
හැඳින්වීම
කුලීකරු (tenant) ගැටුමක් ඇති වෙයි සිතා ගැටලු තිබුණත් ඒවා නිසි වේලාවට නිවාස හිමියාට වාර්තා නොකර සිටීම ඔහුට පසුව අවාසිදායක වේ. උදාහරණ ලෙස, ෂවර් එක සති 2ක් පුරා ක්‍රියානොකිරීම පිළිබඳව දැනුවත් නොකිරීම, නළයකින් ජලය කාන්දු වීම පිළිබඳ එක වරක් දුරකථන ඇමතුමක් දී පැවසුව ද නැවත එය මතක් නොකිරීම හා ලිඛිත ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකිරීම ආදිය වේ.
නමුත් නිවසින් ඉවත් වන අවස්ථාවේදී නිවාස හිමියා විසින් හානි පවතින බව පවසමින් තැන්පතුව (deposit) රඳවා ගනී. කුලීකරුට සිදුවීම් වෙනස් ආකාරයෙන් මතකයේ තිබුණද, ඒවා සනාථ කළ හැකි ලිඛිත සාක්ෂි නොමැති වීම නිසා තත්ත්වය පැහැදිලිව ඉදිරිපත් කිරීම අපහසු වේ.
මෙම ලිපිය මඟින්, ඉඩම් හිමියා අලුත්වැඩියා ඉල්ලීම් නොසලකා හරින අවස්ථාවලදී හෝ පැහැදිලි සාධාරණ හේතුවක් නොමැතිව තැන්පතුව රඳවා ගන්නා අවස්ථාවලදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග විස්තර කරයි. මෙහි මූලික අරමුණ වන්නේ ආරම්භයේදීම ගැටුමක් ඇති කිරීම නොව, අවශ්‍ය වුවහොත් පසුව ඇතිවිය හැකි ගැටුමක් තුළ තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට, ප්‍රමාණවත් ලිඛිත වාර්තා කල්තියාම ගොඩනැගීමයි.
එමෙන්ම, වාසස්ථාන සම්බන්ධ වගකීම්, දේපළ වර්ගය හා ගිවිසුම් කොන්දේසි අනුව වෙනස් විය හැකි බැවින්, කිසියම් ක්‍රියාමාර්ගයක් ගැනීමට පෙර තමන්ට අදාළ විශේෂ ගිවිසුම සහ වත්මන් නිල මාර්ගෝපදේශ පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
නිහඬතාවය ගැටලුවක් බවට පත්විය හැක
බොහෝ කුලීකරුවන් (tenants) ඉඩම් හිමියා අප්‍රසාදයට පත් කරවීම, කාමරය අහිමි වීම, හෝ තමා පිළිබඳව වැරදි ලෙස සිතයි යන භීතිය නිසාවෙන් අලුත්වැඩියා ගැටලු වාර්තා කිරීම අධික කාලයක් ප්‍රමාද කරති. එම ප්‍රමාදය බොහෝ අවස්ථාවලදී වැරදි තීරණයක් ලෙස පවතී.
• කුඩා ජල කාන්දුවක් කාලයත් සමඟ බිත්තියට හානි සිදු කරයි.
• බිඳුණු අගුලක් ආරක්ෂාවට සෘජු බලපෑමක් ඇති කරන ගැටලුවක් බවට පත්විය හැකි අතර, එය වාර්තා නොකළහොත් එය කිසිවිටෙක සඳහන් නොකළ ගැටලුවක් ලෙස පවතී.
• එසේම, පොදුවේ භාවිතා කරන ප්‍රදේශයක ආලෝකයක් නොමැති වීම, පසුව ඉඩම් හිමියා විසින් “එවැනි ගැටලුවක් නොතිබුණි” යනුවෙන් ප්‍රකාශ කිරීමට හේතු විය හැක.
නිවසින් ඉවත් වන අවස්ථාවේදී තැන්පතු සම්බන්ධ ගැටලුවක් මතු වූ විට, කිසිවක් නොකියා සිටි කුලීකරුට වඩා, ගැටලුව ඇති වූ සතියේම එය ලිඛිතව වාර්තා කළ කුලීකරු වඩා ශක්තිමත් තත්ත්වයක සිටී.
ඊශ්‍රායලයේ “සාධාරණ කුලී නීතිය” පිළිබඳ මහජන පැහැදිලි කිරීම් අනුව, නිවෙස් හිමියන්ට නිශ්චිත අලුත්වැඩියා වගකීම් පවතින අතර, හදිසි අලුත්වැඩියා දින තුනක් තුළත්, අනෙකුත් අලුත්වැඩියා දින තිහක් තුළත් සිදු කළ යුතුය. එබැවින්, ගැටලුවේ ස්වභාවය කාල සීමාව සහ ලිඛිත වාර්තාව යන සියල්ල ගැටලුවක් මතු වන අවස්ථාවලදී ඉතා වැදගත් වේ.
අලුත්වැඩියා ගැටලු සාමාන්‍යයෙන් වර්ධනය වන ආකාරය
බොහෝ අලුත්වැඩියා ගැටලු එක විශාල අසාර්ථකතාවයකින් (dramatic failure) ආරම්භ නොවේ. ඒවා සාමාන්‍යයෙන් කුඩා ලෙස පෙනෙන ගැටලුවකින්, ලිඛිතව තහවුරු නොකළ සඳහන් කිරීමකින්, ඉටු නොවන පොරොන්දුවකින් සහ ගැටලුව සෘජුව ඉදිරිපත් කිරීමට අකමැති කුලීකරුවෙකුගේ ක්‍රියාකලාපයක් නිසා ආරම්භ වේ.
ගැටලුව උග්‍ර තත්ත්වයකට පත් වන විට, “එය පැවසුවේ කවුද, පැවසුවේ කවදාද” යන්න පැහැදිලි නොවී යයි. ඉඩම් හිමියාට සත්‍යවම පෙර සංවාදයක් අමතක විය හැකි අතර, කුලීකරුට එම ගැටලුව කවදා හෝ වාර්තා කළ බව සනාථ කිරීමට හැකි ලිඛිත සාක්ෂි නොමැති විය හැක.
එබැවින් මෙම ක්‍රියාමාර්ග අනුපිළිවෙල ඉතා වැදගත් වේ.
• ගැටලුව හඳුනාගැනීම
• එය වහාම ලේඛනගත කිරීම
• ලිඛිතව වාර්තා කිරීම
කළ හැකිය.
මෙය අනාගතයේ දී ගැටුමක් බලාපොරොත්තු වීමක් නිසා නොව ලිඛිත වාර්තා දෙපාර්ශවයම ආරක්ෂා කරන බැවින් වැදගත් වේ. පැහැදිලි ලිඛිත වාර්තාවක් ලැබී එයට ඉක්මනින් ප්‍රතිචාර දක්වන නිවෙස් හිමියෙකු යහපත් විශ්වාසයක් පෙන්නුම් කරයි. එය ලබාගෙන කිසිවක් නොකරන තැනැත්තා අක්‍රියතාවයේ වාර්තාවක් නිර්මාණය කරයි.
අවශ්‍ය වීමට පෙර ලිඛිත වාර්තාව ගොඩනැගීම
• ගැටලුවක් හඳුනාගත් වහාම, එයට අදාළ පැහැදිලි ඡායාරූප සහ කෙටි වීඩියෝ සටහන් කර තබාගැනීම වැදගත් වේ.
• ඒ සමඟ, ගැටලුව කුමක්ද, එය පළමුව දැනගත් දිනය කවදාද, සහ එය දෛනික ජීවිතයට ඇති කරන බලපෑම කුමක්ද යන්න පිළිබඳ සරල ලිඛිත විස්තරයක් සකස් කළ යුතුය.
• ඊළඟට, ඉඩම් හිමියාට ලිඛිත පණිවිඩයක් යොමු කළ යුතුය.
• එය කෙටි සහ කරුණු පැහැදිලි විය යුතු අතර, ගැටලුව කුමක්ද, එය කවදා හඳුනාගත්තේද, එය අවධානයට ලක් කළ යුතු හේතුව සහ ඔබ බලාපොරොත්තු වන ප්‍රතිචාරය කුමක්ද යන්න පැහැදිලිව සඳහන් කළ යුතුය. දිගු විස්තරවලට වඩා, නිශ්චිත කරුණු ඉදිරිපත් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වේ.
• ඉඩම් හිමියා දුරකථන මාර්ගයෙන් ප්‍රතිචාර දක්වන්නේ නම්, එම සංවාදයෙන් පසු වහාම කෙටි ලිඛිත සාරාංශයක් යැවිය යුතුය.
• උදාහරණයක් ලෙස: “අද අප අතර පැවති දුරකථන සංවාදය අනුව, අලුත්වැඩියාව සිකුරාදා වන විට සිදුකරන බව ඔබ තහවුරු කළා.” මෙවැනි වාක්‍යයක්, ඉඩම් හිමියාගේම දුරකථන අංකයට යැවීම මඟින් පසුව පහසුවෙන් ප්‍රතික්ෂේප කළ නොහැකි ලිඛිත සාක්ෂියක් නිර්මාණය වේ.
• අවසානයේ, සියලු රිසිට්පත්, ඡායාරූප සහ පණිවිඩ එකම ස්ථානයක සංවිධානය කර තබාගැනීම අත්‍යවශ්‍ය වේ.
• බොහෝ කුලීකරුවන් ගැටලුවක් කළමනාකරණය කිරීමට අසමත් වන්නේ, ඔවුන්ගේ සාක්ෂි විවිධ පණිවිඩ, උපාංග සහ ප්‍රවේශය නොමැති ස්ථාන අතර විසිරී යාම හේතුවෙනි.
තැන්පතුව ආපසු නොලැබෙන අවස්ථා
තැන්පතු සම්බන්ධ ගැටලු බොහෝවිට මතුවන්නේ පුද්ගලයන් වෙහෙසට පත්ව සිටින, අවධානය වෙනත් කටයුතුවලට යොමුව ඇති සහ ඊළඟ ජීවන පියවර (next chapter) පිළිබඳව කේන්ද්‍රගතව සිටින අවස්ථාවලදීය. නිවසින් ඉවත් වන දිනය යනු, මේ පිළිබඳව පළමුව සිතන අවස්ථාව නොවිය යුතු අතර ඒ සඳහා පෙර සූදානමක් තිබිය යුතු අවසන් අවස්ථාව මෙය විය යුතුය.
බුද්ධිමත් නිවසින් ඉවත්වීමේ ක්‍රමවේදයක් අවම වශයෙන් සතියකට පෙර ආරම්භ කළ යුතුය. කාමරය සම්පූර්ණයෙන් පිරිසිදු කර, සියලු බිත්ති, උපකරණ, යතුරු සහ අදාළ විය හැකි ජල/විදුලි මීටර් කියවීම් පැහැදිලිව ඡායාරූපගත කළ යුතුය.
ඉඩම් හිමියා සමඟ ස්ථානය පරීක්ෂා සිදු කිරීම හෝ අවම වශයෙන් දේපළ තත්ත්වය පිළිබඳ ලිඛිත පිළිගැනීමක් ලබාගැනීම වැදගත් වේ. එවැනි පරීක්ෂාවක් කළ නොහැකි නම්, යතුරු භාර දෙන දිනයේම දින සටහන් සහිත ඡායාරූප ඉඩම් හිමියාගේ අංකයට යැවීම අත්‍යවශ්‍ය වේ.
ඉඩම් හිමියා තැන්පතුවේ කොටසක් රඳවා ගැනීමට අදහස් කරන්නේ නම්, ඒ සඳහා නිශ්චිත හේතු සහ එක් එක් අයිතමය සඳහා අය කරන නිශ්චිත මුදල් ප්‍රමාණය ලිඛිතව ඉල්ලා සිටිය යුතුය. “හානි සිදුවී ඇත” වැනි සාමාන්‍ය ප්‍රකාශ ප්‍රමාණවත් නොවේ.
සාමාන්‍ය භාවිතයෙන් සිදුවන පිරිහීම සාධාරණ ගිවිසුමකදී තැන්පතුවෙන් අඩු කළ නොහැකි කරුණක් ලෙස සැලකේ.
අවසානයේ, තැන්පතුව ආපසු ලබාදෙන කාල සීමාව ලිඛිතව ඉල්ලා සිටිය යුතුය. යම් දිනයක් ලබා දී එය ඉක්මවා ගියද ගෙවීම සිදු නොවන්නේ නම්, පෙර ලබා දුන් පොරොන්දුව සඳහන් කරමින් කෙටි ලිඛිත මතක් කිරීමක් යැවීම අවශ්‍ය වේ.
මුදල් ගැටලු සන්නිවේදනය කිරීම
මුදල් සම්බන්ධ ගැටලු ඇති අවස්ථාවලදී, සන්සුන්, කෙටි සහ ලිඛිත සන්නිවේදනය දිගු හා හැඟීම්බර ප්‍රකාශවලට වඩා බොහෝ විට වඩාත් ඵලදායී වේ.
අලුත්වැඩියා ගැටලු සඳහා ප්‍රයෝජනවත් ආකෘතියක් මෙසේ දැක්විය හැක.
“මෙම ගැටලුව මම මේ දිනයේ(දිනය) වාර්තා කළෙමි. එය තවමත් අලුත්වැඩියා කර නොමැත. කරුණාකර එය කවදා සිදුකිරීමට නියමිතද යන්න ලිඛිතව තහවුරු කරන්න.”
තැන්පතු සම්බන්ධ ගැටලු සඳහා මෙසේ සදහන් කළ හැකිය.
“කරුණාකර මගේ තැන්පතුවෙන් කොටසක් රඳවා ගැනීමට හේතුව සහ එක් එක් අයිතමයට අදාළ නිශ්චිත මුදල් ප්‍රමාණය ලිඛිතව තහවුරු කරන්න.”
මෙවැනි ප්‍රශ්න සරල, සෘජු සහ පැහැදිලි වන අතර ඉඩම් හිමියාගේ පැහැදිලි කිරීම ලිඛිතව වාර්තා වීමට හේතු වේ.
ඉඩම් හිමියා සාධාරණ කාල සීමාවක් තුළ ලිඛිත ඉල්ලීම්වලට ප්‍රතිචාර නොදක්වන්නේ නම්, එලෙස නිහතමානී නොවී ප්‍රතිචාරය නොදැක්වීම ද ලිඛිත වාර්තාවේ කොටසක් ලෙස සැලකිය හැක. එබැවින්, යැවූ පණිවිඩවල දිනය, සහ ලැබුණු (හෝ නොලැබුණු) ප්‍රතිචාර කාලය නිරන්තරයෙන් ලේඛනගත කිරීම අත්‍යවශ්‍ය වේ.
නිගමනය
ඉඩම් හිමියෙකු අලුත්වැඩියා ප්‍රතික්ෂේප කරන විට හෝ තැන්පතුව පැහැදිලි හේතුවක් නොමැතිව රඳවා තබාගන්නා විට, කුලීකරුගේ ශක්තිය වන්නේ අරගලකාරී හැඟීම් හෝ කෝපය නොව පැහැදිලි දින සඳහන් කළ සහ ලිඛිත වාර්තාවකි. එවැනි වාර්තාවක් මඟින් ගැටලුව කවදා ඇතිවූයේද, කවදා වාර්තා කළේද සහ ඉඩම් හිමියාගෙන් කුමක් ඉල්ලා සිටියේද යන්න නිවැරදිව පෙන්විය හැක.
ආරම්භයේ සිටම මෙවැනි ලේඛනගත කිරීමක් සිදු කරන කුලීකරුවන් තම මුදල් සහ කාලය දෙකම ආරක්ෂා කර ගනී. බොහෝ විවාද ඉතා සරල වන්නේ එක් පාර්ශවයකට පැහැදිලි කාලරාමුවක් ඉදිරිපත් කළ හැකි අතර අනෙක් පාර්ශවයට එය නොහැකි වන අවස්ථාවලදීය.

Comments