
හැඳින්වීම
බොහෝ සේවකයින් සඳහා, ප්‍රවාහනය සම්පූර්ණ සතියම හැඩගස්වයි. එය ඔබ නිවසෙන් පිටවෙන වේලාව, ඔබ වැඩට සන්සුන්ව ළඟා වන්නේද නැද්ද, කුලී රථ සඳහා ඔබ වැය කරන මුදල, සහ නිවාඩු දිනයක් සරලද නැද්ද යන්නට බලපායි.
ඊශ්‍රායලයට විශාල පොදු ප්‍රවාහන ජාලයක් තිබේ. නමුත් මුලදී එය සරලව තේරුම් ගත හැකි එකක් නොවිය හැක. නගර අනුව සේවා සපයන්නන් වෙනස් වේ. දුම්රියවලට තමන්ගේම කාලසටහන් පවතින අතර, සිකුරාදා රාත්‍රි, සෙනසුරාදා, උත්සව දින, සහ ආරක්ෂක සිදුවීම් වැනි අවස්ථාවලදී සේවාවන් හදිසි ලෙස වෙනස් විය හැක. එය නවකයින්ට තේරුම් ගැනීමට අපහසු විය හැක.
ඔබට සම්පූර්ණ පද්ධතියම එකවර ඉගෙන ගැනීමට අවශ්‍ය නැත. විශ්වාසදායක සරල පුරුදු කිහිපයක් බොහෝ තත්ත්වයන් හැසිරවීමට ප්‍රමාණවත් වේ. ඔබ ගෙවිය යුත්තේ කෙසේද, සජීවී යාවත්කාලීන (live updates) පරීක්ෂා කරන්නේ කෙසේද සහ ස්ථානයෙන් ස්ථානයට ගමන සැලසුම් කරන ආකාරය ආදියයි.
සැබෑ ජීවිතයේ පද්ධතිය පෙනෙන ආකාරය
බොහෝ සේවකයින් නගර ආශ්‍රිත බස්, නගරාන්තර බස් රථ, දුම්රිය සහ සමහර ප්‍රදේශවල සැහැල්ලු දුම්රිය මාර්ග මිශ්‍රණයක් භාවිතා කරයි. එක් ගමනක් තුළම මේ සියල්ලම ඇතුළත් විය හැක. නිවසෙන් කෙටි බස් ගමනක්, නගර අතර දුම්රිය ගමනක් සහ අවසානයේ තවත් බසයක ගමනක් හෝ පා ගමනක් ඇතුළත් විය හැක.
බොහෝවිට දුර්වල කොටස වන්නේ ප්‍රධාන දිගු ගමන නොව, මාරු වන ස්ථානය (transfer) හෝ අවසානයේ නිවසට ළඟාවන කෙටි දුරයි. ප්‍රධාන දිගු ගමන පමණක් සැලසුම් කරන්නන් ගමන අවසාන සැතපුමේදී කුලී රථයක් සඳහා ගෙවීමට සිදුවේ.
ෂබාත් (Shabbat): සතියේ විශාලම කාලසටහන් වෙනස
සෑම සතියකම Shabbat හේතුවෙන් පොදු ප්‍රවාහනය බොහෝ දුරට නවත්වනු ලැබේ. සෘතුවමය තත්ත්වයන්ට අනුකූලව මෙය සිකුරාදා සවස හිරු බැස යන වේලාවේ සාමාන්‍යයෙන් සවස 4 සිට 6 අතර ආරම්භ වේ. සම්පූර්ණ සේවාව නැවත ආරම්භ වන්නේ සෙනසුරාදා රාත්‍රියේ, අඳුරු වූ පසු පැය එකකට පමණ පසුය.
සිකුරාදා සවස හෝ සෙනසුරාදා ගමන් කිරීමට අවශ්‍ය සේවකයින් මේ පිළිබඳ සැලසුම් කළ යුතුය. Shabbat වලට පෙර අවසන් බසය අහිමි වුවහොත්, කුලී රථ භාවිතා කිරීමට සිදු වන අතර එය වියදම් අධික විය හැක. සෑම සිකුරාදා ගමනකට පෙරම, අවසන් පිටත්වීමේ වේලාව සහ ඔබ ළඟා විය යුතු වේලාව දෙකම පරීක්ෂා කිරීම වැදගත් ය.
Shabbat ප්‍රවාහන අනතුරු ඇඟවීම
Shabbat වලට පෙර අවසන් බස් සේවාවන්, සාමාන්‍ය දිනවල අවසන් වේලාවට නොව, මිනිත්තු 30–60කට පෙර ක්‍රියාත්මක වේ.
මෙම වේලාව සෑම සතියකම වෙනස් විය හැක. එනම් සෘතුවමය තත්ත්වයන් මත දින, ආලෝකය වෙනස් වන නිසාය. ඒ නිසා සෑම සිකුරාදා දිනකම එය නැවත පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
සමහර මාර්ග අනෙකුත් මාර්ගවලට වඩා කලින් නවත්වන බැවින්, නගර කාලසටහන පමණක් නොව, ඔබ භාවිතා කරන එක් එක් මාර්ගය වෙන වෙනම පරීක්ෂා කිරීම වැදගත්ය.
ගෙවීම් සහ මාර්ග පරීක්ෂා කිරීම
ඊශ්‍රායලයේ බොහෝ පොදු ප්‍රවාහන සේවාවන් සඳහා ගෙවීම් කිරීම Rav-Kav travel card හෝ අනුමත මොබයිල් app එකක් මඟින් සිදු කරයි. බස්වලට ඇතුල් වන විට මුදල් (cash) සැමවිටම පිළිගනු නොලැබේ, එබැවින් එය ක්‍රියාත්මක වේ යැයි නොසිතන්න. ඒ නිසා අරමුදල් සහිත කාඩ්පතක් හෝ ආරෝපිත දුරකථනයක් (charged phone) රැගෙන යාම අවශ්‍ය වේ.
ඔබ භාවිතා කරන ප්‍රධාන ගෙවීම් ක්‍රමය අවම මට්ටමට පහළ යාමට පෙර සෑමවිටම මුදල් සහිතව තබා ගැනීම අවශ්‍ය වේ. වැදගත් දින සඳහා විකල්ප ගෙවීම් ක්‍රමයක් සූදානම්ව තබා ගැනීමෙන් බොහෝ ගෙවීම් හදිසි තත්ත්ව ඇතිවීම පෙර සිටම වැළැක්විය හැක.
Moovit යනු සජීවී මාර්ග තොරතුරු සඳහා ඊශ්‍රායලයේ බොහෝ දෙනා භාවිතා කරන app එකකි. එය භාගත(download) කර, පීඩනයක් නොමැති/ හදිසි අවශ්‍යතාවයක් නොමැති දිනයක භාවිතා කර බැලිය යුතුය. මිතුරෙකුගෙන් ලැබුණු පැරණි screenshot එකක් වැදගත් ගමනකට ප්‍රමාණවත් නොවේ.
වඩා හොඳින් සැලසුම් කිරීම
හොඳ සැලසුමක් යනු සම්පූර්ණ ගමනම ආවරණය කිරීමයි. බස් නැවතුමට පයින් යන දුර, මාරු වෙන්න අවශ්‍ය වේලාව, සහ පළමු වාහනය ප්‍රමාද වුවහොත් සිදුවන දේ සැලසුම් කළ යුතුය.
රෝහලකට යාමක්, ගුවන් තොටුපල ගමනක්, රජයේ හමුවක් හෝ රාජකාරි පළමු දිනයක් වැනි වැදගත් අවස්ථාවන් සඳහා, ගමනට අමතර කාලයක් එක් කර සැලසුම් කිරීම කළ හැක. ප්‍රවාහන වියදම් අඩු වුවද, නියමිත හමුවක් මඟහැරීමෙන් ඇති වන වියදම කලින් බස් රථයක් භාවිතා කිරීමේ වියදමට වඩා ඉතා වැඩි වේ.
මුදල් ඉතිරි කරන හා ආතතිය අඩු කරන පුරුදු
• ශේෂය අවසන් වීමට පෙර කාඩ් එක හෝ app එක recharge කිරීම.
• ගමන වැදගත් නම්, එය සිදුවන දිනම මාර්ගය නැවත පරීක්ෂා කිරීම.
• ඔබට ආසන්න නැවතුම්පොළ(station) ඉංග්‍රීසි සහ Hebrew යන භාශා දෙකෙන්ම save කර තබාගැනීම.
• සිකුරාදා දිනවල, පිටත්වීමේ කාලසටහන පමණක් නොව Shabbat වලට පෙර අවසන් පිටත්වීම පරීක්ෂා කිරීම.
• දිගු දිනයක් සඳහා පිටවීමට පෙර, ආපසු එන ආකාරය පරීක්ෂා කිරීම.
• වැඩට යාම සඳහා අමතර මාර්ගයක් සහ වැදගත් ගමන් සඳහා අමතර ගෙවීම් ක්‍රමයක් තබාගැනීම.
නිගමනය
ප්‍රවාහන පද්ධතිය ඉගෙන ගැනීම එකවර සිදු කළ යුතු දෙයක් නොවේ. විශ්වාසදායක ගෙවීම් ක්‍රමයක්, සජීවී සේවා තොරතුරු පරීක්ෂා කිරීමට Moovit වැනි app එකක් සහ සම්පූර්ණ ගමන ආවරණය කරන සැලැස්මක් යන මේ කරැණු තුනට අවධානය යොමු කිරීම කළ යුතුය.
මෙම පුරුදු තුනම අනුගමනය කළහොත්, බොහෝ ප්‍රවාහන ගැටලු ආරම්භ වීමට පෙරම වලක්වා ගත හැක.
විශේෂඥයාගෙන් අසන්න
“මම දුම්රිය ස්ථානයකට බොහෝ දුරින් ජීවත් වන අතර සිකුරාදා දිනවල මගේ ප්‍රදේශයේ බස් රථ අඩුවෙන් ධාවනය වේ. සිකුරාදා සවස යාම සඳහා ආරක්ෂිතම ආපසු පැමිණීමේ විකල්පය සොයා ගන්නේ කෙසේද?”
ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න: LankaConnect.com/ask-the-expert

Comments