හැඳින්වීම

ගුවන් තොටුපළේ ඇතිවන ආතතිය බොහෝ විට ආරම්භ වන්නේ නිවසේදීමය. එනම් කල් ඉකුත් වීමට ආසන්න ගමන් බලපත්‍රයක්, කිසිවිටකත් පරීක්ෂා නොකළ වීසා විස්තරයක් හෝ අස්ථානගත වූ ලේඛනයක් නිසා පරීක්ෂා කර ඇතුලුවීමට(check-in) පෙරම බරපතල ගැටලු ඇති විය හැක.

වඩා හොද ගුවන් තොටුපළ අත්දැකීමක් ලැබෙන්නේ අවසන් මොහොතේ කලබලව හැසිරෙන පුද්ගලයාට නොව, පෙර සැලසුම් කළ පුද්ගලයාටය.

වේලාසනින් පැමිණීම: Ben Gurion ගුවන් තොටුපළේ පැය තුනේ නීතිය

Ben Gurion ගුවන් තොටුපලෙහි ආරක්ෂක ක්‍රියාවලිය දැඩිව ක්‍රියාත්මක කරයි. යුරෝපා සංගමයෙන් පිටත ගමනාන්ත සඳහා, විශේෂයෙන් පළමු වර හෝ අඩු වාර ගමන්කරුවන් සඳහා, ගුවන් ගමනට අවම වශයෙන් පැය තුනකට පෙර පැමිණීම නිර්දේශ කරයි.

Ben Gurion හි ආරක්ෂක පරීක්ෂණවලදී ඔබගේ ගමන් අරමුණ, රැකියාව සහ සංචාර විස්තර පිළිබඳ ප්‍රශ්න අසනු ඇත. සන්සුන්ව, කෙටිව සහ සෘජුව පිළිතුරු දීම වඩාත් ඵලදායී වේ. ඔබගේ රැකියා සම්බන්ධතා විස්තර, රැකියා බලපත්‍රය සහ ආපසු පැමිණීම පිළිබඳ විස්තර පහසුවෙන් ලබාගත හැකි ලෙස තබා ගැනීම ක්‍රියාවලිය වේගවත් කරයි.

Ben Gurion ගුවන් තොටුපළෙන් පිටත්වීමේදී බලාපොරොත්තු විය හැක්කේ කුමක්ද

• යුරෝපා සංගමයට අයත් නොවන ගුවන් ගමන් සඳහා, පිටත්වීමට අවම වශයෙන් පැය 3කට පෙර පැමිණෙන්න.

• ආරක්ෂක නිලධාරීන් ඔබගේ රැකියාව, නවාතැන්, සහ ගමන් අරමුණ පිළිබඳ ප්‍රශ්න අසිය හැක.

• සන්සුන්ව, කෙටි පිළිතුරු සහ සනාථ කරන ලේඛන සමඟ පිළිතුරු දීමෙන් ක්‍රියාවලිය වේගවත් වේ.

ගුවන් ගමනට පෙර නිවසේදී පරීක්ෂා කළ යුතු දේ

• ගමන් බලපත්‍රයේ වලංගුභාවය සහ භෞතික තත්ත්වය – එය සම්පූර්ණ සංචාරය සඳහා සහ අවම වශයෙන් මාස හයකට වලංගු බව තහවුරු කරන්න.

• වත්මන් වීසා හෝ ඇතුල්වීමේ අවසර විස්තර.

• ආරක්ෂක පරීක්ෂාවේදී හෝ ආපසු පැමිණීමේදී වැදගත් විය හැකි රැකියා ලේඛන.

• Booking (වෙන්කිරීමේ) එකේ නම ලියන ආකාරය ගමන් බලපත්‍රයේ නමට සම්පූර්ණයෙන්ම ගැලපිය යුතුය.

• සියලු වැදගත් ලේඛන පිටපත් එකම දුරකථනයක නොව, ස්ථාන කිහිපයක සුරක්ෂිත කර තබා ගැනීම.

දේශසීමා පරීක්ෂා (Border checks) වැදගත් වන්නේ ඇයි

දේශසීමා නිලධාරීන් ඔබගේ ලේඛන පරීක්ෂා කර ගමන් විස්තර පිළිබඳ ප්‍රශ්න අසයි. මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් මිස බිය විය යුතු දෙයක් නොවේ. මෙහිදී වඩාත් ඵලදායී වන්නේ පැහැදිලි ලේඛන සහ කෙටි, නිවැරදි පිළිතුරුය.

ඔබගේ තත්ත්වය අසාමාන්‍ය නම්, එය පැහැදිලි කරන ලේඛනයක් රැගෙන යාම වැදගත් ය. දිගු වචන පැහැදිලි කිරීම් වලට වඩා එක් සරල ලේඛනයක් බොහෝ විට වඩා බලවත් වේ.

සාමාන්‍යයෙන් වළක්වාගත හැකි ගැටලු

• කල් ඉකුත් වීමට ආසන්න හෝ හානි වූ ගමන් බලපත්‍රයක් සමඟ ගමන් කිරීම.

• වෙන්කිරීමේ(booking) අංකය සහ විදේශ ගමන් බලපත්‍රය අතර නම නොගැලපීම.

• නැවත ඇතුල්වීම සඳහා වීසා තත්ත්වය තහවුරු නොකර ඊශ්‍රායලයෙන් පිටවීම.

• සියලු ලේඛන එකම දුරකථනයක තබා, බැටරි අඩු වීමෙන් අසීරුතාවයට පත්වීම.

නිගමනය

ගුවන් තොටුපළ ගමන් වඩා සන්සුන් වන්නේ ඔබ සංවිධානාත්මකව සූදානම් වීමෙන්ය: ලේඛන කලින් පරීක්ෂා කිරීම, වේලාවට පෙර පැමිණීම, සහ ප්‍රශ්නයක් අසන විට අවශ්‍ය දේ රැගෙන යාම.

ගුවන් තොටුපළ ප්‍රතිලාභ දක්වන්නේ සූදානම මිස කලබලකාරී තත්ත්වයට නොවේ.

විශේෂඥයාගෙන් අසන්න

“මගේ විදේශ ගමන් බලපත්‍රය කල් ඉකුත් වීමට මාස පහක් පමණ ඉතිරිව ඇත. මම ශ්‍රී ලංකාවට ගොස් ඊශ්‍රායලයට ආපසු යාමට සැලසුම් කරමි. මාස පහක් ප්‍රමාණවත්ද, නැතහොත් සංචාරය කිරීමට පෙර මම අලුත් කළ යුතුද?”

ඔබේ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න: LankaConnect.com/ask-the-expert

Comments

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Sign In

Register

මුරපදය යළි සකසන්න

Please enter your username or email address, you will receive a link to create a new password via email.