
හැඳින්වීම
මිල නිවැරදි බව දැකීමෙන්ම සේවකයෙකු කාමරයක් මිලදී ගැනීමට එකඟ වේ. සති දෙකකට පසුව ගොඩනැගිලි නඩත්තු සඳහා දෙවන බිල්පතක් පැමිණේ. තෙවන පණිවිඩය විදුලිය පිළිබඳව පැමිණේ. හතරවන පණිවිඩය අන්තර්ජාලය පිළිබඳව වන අතර මාස අවසානයේදී කළමනාකරණය කල හැකි ලෙස මිලදී ගත් කාමරයට බලාපොරොත්තු වූවාට වඩා වැඩි මුදලක් වැය සිදු වේ.
මෙම මාර්ගෝපදේශය ඊශ්‍රායලයේ කුලී පදනම මත සිටීමේ සම්පූර්ණ මුදල් තත්ත්වය පැහැදිලි කරයි: යතුර භාරදීමට පෙර ගෙවිය යුතු වියදම්, සෑම මාසයකම ගෙවිය යුතු වියදම්, සහ ඔබ ඉවත්වෙන විට නැවත ලැබිය හැකි දේ යනාදිය පිළිබඳව පැහැදිලි කරයි. මෙය මුදල් හුවමාරුව සිදුවීමට පෙර පැහැදිලි පිළිතුරු අවශ්‍ය ශ්‍රී ලාංකික විදේශීය සේවකයින් සඳහා ලියා ඇත.
සෑම කුලී ගිවිසුමකම ඇති මුදල් අදියර තුන
කුලී වියදම් පැහැදිලි අවස්ථා තුනකට බෙදේ. ඇතුල්වීමට පෙර මෙම අදියර තුනම අවබෝධ කර ගැනීම බිල්පත් මගින් පුදුම වන කුලීකරුවකු සහ එසේ පුදුම නොවන කුලීකරුවකු අතර වෙනස පැහැදිලි කරයි.
· පළමු අවස්ථාව ඇතුල්වීමේ මුදල්ය:
තැන්පතුව, ඕනෑම ඇපකරයක් හෝ ආරක්ෂක විධිවිධානයක්, පළමු මාසයේ කුලිය සහ සමහර විට තැරැව්කාර ගාස්තුවක් යනාදිය මීට ඇතුලත් වේ. මෙය විශාලතම තනි ගෙවීමේ මොහොත වන අතර, වඩාත් මිල අධික වැරදි සිදුවීම වන අවස්ථාව ද වේ.
· දෙවන අවස්ථාව මාසික මුදල්ය:
කුලිය, විදුලිය, ජලය, අන්තර්ජාලය, ගොඩනැගිලි ගාස්තු සහ හවුලේ භාවිතා වන කාමරයක් සඳහා පිරිසිදු කිරීම හෝ නඩත්තු ගාස්තු මීට ඇතුලත් වේ. මෙම මුදල් සියල්ල ස්ථාවර නොවේ. සමහර සෘතු අනුව හෝ අලුත් නිවැසියන් නිවාසයට/කාමරයට එකතු වුවහොත් මෙම වියදම් වෙනස් හැක.
· තුන්වන අවස්ථාව පිටවීමේ මුදල්ය:
අවසානයේ ආපසු ලබා දෙන්නේ කුමක්ද, කුමන කොන්දේසි යටතේද සහ ක්‍රියාවලියට කොපමණ කාලයක් ගතවේද යනාදියයි . බොහෝ කුලීකරුවන් ඇතුල්වීමේ අවස්ථාව හොඳින් අවබෝධ කරගත්තද, ඔවුන් ගැටුමකට පැමිණෙන තුරු පිටවීමේ අවස්ථාව පිළිබඳව කිසිදු අවධානයක් නොදක්වයි.
ස්ථානයකට එකඟ වීමට පෙර අදියර තුනම ලියා තැබීමෙන් සංකීර්ණ තත්වයක් පැහැදිලි සංසන්දනයක් බවට පත් කරයි.
තැන්පතුකින් සැබැවින්ම ආවරණය වන දේ සහ නොවන දේ
තැන්පතුවක් අමතර කුලියක් ලෙස නොව ආරක්ෂාවක් ලෙස තබා ගනී. සාධාරණ කුලී ගිවිසුමකදී, කුලීකරු විසින් තැන්පතු භාවිතා කළ හැක්කේ කුලීකරුවා ගිවිසුම සපුරා නොමැති විට, වගකීම් නොගෙවූ විට, හෝ දේපළට අසාමාන්‍ය හානි සිදු වූ විට පමණි.
සාමාන්‍ය පරිහරණයෙන් පහත පරිදි ඇතිවිය හැකි හානි අසාමාන්‍ය හානියක් නොවේ.
· බිත්ති පැහැය අඩු වීම
· මහල භාවිතයෙන් පෙන්නන ලක්ෂණ
· උපකරණ භාවිතයේදී ඇති විය හැකි ක්ෂය වීම්
මේ සඳහා තැන්පතුවෙන් අඩු කරන කුලීකරු තැන්පතුව අනිසි ලෙස භාවිතා කරයි.
තැන්පතුවක් ගෙවීමට පෙර පහත ලෙස ලිඛිතව කරුණු තුනක් විමසන්න:
· නිශ්චිත මුදල
· එය තබා ගන්නේ කොහේද
· එහි ඕනෑම කොටසක් තබා ගත හැකි නිශ්චිත කොන්දේසි.
පිළිතුරු අපැහැදිලි නම් හෝ එක් සංවාදයකින් තවත් සංවාදයකට වෙනස් වුවහොත්, එය නවතා සිටීමට හේතුවක් මිස වැඩි විශ්වාසයක් තැබීමට හේතුවක් නොවේ.
ඇපකරු, පොරොන්දු ලිපි සහ අනෙකුත් ආරක්ෂණ ඉල්ලීම්
සමහර ඉඩම් හිමියන් තැන්පතුවකට වඩා වැඩි යමක් ඉල්ලා සිටියි. ඔවුන්ට:
· ඇපකරුවෙකු
· පොරොන්දු පත්‍රයක්
· පසු දිනයක් සඳහන් කරගත් චෙක්පත් ඉල්ලා සිටිය හැකිය.
මේවා විවිධ අවදානම් සහිත විවිධ මෙවලම් වන අතර කිසි විටෙකත් එකිනෙකට හුවමාරු කළ හැකි ලෙස නොසැලකිය යුතුය.
ඇපකරුවෙකු : කුලී නිවැසියාට නොහැකි නම් වගකීම් ආවරණය කිරීමට එකඟ වන අයෙකි. එම පුද්ගලයා සැබෑ මූල්‍ය අවදානමක් ගනී.
පොරොන්දු පත්‍රයක් : බලාත්මක කළ හැකි විධිමත් අත්සන් කරන ලද කැපවීමකි.
පසු දින චෙක්පත් : මේවා චෙක්පත්වල බර දරයි.
ඉඩම් හිමියෙකු එකවර ආරක්ෂක අයිතම කිහිපයක් ඉල්ලා සිටින්නේ නම්, සම්පූර්ණ පැකේජය ප්‍රවේශමෙන් සමාලෝචනය කරන්න. සෑම අයිතමයක්ම තනිවම කුඩා ලෙස පෙනෙන්නට පුළුවන. සියල්ලම එකතු වූ පසු කුලී නිවැසියාට සහ ඔවුන්ගේ ඇපකරුට ඉතා බර වගකීමක් ඇති කළ හැකිය.
සේවකයින්ට අමතක වන වියදම්
කුලිය යනු දැන්වීමේ (listing) මත සඳහන් සංඛ්‍යාවයි. සැබෑ මාසික වියදම යනු ඒ සඳහා විදුලිය, ජලය, අන්තර්ජාලය, ගෑස්, ගෘහ නඩත්තු ගාස්තු, සහ සමහර විට පිටවෙන අවස්ථාවේ පිරිසිදු කිරීමට වැයවන ගාස්තුව සමග එකතු කළ මුදලයි. මෙම දෙක අතර ඇති වෙනස නිසා බොහෝ නිවාස ආර්ථික සැලසුම් බිඳෙනු ඇත.
අඩු කුලී ගෙවීමක් ලෙස පෙනෙන කාමරයක් මාසිකව වැඩි වියදමක් (විදුලි, ජල, අන්තර්ජාල සහ නඩත්තු ගාස්තු) ඇති කළ හැකිය. වෙළඳ දැන්වීමක කුලී වියදම පමණක් සංසන්දනය කිරීම කුලී නිවැසියන් කරන වඩාත් සුලභ හා මිල අධික වැරදි වලින් එකකි.
ගණනීය වෙනස්කම් සමහර විට කාලගුණය අනුව ද වෙනස් විය හැක. වියදම් කාලය අනුව වෙනස් වන්නේද යන්න විමසීම ද වැදගත්ය. විදුලි ගාස්තුව ග්‍රීෂ්ම කාලයේදී වැඩි විය හැක. විශේෂයෙන් හවුලේ භාවිත කරන නිවසක/කාමරයක වායු සමීකරණ වැඩි ලෙස භාවිතා කරන විට, බිල්පත් පිළිබඳ පරික්ෂා නොකරන හෝ සාකච්ඡා නොකරන විට වියදම අසාධාරණ ලෙස ඉහළ යා හැක.
නිවාස දෙකක් සාධාරණව සසඳන්නේ කෙසේද
සැලකිය යුතු විකල්ප සඳහා ලිඛිත ලැයිස්තුවක් භාවිතා කරන්න:
· මාසික කුලිය
· තැන්පතු මුදල
· අවශ්‍ය ආරක්ෂණ වර්ගය
· ජලය, විදුලිය, අන්තර්ජාලය, ගොඩනැගිලි ගාස්තු
· රැකියාවට යාමට ඇස්තමේන්තුගත ගමන් පිරිවැය
· එකවර ගෙවිය යුතු පිවිසුම් ගාස්තු
පසුව නොව එම අවස්ථාවේ දීම කළ යුතුය.
කෙටි සංචාරයකින් පසු නිවාස දෙකක් එක හා සමාන බවක් දැනිය හැකි නමුත් වැඩි ආරක්ෂිත එක සාමාන්‍යයෙන්,
· පැහැදිලි ලේඛන ඇති
· පැහැදිලි නොවන අමතර ගාස්තු අඩු
· රැකියාවට යාම සඳහා ගමන් පහසුකම් ඇති නිවසයි.
බහුලව සිදු වන ගෙවීම් වැරදි
- කාමරයක් අහිමි වෙයි කියා සිතමින් ඉක්මනින් මුදල් ගෙවීම බහුලව සිදු වන වැරැද්දකි. මෙවැනි පීඩනය බොහෝවිට මිනිසුන්ට ලේඛන හොඳින් කියවීම වැළැක්වීමට යොදාගන්නා එකකි.
- රිසිට්පතක් නොමැතිව මුදල් (cash) ගෙවීම තවත් වැරැද්දකි. මුදල් ලැබුණු බව සඳහන් කෙටි පණිවිඩයක්,
· මුදල
· දිනය
· ලිපිනය
· ගෙවීමේ හේතුව
පැහැදිලිව සඳහන් කරන නිල ලේඛනයකට සමාන නොවේ. නිවැරදි රිසිට්පතක් හෝ බැංකු හුවමාරු වාර්තාවක් පමණක් සැබෑ ආරක්ෂාවක් ලබා දෙයි.
- තැන්පතු සහ පළමු මාසික කුලිය එකට මිශ්‍ර කර ගැනීම තවත් වැරැද්දකි.
ගිවිසුම තුළ එය පැහැදිලිව වෙන් කර නොමැති නම්, පසුව එම වෙනස තහවුරු කරගැනීම ඉතා අපහසු වේ. - පිටවීමේ අවධිය ගැන සැලකිලිමත් වීම.
පිවිසීමේ අවධිය සමඟම, පිටවීමේ අවධියටද සමාන අවධානයක් දිය යුතුය.
· තැන්පතු ආපසු ලැබෙන ආකාරය
· එය ලැබෙන කොන්දේසි
· කාලසීමාව
මෙම සියල්ලම මුලිකවම නිවාස තේරීමේ කොටසක් වේ.
පිටවීමට උත්සාහ කරන අවස්ථාවේදී පමණක් මේ ගැන සිතන කුලීකරුවන්ට ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා පැහැදිලි නොවන තත්වයන්ට මුහුණදීමට සිදුවේ.
නිගමනය
ආරක්ෂිත නිවාස තීරණ ගන්නා අය, මුදල් ගෙවීමට පෙර සන්සුන්ව සහ පැහැදිලිව ප්‍රශ්න කරති:
· මෙම ගෙවීම කුමක් සඳහාද
· එය ගෙවිය යුතු වේලාව කවදාද
· එය සනාථ කරන ලේඛන මොනවාද
· ඔබ පිටවෙන විට එම මුදලට සිදුවන්නේ කුමක්ද
කුලිය යනු සම්පූර්ණ මාසික නිවාස වියදමේ එක් කොටසක් පමණක් ලෙස සලකන සේවකයන්
සාමාන්‍යයෙන්
· වැඩි ස්ථාවරතාවයක් පවත්වා ගනී,
· නිතර නිතර නිවාස මාරු නොකරයි,
· මුදල් අහිමි වීමද අඩු වේ.
එයට වෙනස්ව, දැන්වීමේ සඳහන් මිල පමණක් අවධානය යොමු කරන අයට, බොහෝවිට වැඩි ගැටළු සහ අමතර වියදම් මුහුණ දීමට සිදු වේ.

Comments