හැඳින්වීම
සෞඛ්‍ය රක්ෂණය යනු ඊශ්‍රායලයේ සේවය කරන විදේශීය සේවකයෙකුට තිබිය යුතු ඉතා වැදගත් අවශ්‍යතාවයක් වේ. බොහෝ දෙනා සඳහා රක්ෂණ අවශ්‍ය වන්නේ ඔවුන් අසනීප තත්වයට පත් වූ පසුත්, හදිසි අනතුරක් වූ පසුත්, හෝ පීඩාකාරී වේදනාවක් යනාදිය ඇති වූවායින් පසුවය. එම අවස්තාවේ දී වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම ද සංකීර්ණ පියවරක් විය හැක.
මෙම මාර්ගෝපදේශය ඊශ්‍රායලයේ විදේශීය සේවකයන්ට සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම සරල ලෙස පැහැදිලි කරයි. සේවකයන්, භාශා පරිවර්තකයන්, පවුලේ සාමාජිකයන් හෝ ඒ ඇතුලු ඕනෑම අයෙකුට ඉතා ඉක්මනින් තේරුම් ගත හැකි ආකාරයෙන් ලියා ඇත.
මෙහි ප්‍රධාන කරුණ නම්: ඊශ්‍රායලයේ බහුතර විදේශීය සේවකයන් රජයේ ජාතික සෞඛ්‍ය රක්ෂණ පද්ධතියට අයත් නොවේ. ඒ වෙනුවට, ඔවුන්ට සේවා යෝජකයා විසින් ලබාදෙන පුද්ගලික වෛද්‍ය රක්ෂණය මත යැපෙන්නට සිදුවේ.
මෙම තත්ත්වයට ඔබ සූදානම් විය යුතු ආකාරය, තබාගත යුතු ලේඛන, සහ ගැටලුවක් ඇති වූ විට කළ යුතු දේ සම්පූර්ණයෙන් වෙනස් වේ.
මෙම විෂය වැදගත් වන්නේ ඇයි
සෞඛ්‍ය ගැටලු පැමිණෙන්නේ අප නොසිතන අවස්ථාවලදීය. ඔබට සේවයට යාමට පෙර අසනීප තත්වයන් ඇති විය හැකිය, දිගු කාලයක් බර වැඩ කිරීමෙන් පසු කොන්දේ වේදනාවන් ඇති විය හැකිය, නැතහොත් රාත්‍රියේ හදිසියේ අසනීප තත්වයන් මත බෙහෙත් අවශ්‍යතා ඇති විය හැකිය. මෙහිදී ඔබට රක්ෂණය ගැන අවබෝධයක් නැත්නම්, ප්‍රතිකාර ප්‍රමාද වීම්, අනවශ්‍ය ලෙස වියදම් දැරීමට සිදු වීම, අසත්‍ය තොරතුරු මත තීරණ ගැනීමට යනාදියට මුහුන දීමට සිදුවේ.
තවත් වැදගත් කරුණක් ලෙස සෞඛ්‍ය සේවාව යනු ප්‍රතිකාර පමණක් නොවේ. මෙහිදී රක්ෂණ කාඩ්පත්, රක්ෂණ අංක, බෙහෙත් වට්ටෝරු, වෛද්‍ය යොමු කිරීම්, ගෙවීම් රිසිට්පත්, අසනීප නිවාඩු සටහන් යනාදිය නොමැති විටදී සුළු අසනීපයක් වුවද තම ආයතනය තුල මාසික ආදායමට බලපානවා සේම තම වගකීම් වල පැහැර හැරීමක් සේ සැලකිය හැක
මූලික නීතිමය තත්ත්වය
ඊශ්‍රායලයේ බහුතර විදේශීය සේවකයන් සඳහා සේවාදායකයා විසින් පෞද්ගලික රක්ෂණාවරණයක් ලබාදීම නීතිමය වශයෙන් අවශ්‍ය වේ.
මෙම රක්ෂණය රැකියා කාලය පුරාවට තිබිය යුතු අතර සේවකයාට මූලික වෛද්‍ය සේවාවන් ලබාගැනීමට උපකාරී වේ.
කෙසේ වෙතත්, මෙය රජයේ ජාතික රක්ෂණ පද්ධතියට සමාන නොවේ. එයින් අදහස් වන්නේ ඔබට ඕනෑම වෛද්‍ය සායනයකට හෝ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත සෘජුව යාමට නොහැකි වීමයි.
සේවායෝජකයා විසින් ඔබට ලබාදිය යුතු දේ
වගකිවයුතු සේවකයෙකු ලෙස, අසනීප වූ පසු නොව, ඊට පෙර සිටම මෙම කරුනු 5 විමසිය යුතුය:
- රක්ෂණ සමාගමේ නම
- ඔබගේ රක්ෂණාවරණය හෝ රක්ෂණ අංකය
- ඔබට සේවාව ලැබෙන වෛද්‍ය සායන ස්ථාන
- රාත්‍රී හෝ හදිසි අවස්ථා සඳහා ඇමතිය යුතු දුරකථන අංක
- ඔබට තේරුම්ගත හැකි භාෂාවෙන් ඔබ සතු රක්ෂණාවරණයේ සාරාංශය
පුද්ගලික වෛද්‍ය රක්ෂණයෙන් සාමාන්‍යයෙන් ලැබෙන සහාය
බොහෝ විදේශීය සේවකයන් සඳහා ලබාදෙන වෛද්‍ය රක්ෂණය, රක්ෂණාවරණයේ නියමයන්ට අනුව සාමාන්‍ය සහ හදිසි සෞඛ්‍ය අවශ්‍යතා ආවරණය කිරීමට සැලසුම් කර ඇත.
මෙයට සාමාන්‍යයෙන් ඇතුළත් වන්නේ:
· වෛද්‍යවරයෙකු හමුවීම
· මූලික පරීක්ෂණ
· හදිසි අවස්ථාවලදී රෝහල් ප්‍රතිකාර
· බෙහෙත් සඳහා කොටසක් ආවරණය කිරීම
අසනීප වීමට පෙර සූදානම් වීම
· රක්ෂණ දුරකථන අංකය සුරක්ෂිතව තබාගන්න
· ආසන්න වෛද්‍ය සායනය දැනගන්න
· වැදගත් ලේඛන ඡායාරූප තබාගන්න
සාමාන්‍ය, ඉක්මන් සහ හදිසි ප්‍රතිකාර අතර වෙනස
සාමාන්‍ය ප්‍රතිකාර
· කැස්ස
· උණ
· බඩේ වේදනාව
ඉක්මන් ප්‍රතිකාර
· දැඩි වේදනාව
· වමනය
· ආසාදන
හදිසි අවස්ථා
· හෘද වේදනාව
· හුස්ම ගැනීමේ අපහසුතා
· බරපතළ තුවාල
👉 101 අමතන්න
සායනයට යන විට
· හැඳුනුම්පත
· රක්ෂණ තොරතුරු
· බෙහෙත් ලැයිස්තුව
වෛද්‍ය ලේඛන පරීක්ෂා කිරීම
· නම
· දිනය
· ඊළඟ පියවර
රක්ෂණ ප්‍රතික්ෂේප වුවහොත්
- ලේඛන ගැටලු
- ක්‍රියාවලිය වැරදි
- ආවරණ ගැටලු
වැඩබිම් අනතුරු
· BL/250 form
· ඉක්මන් ප්‍රතිකාර
සාමාන්‍ය වැරදි
· ප්‍රමාද කිරීම
· රක්ෂණ නොදැන සිටීම
· ලේඛන නොතබාගැනීම
Checklist
✔ රක්ෂණ අංක
✔ සායන ස්ථාන
✔ ලේඛන තබාගන්න
✔ 101 හදිසි අවස්ථා
නිගමනය
සෞඛ්‍ය රක්ෂණය =
· ආරක්ෂාව
· සැලසුම
· සූදානම

Comments