.

උදාහරණයක් ලෙස, වොෂින් මැෂින් එකක් පිරිසිදු ලෙස පෙනුනද එය ජලය කාන්දු වීම හෝ නිසි ලෙස ජලය ඉවත් නොකිරීම සිදු කරන්නේ නම්, එය ප්‍රායෝගික වශයෙන් ගැටලුකාරී වේ.

එසේම, නවීන ලෙස පෙනෙන ශීතකරණයක් වුවද, දොරේ රබර් සීල් නිසි ලෙස වැසී නොයන්නේ නම් හෝ උෂ්ණත්වය ස්ථාවර නොවේ නම්, එය භාවිතයට සුදුසු නොවේ.

එබැවින්, උපකරණය ක්‍රියාත්මක කර පෙන්වීමට ඉල්ලා සිටීම වැදගත් වේ.

• එය කෙතරම් පරණද
• මීට පෙර අලුත්වැඩියා කර තිබේද
• සියලු කොටස් සහ උපාංග ඇතුළත්ද
• දැනටමත් දන්නා දෝෂ තිබේද

යන්න සෘජුව විමසිය යුතුය.

අපැහැදිලි පිළිතුරු ද තොරතුරු ලෙස සැලකිය යුතුය. “අවසාන වරට වැඩ කළා” හෝ “සියලු කොටස් තියෙනවා” වැනි ප්‍රකාශයන්, නිශ්චිත තොරතුරු නොමැති බව පෙන්වන සංඥා වේ. එවැනි අවස්ථාවලදී, නිවැරදිව ක්‍රියාකාරී බව පෙන්වා දිය හැකි සහ සෘජු පිළිතුරු දිය හැකි විකුණුම්කරුවෙකු හරහා උපකරණ මිලදී ගැනීම වඩා විශ්වාසනීය වේ.

එකඟ වීමට පෙර “බෙදාහැරීමේ මුළු වියදම” ගණනය කිරීම

භාණ්ඩයක ප්‍රකාශිත මිල යනු මුළු වියදමේ ආරම්භක කොටසක් පමණි. මිලදී ගැනීමට එකඟ වීමට පෙර ප්‍රවාහනය සිදු කරන්නේ කවුද, පඩිපෙළ හරහා ගෙන යාම ඇතුළත්ද, ලිෆ්ට් එකක් ක්‍රියාත්මකව පවතීද, එකලස් කිරීම සපයනවාද සහ භාණ්ඩය ගොඩනැගිල්ලට ගෙන ආ පසු නිවසට ඇතුළු කළ නොහැකි තත්ත්වයක් ඇති වුවහොත් කුමක් සිදුවේද යන්න වැනි කරුණු පැහැදිලි කරගැනීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රායෝගිකව, භාණ්ඩයේ මිලට අමතරව ප්‍රවාහන වියදම්, ගෙන යාමේ සේවාවන්, අවශ්‍ය නම් පිරිසිදු කිරීමේ වියදම් සහ අලුත්වැඩියා සඳහා සාධාරණ ඇස්තමේන්තු එකතු කිරීමෙන් “සැබෑ මුළු වියදම” (total delivered cost) ගණනය කළ යුතුය. මෙම මුළු වියදම පැහැදිලි වූ පසු පමණක් පාවිච්චි කරන ලද භාණ්ඩයක් මිලදී ගැනීමේ තීරණය, සාමාන්‍ය නව හා මූලික භාණ්ඩයක මිල සමඟ විචාරාත්මකව සසඳා බැලිය හැක.

භාවිත කළ භාණ්ඩ මගින් ලාභයක් ලැබෙන සහ නොලැබෙන අවස්ථා

පාවිච්චි කළ භාණ්ඩ (second-hand) යොදා ගැනීම හොඳින් ගැලපෙන්නේ පහසුවෙන් පරීක්ෂා කළ හැකි සහ අඩුපාඩුවක් තිබේ නම් පහසුවෙන්ම මාරු කළ හැකි භාණ්ඩ සඳහාය. එවැනි භාණ්ඩ අතර මේස, පුටු, රාක්ක, මූලික ගබඩා ඒකක සහ හොඳ තත්ත්වයේ ස්ථිර රාමු (solid frames) ඇතුළත් වේ.

නමුත්, දෝෂ සඟවා තිබිය හැකි සෞඛ්‍යයට (hygiene) සෘජුවම වැදගත් වන හෝ මිලදී ගැනීමට පෙර නිවැරදිව පරීක්ෂා කළ නොහැකි භාණ්ඩ සඳහා පාවිච්චි කළ භාණ්ඩ මිලදී ගැනීම අවදානම්කාරී තීරණයක් බවට පත්වේ.

• මෙහි වඩාත් පැහැදිලි උදාහරණය මෙට්ටයයි (mattress). වැරදි මෙට්ටයක් නින්දේ ගුණාත්මකභාවය අඩු කිරීම, කොන්දේ වේදනාවන් ඇති කිරීම, සෞඛ්‍ය හා පිරිසිදුකම පිළිබඳ ගැටලු මතු කිරීම සහ ඉක්මනින්ම නැවත භාණ්ඩයක් මිලදී ගැනීම සිදු කරයි.

එබැවින් “අඩු වියදමකින් දැන් මිලදී ගැනීම” ලෙස පෙනෙන ආර්ථික තීරණය, සමහර අවස්ථාවලදී ඉහළම මුළු වියදම් (total cost) ඇති තීරණයක් බවට පත්විය හැක.

දෛනික සෞඛ්‍යයට සහ සුවපහසුවට සෘජුව බලපාන භාණ්ඩ සම්බන්ධයෙන් වඩා දැඩි ප්‍රමිතීන් භාවිතා කිරීම, අවශ්‍ය වුවහොත් මිස භාවිත කළ භාණ්ඩ භාවිතා කිරීම, දිගුකාලීනව වඩාත් බුද්ධිමත් ආකල්පයක් ලෙස සැලකිය හැක.

නිගමනය

භාවිත කළ භාණ්ඩයක් (second-hand item) යනු කාමරයට, ගොඩනැගිල්ලට සහ දෛනික ජීවන රටාවට ගැළපෙන විට පමණක් ඉතිරියක්(ලාභයක්) ලෙස සැලකිය හැකි දෙයකි. එබැවින්, එකඟ වීමට පෙර මිනුම් ගැනීම, පරීක්ෂා කළ හැකි දේ පරීක්ෂා කිරීම, සම්පූර්ණ බෙදාහැරීමේ වියදම ගණනය කිරීම සහ සෘජු ප්‍රශ්න ඇසීම කළ යුතුය.

තම භාණ්ඩය පිළිබඳ මූලික ප්‍රශ්නවලට පවා පිළිතුරු දීමට නොහැකි විකුණන්නෙකු බොහෝවිට භාණ්ඩයේ ගැටලු තිබෙන බව හෝ යම් දෝෂ සැඟවී ඇති බව සෘජුව නොපෙන්වා සිටිනවා විය හැක.

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.